යුක්රේන් – රුසියා දේශසීමාවේ ලක්‍ෂයක හමුදාවක්

816

* ඇමෙරිකාව යුද නැව් 6ක් මධ්‍යධරණී මුහුදට යවයි
 

 ඇමෙරිකානු යුදනැව් 6ක් ප‍්‍රමුඛ ප‍්‍රහාරක බළකායට මධ්‍යධරණී මුහුදේ ස්ථාන ගතවන ලෙස ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් නියෝග කර ඇත.

යුක්රේන් - රුසියා දේශසීමාවේ ලක්‍ෂයක හමුදාවක්

යූඑස්එස් හැරී ටෘමන් නමැති ගුවන් යාත‍්‍රා ප‍්‍රවාහන නෞකාවද ඊට අයත් වේ. යුක්රේන් රුසියානු දේශසීමාවේ 100,000ක සේනාවක් රැුඳී සිටීම නිසා ඇමෙරිකාව මෙම පියවර ගෙන තිබේ. රුසියාව කොයි මොහොතේ හෝ යුක්රේනයට කඩා වදිනු ඇතැයි ඇමෙරිකාව සැකකරයි. පසුගිය වසර 7 තුළ එම දේශසීමා ගැටුම් වලින් 14000කට අධික පිරිසක් මරුමුවට පත්වූහ. ඇමෙරිකානු ආරංචි මාර්ග හෙළි කළේ ජසින්තෝ මිසයිල නෞකාවූ, කෝලේ, බෙන්රිජ්, ගේ‍්‍රව්ලි, ජේසන් ඩුන්හාට් යන යුදනැව් මධ්‍යධරණී මුහුදට පැමිණ ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment