යුක්රේන ජාතික මුහුදු ආරක්ෂකයින් තිදෙනා ගාලු වරායෙන් දෙවට හෝටලයකට

1019

ගාලූ වරායෙන් මෙරටට ගොඩබසිනු ලැබූ යුක්රේන ජාතික මුහුදු ආරක්ෂකයන් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

 මොවුන් පසුගිය 10 වැනි දින ගාලූ වරායෙන් මෙරටට පැමිණ ඇත. මෙකී මුහුදු ආරක්ෂකයන් ඔවුන් සේවය කළ නෞකාවේ සිට ගාල්ල වරායට රැුගෙන, යාත‍්‍රාවේ සේවකයන් ද නිරෝධායනයට ලක්කොට ඇත. මෙකී මුහුදු ආරක්ෂකයන් තිදෙනා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කොට ඇති අතර එහිදී මොවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

 මෙකී මුහුදු ආරක්ෂකයන් තිදෙනා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ගාල්ල දෙවට ප‍්‍රදේශයේ හෝටලයක් සඳහා යොමු කොට ඇත.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment