යුක්රේන අගනුවරින් රුසියාව සිය හමුදා ඉවත් කර ගනී – පෙන්ටගනය

811

යුක්රේනයේ නැගෙනහිර කලාපය ආක‍්‍රමණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් රුසියානු හමුදාවන් යුක්රේනයේ අගනුවර වන කිව් නගරයෙන් හා උතුරු යුක්රේන නගරයක් වන චර්නිහිව් නගරයෙන් පෙරේදා (06දා) වන විට සම්පූර්ණයෙන් ඉවත් කරගෙන තිබූ බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය විසින් නිවේදනය කර තිබේ. ‘‘අප විසින් මේ පිළිබඳව සිදු කළ විමසා බැලීමකදී කිව් නගරයේ සිටි සියලූ රුසියානු හමුදා භටයන් ඉවත්ව ගොස් ඇති බව අනාවරණය වූවා’’ පෙන්ටගනයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

ඇමරිකානු හා යුරෝපා බුද්ධි අංශ විසින් ඉකුත් දින කිහිපයේ සිදු කර ඇති නිරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ යුක්රේන හමුදාවන්ගේ හා සිවිල් වැසියන්ගේ දරුණු ප‍්‍රහාරයන්ට ලක් වීමත් සමගම රුසියානු හමුදා භටයන් විශාල පිරිසක් මිය යන්නට හෝ තුවාල ලැබීම හේතුවෙන් රුසියානු හමුදා යුක්රේනයේ අගනුවරින් ඉවත්ව යෑමට තීරණය කරන්නට ඇති බවකි. මෙම තත්ත්වය මත නැගෙනහිර යුක්රේන කලාපයේ වෙනම රාජ්‍යයක් ඉල්ලා යුක්රේන හමුදාවන් සමග සටන් වැද සිටින බෙදුම්වාදී කණ්ඩායම්වල සහාය රුසියාවට හිමි වීම නිසා එම කලාපය ආක‍්‍රමණය කිරීමට රුසියාව විසින් සැලසුම් කර ඇති බවද වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment