යුක්රේන ආක‍්‍රමණයට බෙලාරුස් විශේෂ බළකායද එක්වෙයි – ඉදිරි පැය 24 තීරණාත්මකයි – යුක්රේන්  ජනපති කියයි

1695

* ඇමරිකාව ඩොලර් මිලියන 600ක අවි ආයුධ යුක්රේනයට යවයි

 * සාම සාකච්ඡා නොතකා  කයිව් නගරයට සැතපුම් තුනක් දිගට යුද රථ බළකායක්

 * හය ලක්ෂයක් යුක්රේන් ජනතාව අනාථ වෙති

යුක්රේන ආක‍්‍රමණයට බෙලාරුස් විශේෂ බළකායද එක්වෙයි - ඉදිරි පැය 24 තීරණාත්මකයි - යුක්රේන්  ජනපති කියයි
බෙලාරුස් ජනපති ලූක්සෙන්කෝ

යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ යෙදී සිටින රුසියානු හමුදාවට සහාය පිණිස බෙලාරුස් රාජ්‍යය ද එක්වී ඇත. යුක්රේන බුද්ධි සේවාව හෙළි කළේ බෙලාරුස් ජනපති ඇලැක්සැන්ඩර් ලූකාසෙන්කෝ සිය විශේෂ බළකාය කයිවු නගරයට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ප‍්‍රවාහන යානාවලට යවා ඇති බවයි. බෙලාරුස් සිට  යුක්රේනයේ සයිටෝමීර් ගුවන්තොටුපළට රොකට් ප‍්‍රහාරයක් එල්ලවූ බව යුක්රේන බුද්ධි සේවාව හෙළිකර ඇත. මේ අතර රුසියානු ආක‍්‍රමණයෙන් සිවිල් වැසියන් 352 සහ ළමුන් 14ක් මරුමුවට පත්වූ බව යුක්රේනය කියයි. යුක්රේන ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කළේ රුසියානුවන් 4300ක් මියගොස් ඇති බවයි. මෙම විනාශකාරී යුද්ධය නිසා යුක්රේනයේ හය ලක්‍ෂයට අධික ජන සමූහයක් අනාථ භාවයට පත්වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ එක්ලක්‍ෂ පනස්දහසක යුක්රේන් ජනසමූහයක් පෝලන්තයට පැමිණි බවයි. මේ අතර බෙලාරුස් ජනපති ලූක්සෙන්කෝ පැවසුවේ යුද්ධය දිගටම පැවතියහොත් ඉදිරියේදී බිහිසුණු තත්ත්වයක් ඇතිවන බවය.

යුක්රේන ආක‍්‍රමණයට බෙලාරුස් විශේෂ බළකායද එක්වෙයි - ඉදිරි පැය 24 තීරණාත්මකයි - යුක්රේන්  ජනපති කියයි

රුසියාවට සම්බාධක පැනවීම තුළින් බටහිර රටවල් විසින් තෙවැනි ලෝක යුද්ධයකට යොමුකරන බවද හෙතෙම තවදුරටත් පළ කළේය. මේ අතර බෙලාරුස්හි ප‍්‍රිපියාර් ගංගාව අසලදී සාම සාකච්ඡුා පැවැත්වීම සඳහා යුක්රේනය නියෝජිත කණ්ඩායම් 2ක් යවා ඇත. යුරෝපා සංගමයද ඊයේ රුසියානු මාධ්‍ය ආයතන වූ රුසියාටුඬේ සහ ස්පුට්නික් වෙතද තහනම් පනවනු ලැබීය.

යුක්රේන ආක‍්‍රමණයට බෙලාරුස් විශේෂ බළකායද එක්වෙයි - ඉදිරි පැය 24 තීරණාත්මකයි - යුක්රේන්  ජනපති කියයි


රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡුා පැවැත්වීමට එක`ගවුවත් ඉදිරි පැය 24 යුක්රේනයට තීරණාත්මක දවසක් බව යුක්රේන ජනපති වැලෙන්ස්කි බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අමතා සඳහන් කළේය. යුක්රේන් ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ සැතපුම් 3ක් දුරට රුසියානු යුද රථ අගනුවර වෙත ඇදෙන බවයි. කයිවු නගරාධිපති විටාලි ක‍්‍රිප්චෙකෝ සඳහන් කළේ නගරයේ මාර්ග අවහිර වී ඇති නිසා නගරවාසීන් පිටකළ නොහැකි බවයි.

යුක්රේන ආක‍්‍රමණයට බෙලාරුස් විශේෂ බළකායද එක්වෙයි - ඉදිරි පැය 24 තීරණාත්මකයි - යුක්රේන්  ජනපති කියයි

රුසියානු ස්පුට්නික් ප‍්‍රවෘත්ති සේවාවද තොරතුරු හෙළි කරමින් යුක්රේන ආක‍්‍රමණය ගැන රුසියාව, බෙලාරුස් රටවල් වගකිවයුතු යැයි නේටෝ සංවිධානය ප‍්‍රකාශ කළ පසු රුසියාව සිය න්‍යෂ්ටික බළකාය සීරුවෙන් තබන ලෙස ජනපති පුටින් නියෝග කර ඇතැයි කීවේය. ඇමරිකානු හිටපු කොංග‍්‍රස් මන්ත‍්‍රීවරියක් වූ තුල්සි ගැබෑවේ ප‍්‍රකාශයක් කරමින් ජෝබයිඩන් පාලනය රුසියාවට සම්බාධක පැනවීම සඳහා යුක්රේන ආක‍්‍රමණය සිදුවන තුරු බලාසිටි බව කීවාය.

යුක්රේන ආක‍්‍රමණයට බෙලාරුස් විශේෂ බළකායද එක්වෙයි - ඉදිරි පැය 24 තීරණාත්මකයි - යුක්රේන්  ජනපති කියයි

යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජියකු කර නොගන්නා බවට බයිඩන් විසින් පුටින්ට ප‍්‍රතිඥා දුන්නේ නම් මේ ආක‍්‍රමණය සිදුනොවන බවද ඇය පළ කළාය. මේ අතර බටහිර රටවල් විසින් යුක්රේනයට සැපයූ ඇමරිකානු ජැවලින් ප‍්‍රහාරක අවි සහ බි‍්‍රතාන්‍ය යුද ටැංකි නාශක මිසයිල විශාල තොගයක් රුසියාව අල්ලාගෙන

 ඇත. දින 5ක් සපිරෙන යුක්රේන් රුසියා අර්බුදය සමතයකට පත්කිරීමට බටහිර රටවල් වලට මෙතෙක් හැකිවී නැත. බටහිර යුක්රේනයේ පිහිටි ලිවිව් දුම්රිය ස්ථානයේ ඒකරාශී වී සිටින දසදහස් ගණනක් යුක්රේන පවුල් දිවි ගළවාගැනීම සඳහා දුම්රියට නැගීමට දරන උත්සාහය විදේශ මාධ්‍යයට දැකගැනීමට හැකිවී ඇත. මේ පසුබිම මැද යුක්රේන ආක‍්‍රමණයට එරෙහිව විරෝධය පෑ රුසියානුවන් 9000ක් පමණ පුටින් පාලනය විසින් අත්ඩංගුවට ගෙන ඇත.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment