යුක්රේන ජනපති ඝාතන සැලසුමකින් දිවි ගලවා ගනියි

841

25 කගෙන් යුත් ඝාතන කණ්ඩායම අසුවෙයි

යුක්රේන් ජනපති වොලඩමීර් සෙලෙන්ස්කි මරා දැමීම සඳහා රුසියානු විශේෂ ඒකකය ඒවා තිබූ 28 කගෙන් යුත් ඝාතක කණ්ඩායම ස්ලෝවැකියාවේ දී අල්ලා ගත් බව යුක්රේන බලධාරීහු හෙළි කර ඇත.

මොවුන් ස්ලෝවැකියා හංගේරි දේශසීමාවේ දී අසුවී තිබේ. මේ බව කිව් පෝස්ට් පුවත්පත හෙළි කර ඇත. මෙයට පෙර ද සෙලෙන්ස්කි ඝාතනය කිරීමේ උත්සාහයක් අනාවරණය විය. මෙම ඝාතන කණ්ඩායම ගැන වැඩිදුර තොරතුරු හෙළි වී නැත. මේ අතර රුසියානු හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ සෙබළියක් ද යුක්රේන හමුදාවට අසු වී ඇත.

යුක්රේන ජනපතිවරයා සිටින ස්ථානය මෙතෙක් හෙළි වී නැත. එහෙත් රුසියානු බුද්ධි සේවා තොරතුරු මත රුසියානු හමුදාව ජනපතිවරයා සිටින තැන් යැයි සැක කරන ප‍්‍රදේශවලට මිසයිල ප‍්‍රහාර රැුසක් එල්ල කර තිබේ. මේ අතර නිලනොවන ආරංචි මාර්ග පවසන්නේ සෙලෙන්ස්කි පෝලන්ත දේශසීමාවේ සිටින බවයි.

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment