යුක්රේනය ආක‍්‍රමණය කළොත් මහා විනාශයක් වෙනවා 50,000ක් මියයනවා?

909

පන්ලක්‍ෂයක් අනාථ වෙයි – ඇමෙරිකානු බුද්ධි නිලධාරීහු හෙළි කරති

රුසියානු හමුදාව යුක්රේනය ආක‍්‍රමණය කළහොත් 50,000ක් මරුමුවට පත් වී මිලියන පහක ජනතාවක් අනාථයන් බවට පත්වන්නේ යැයි ඇමෙරිකානු බුද්ධි නිලධාරීහු පවසති.

මෙයට ප‍්‍රතිචාර දක්වන රුසියානු මාධ්‍ය පවසන්නේ ඇමෙරිකාව සහ බටහිර රටවල් ගිනි ඇවිලවීමේ මෙහෙයුමක නිරත වී සිටින බවයි. යුක්රේනය පිළිබඳව ඇති වී තිබෙන තත්ත්වය සමතයකට පත්කිරීම සඳහා ප‍්‍රංශයේ මාකොන් සහ රුසියානු නායක පුටින් අතර සාකච්ඡුාවක්ද පවත්වා තිබේ. රුසියානු නිලධාරීන් අතර පැවැති පණිවුඩ හුවමාරුවකින්ද හෙළි වී ඇත්තේ ජනපති පුටින් යුක්රේනය ආක‍්‍රමණය කළහොත් සිදුවන විනාශය ගැන තැකීමක් නොකරන බවයි. මේ අතර ඇමෙරිකානු බලධාරීන් පැවසූවේ පුටින්ගේ

නියෝග වලට කිසිම නිලධාරියකු එරෙහි නැති බවයි.

යුක්රේනය ආක‍්‍රමණය කරයිද? මේ අතර රුසියානු ජනපති වැලඩමීර් පුටින් යුක්රේන් ආක‍්‍රමණයක් සිදුනොවන බවට පවසා තිබේ. එහෙත් 130,000ක රුසියානු හමුදාවක් යුක්රේන දේශ සීමාවේ සිටිති.

යුක්රේනය මුහුණ පා ඇති තවත් බරපතළ ප‍්‍රශ්නයක් නම් එරටද බෙදුම්වාදී කණ්ඩායමක් සිටීමයි. මේ පසුබිම මත ඇමෙරිකානු ගුවන් යානා ප‍්‍රවාහන නෞකා මධ්‍ය ධරණී මුහුදට පැමිණ තිබේ. යුරෝපයේ ඇති වී තිබෙන යුද උණුසුම වර්ධනය වීමට මූලික හේතුව වී ඇත්තේ පැරණි සෝවියට් ප‍්‍රාන්තවලට ඇමෙරිකානු හමුදා භටයන්ගේ ආගමනයයි. පෝලන්තය, ජර්මනිය සහ ලිතුවේනියාවටද ඇමෙරිකානු භට සේනාංක පැමිණ තිබේ. එහෙත් ස්පාඤ්ඤය තමන් යුද භටයන් එවන්නේ නැතැයි දක්වා තිබේ.

මේ තත්ත්වය මත රුසියාව යම් ලෙසකින් යුක්රේනය ආක‍්‍රමණය කළහොත් දින 2 කදී කිව් අගනුවර ඇතුළු මුළු යුක්රේනයම අල්ලා ගැනීමට හැකිවන බව ඇමෙරිකානු බුද්ධි නිලධාරීහු හෙළි කරති. රුසියාව සතු බරක් ගුවන් ප‍්‍රහාරක පද්ධතිය යුක්රේන් ප‍්‍රහාරක යානාවලට අභියෝගයකි. මැලේසියානු යානාවකට ප‍්‍රහාර එල්ල වූයේද බරක් ප‍්‍රහාරක පද්ධතියකිනි. මේ අතර තම රටවැසියන් යුද්ධයට පුහුණු කිරීමට යුක්රේන රජය ක‍්‍රියාකරගෙන යයි. මේ වනවිට ස්වෙච්ජා භටයන් 10000ක්ද පුහුණු කර තිබේ. මෙවන් තත්ත්වයක් මත යුක්රේන රුසියානු දේශ සීමාවේ දැඩි ශීතල තත්ත්වයක් පවතී. ඇමෙරිකානු මාධ්‍ය පැවසූවේ යුක්රේන ආක‍්‍රමණයේ තීන්දුව ඇත්තේ රුසියානු ජනපති පුටින් අතේ බවයි.

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment