යුක්රේන ආක‍්‍රමණයෙන්  රුසියානු ජනරාල්වරු 7ක් මරුට

683

යුක්රේන හමුදාව  රුසියාවේ අධි තාක්ෂණික  විද්‍යුත් පද්ධතිය අල්ලා ගනියි

 රුසියාව දියත් කළ යුක්රේන ආක‍්‍රමණයෙන් මේ වනවිට හමුදා ජනරාල්වරු 7ක් මරුමුවට පත්වී ඇත.

යුක්රේන ආක‍්‍රමණයෙන්  රුසියානු ජනරාල්වරු 7ක් මරුට

ඒ සමගම රුසියානු හමුදාවේ අධි තාක්ෂණික විද්‍යුත් යුද්ධ පද්ධතිය වූ කරුෂ්කා උපාංග පද්ධතිය යුක්රේන හමුදාව විසින් අල්ලාගෙන තිබේ. කයිව් අසල ප‍්‍රදේශයේ දමාගොස් තිබූ මෙම අධි තාක්ෂණික පද්ධතිය බටහිර යුද විශේෂඥයන්ගේ විමර්ශනයට ලක් වී තිබේ.

 මෙම පද්ධතියෙන් චන්ද්‍රිකා පණිවුඩ සහ ඩ්‍රෝන් සහ මිසයිලවල ඉලක්කවලට බාධා කළ හැකි වේ. එසේම නේටෝ යානාවල ගමන් මගද නිරීක්ෂණය කළ හැකිය. මේ සම්බන්ධයෙන් රුසියානු හමුදාව කිිසිදු තොරතුරක් හෙළිකර නැත.

 මේ අතර යුක්රේන ජනපති සෙලන්ස්කි බටහිර රටවල් තක්කඩි කි‍්‍රයාවල නිරත වන බවට චෝදනා කර ඇත. එසේම රුසියානු රජය යුක්රේනය දෙකඩ කිිරීමට සූදානම් වන බව ද ඔහු පළ කළේය.

 යුක්රේනය මධ්‍යස්ථ රටක් ලෙස කි‍්‍රයාකරන බවට ප‍්‍රතිඥාවක් දීමට සූදානම් බව ද හෙතෙම තවදුරටත් කීවේය. යුක්රේනයේ කාර්කිව් සත්වෝද්‍යානයේ සිටි කැන්ගරු සතුන් 10ක් ආරක්ෂිත ස්ථානවලට ගෙනයෑමට බලධාරීන් කටයුතු කර ඇත. මෙයට හේතුව වූයේ එම සත්වෝද්‍යානයේ සිටි සේවකයන් තිදෙනකු සහ ඔරන්ඔටන් සත්වයකු රුසියානු ප‍්‍රහාරවලින් මිය යෑමයි.

advertistmentadvertistment
advertistmentadvertistment