යුක්රේනය ආක‍්‍රමණය කළහොත් රුසියානු සමාගම්වලට ඩොලර් සහ ස්ටර්ලින් පවුම් කපනවා

795

බි‍්‍රතාන්‍ය අගමැති බෝරිස්  ජොන්සන් තර්ජනය කරයි

යුක්රේනය ආක‍්‍රමණය කළහොත් ලන්ඩන් නුවර ඇති රුසියානු තෙල් සමාගම් සහ වෙනත් සමාගම්වලට ඩොලර් සහ ස්ටර්ලින් පවුම් කපා හරින බව බි‍්‍රතාන්‍ය අගමැති බෝරිස් ජෝන්සන් තර්ජනය කර ඇත.

මේ වනවිට රුසියානු යුද්ධ ටැංකි සමූහයක් යුක්රේන දේශසීමාවේ ස්ථානගත වී තිබේ. මෙයට අමතරව යුද වාහන 200ක් යුක්රේන දේශසීමාව වෙත ඇදෙන බව ද වාර්තා වී තිබේ. යුක්රේනයේ බෙදුම්වාදී ප‍්‍රාන්තයක් වූ ඩොනෙට්ස්කි හි වාහන බෝම්බයක් ද පිපිරී ඇත. නැෙඟනහිර යුක්රේනයේ 1556 වරක් සටන් විරාමය ද උල්ලංඝනය වී තිබේ. මේ අතර ජර්මනිය තම රටවැසියන්ට යුක්රේනයෙන් ඉවත් වන ලෙස නියෝග කර ඇත.

ජර්මානු ගුවන් සේවාව ද යුක්රේනයට ගුවන් ගමන් පැවැත්වීම නතර කර තිබේ. මේ පසුබිම මැද රුසියාව සිය න්‍යෂ්ටික මිසයිල අභ්‍යාස පැවැත්වීම ගැන ද බටහිර රටවල කනස්සල්ට හේතු වී ඇත.


සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment