යුක්‍රේන මිසයිල ප්‍රහාරවලින් රුසියාවේ තෙල් පිරිපහදු දෙකක් ගිනිගෙන වැනසෙයි

734

යුක්‍රේන් දේශසීමාවේ සිට සැතපුම් 70ක් ඈතින් පිහිටි රුසියාවේ බ්‍රයින්ස්ක් නගරයේ තෙල් පිරිපහදු දෙකකට එල්ල වූ යුක්‍රේන මිසයිල ප්‍රහාරයෙන් එම තෙල් මධ්‍යස්ථාන ගිනිගෙන විනාශ වී ඇත. මෙම තෙල් මධ්‍යස්ථාන දෙකින් එකක් යුරෝපයට තෙල් ගෙන යන තෙල් නළ මාර්ගයට සම්බන්ධ වී තිබුණි. අනිත් තෙල් පිරිපහදුව රුසියානු හමුදාවට තෙල් සැපයීමේ යෙදී තිබුණි. මේ අතර රුසියානු ආරක්‍ෂක පර්යේෂණායතනයේ ඇති වූ ගින්නකින් 11ක් මරුමුවට පත් වී ඇත. යුක්රේන යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ සිට ඇමෙරිකානු රජය විසින් යුක්රේනයට ඩොලර් බිලියන 3.7ක යුද ආධාර ලබා දී තිබේ.

විදෙස් පුවත් සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment