යුක්රේන් ජනපති ඝාතනයට ආ චෙච්නියානු විශේෂ බළකා ජෙනරාල් මරුට – යුක්රේන් ජනපති යුද බිමේ

1349

* බෙලරුස් දේශ සීමාවේදී  සාම සාකච්ඡාවට යුක්රේනය එකඟවේ

* සාමාන්‍ය වැසියෝ 240ක් මරුට:  ලක්ෂ දෙකක් රටින් පලා යති

යුක්රේන් ජනපති ඝාතනයට ආ චෙච්නියානු විශේෂ බළකා ජෙනරාල් මරුට - යුක්රේන් ජනපති යුද බිමේ

රුසියාව සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමට යුක්රේනය එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (27 දා) පැවසීය. ඒ අනුව බෙලරූස් දේශ සීමාවේදී එම සාකච්ඡුා පැවැත්වීමට යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි එකඟතාව පළකර ඇතැයි ද සඳහන් වේ.

යුක්රේන් ජනපති ඝාතනයට ආ චෙච්නියානු විශේෂ බළකා ජෙනරාල් මරුට - යුක්රේන් ජනපති යුද බිමේ

යුක්රේන බලධාරීන් සමඟ සාකච්ඡුා කිරීම සඳහා රුසියානු නියෝජිත පිරිසක් බෙලරුසියානු නගරයක් වන හෝමෙල් වෙත පැමිණ ඇති බව ක්‍රෙම්ලිනය පවසා තිබේ. මේ අතර රුසියානු හමුදා යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් වෙත ඇතුළු වී තිබේ.

යුක්රේන් ජනපති ඝාතනයට ආ චෙච්නියානු විශේෂ බළකා ජෙනරාල් මරුට - යුක්රේන් ජනපති යුද බිමේ

ඉරිදා උදෑසන සමාජ මාධ්‍යවල ප‍්‍රචාරය වූ දර්ශනවලින් පැහැදිලි වූයේ රුසියාවේ දේශසීමාවට ආසන්නව නැගෙනහිර යුක්රේනයේ පිහිටා ඇති මිලියන 1.41 ක ජනගහනයක් සිටින කාර්කිව් හරහා පුටින්ගේ හමුදා ගමන් කරමින් සිටින බවයි.

යුක්රේන් ජනපති ඝාතනයට ආ චෙච්නියානු විශේෂ බළකා ජෙනරාල් මරුට - යුක්රේන් ජනපති යුද බිමේ

යුක්රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමට එවන ලද චෙචන් විශේෂ බළකායේ සෙබළුන් කණ්ඩායමක් ඝාතනය කිරීමට යුක්රේන හමුදා සමත්ව ඇති බව බි‍්‍රතාන්‍ය පුවත් සේවා කියයි. මෙහිදී චෙච්නියානු විශේෂ බළකායේ ප‍්‍රධානියකු වන ජෙනරාල් මැගොමඞ් ටුෂෙව් ඝාතනයට ලක්ව තිබේ. ඔහු 141 වන ජාතික ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරියා විය. මෙය චෙචන් රාජ්‍ය නායක රම්සාන් කදිරොව්ගේ ප‍්‍රභූ බළකාය විය.

සෙනසුරාදා රාත‍්‍රියේ සහ ඉරිදා උදෑසන පැවති සටන්වලදී රුසියන් හමුදා යුක්රේන අගනුවර කියෙව් අල්ලා ගැනීමට අසමත් වී තිබේ.

මේ අතර යුක්රේන ජනාධිපතිවරයා ‘විදේශීය හමුදාවක්’ නිර්මාණය කිරීම සඳහා විදේශීය සටන්කරුවන්ට තම රටට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. ජනාධිපති සෙලෙන්ස්කි සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මෙම පණිවුඩය නිකුත් කර ඇති අතර විදේශිකයන්ට රුසියානුවන්ට එරෙහිව සටන් වැදීම සඳහා අත්වැල් බැඳ ගන්නා ලෙස ආරාධනා කර තිබේ. එම සටහන මෙසේය: ‘යුකේ‍්‍රනය, යුරෝපය සහ ලෝකය ආරක්ෂා කිරීමට සම්බන්ධ වීමට කැමති ඕනෑම කෙනෙකුට රුසියානු යුද අපරාධකරුවන්ට එරෙහිව යුක්රේනියානුවන් සමඟ කරට කර සටන් කළ හැකිය.’

යුකේ‍්‍රනය ආක‍්‍රමණය කිරීමට පැමිණි රුසියානු සෙබළුන් 4,300ක් පමණ මරණයට පත්ව ඇති බව යුක්රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය හැනා මල්යාර් ඉරිදා ප‍්‍රකාශ කර තිබිණි. නමුත් මේ දත්ත වෙනත් පාර්ශ්ව විසින් තහවුරු කර නැත.

මේ දක්වා සටන්වලින් සාමාන්‍ය වැසියන් 240ක් මියගොස් තිබේ. වැසියන් ලක්ෂ දෙකක් රටින් පිටව ගොස් ඇති අතර වැඩිම පිරිස පෝලන්තයට ගොස් තිබේ. මේ අතර ජපානයේ කෝටිපතියකු වන හිරෝෂි මිකිතානි යුක්රේනයට ඩොලර් මිලියන 8.7ක් පරිත්‍යාග කර තිබේ.

මිකිතානි පැවසුවේ තමා 2019 දී කියෙව් වෙත ගොස් ජනපති සෙලෙන්ස්කි හමුවූ බවයි. ”සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුක්රේනය අසාධාරණ බලවේගයක් විසින් පාගා දැමීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අභියෝගයක් බව මම විශ්වාස කරමි.’’ ඔහු යුක්රේන ජනපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

මේ අතර ඇමෙරිකාව ඩොලර් මිලියන 350 ක් පමණ වටිනා ආයුධ යුක්රේනයට යැවීමට කටයුතු කර ඇත. ජර්මනිය සහ ප‍්‍රංශයද හමුදා උපකරණ යවයි.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment