යුක්රේන මිසයිල ප‍්‍රහාරයෙන් රුසියානු අවි ගබඩාව වැනසෙයි

1400

* කිව් නුවර රුසියානු හමුදා බළකාය අඩු කරන බව රුසියාව පවසයි

 රුසියාවේ බෙල්ගෝරඞ් ගම්මානය අසල පිහිටි අවි ගබඩාවකට එල්ල වූ යුක්රේන මිසයිල ප‍්‍රහාරයකින් එම ගබඩාව මුළුමනින්ම විනාශ වී ඇත.

යුක්රේන මිසයිල ප‍්‍රහාරයෙන් රුසියානු අවි ගබඩාව වැනසෙයි

යුක්රේන දේශසීමාවට සැතපුම් 12ක් ඈතින් මෙම අවි ගබඩාව පිහිටා තිබුණි. යුක්රේනය විසින් රුසියාවට එල්ල කළ 2 වැනි ප‍්‍රහාරය මෙයයි. යුක්රේන 19 වැනි මිසයිල සේනාංකය එල්ල කළ ඕටීආර් ටොච්කා 21 වර්ගයේ ප‍්‍රහාරයෙන් රුසියානු ආයුධ ගබඩාව වැනසුණ බව යුක්රේන මාධ්‍යවේදී යූරි බුටුපොම් තහවුරු කර ඇත. මේ අතර කිව් නගරය වෙත යොමු කර තිබූ සේනාංක අඩු කළ බව රුසියානු ආරක්‍ෂක බලධාරීහු හෙළි කර තිබේ. එහෙත් ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පැවසූවේ සේනාංක ආපසු කැඳවීමක් කර නැති බවයි. සාම සාකච්ඡාවලට මුල්තැන දීම සඳහා මෙම පියවර ගත් බව රුසියානු රජය පළ කළේය. මේ බව රුසියානු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති ඇලෙක්සැන්ඩර් පොසම් අනාවරණය කළේය.

 මෙම සාම සාකච්ඡාවලට යන යුක්රේන නියෝජිත කණ්ඩායමට කිසිදු ආහාර වර්ගයක් හෝ බීම වර්ගයක් පානය කිරීමෙන් වළකින ලෙස යුක්රේන රජය උපදෙස් දී තිබේ. මෙයට පෙර පැවැති සාම සාකච්ඡාවලට සම්බන්ධ නියෝජිතයන් දෙදෙනකු රහසිගත රුසියානු රසායනික ප‍්‍රහාරයකට ලක් වී තිබේ.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment