යුක්රේන යුද්ධයේ ඇත්ත මෙන්න: ඩොලර් මිලියන 3000 ක බිහිසුණු අවි රටවල් 20 කින් සැපයෙයි

1326

මේ පසුබිම මැද මැයි 8 දාට යෙදෙන ජයග්‍රාහි දිනය සැමරීමේ උත්සවය
වනවිටත් මුළු යුක්රේනය නතු කර ගැනීමට රුසියාවට හැකි වූයේ නැත…


එක් රටකින් පතරොම් 144000 ක් ද ස්ටින්ජර් ගුවන් නාශක අවි 800 යුක්රේනයට
සපයන්නේ නම් යුක්රේන යුද්ධය නතර කළ හැකිද? මින් තහවුරු වන්නේ
නේටෝ සංවිධානයට යුක්රේන යුද්ධය අවශ්‍ය වූ බවයි ….

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර දින 70 ක් ගෙවී ඇත. එහෙත් ජයග්‍රාහකයකු නැත. බලසම්පන්න රුසියාවට ජනරාල්වරු 12 කට වඩා අහිමි වී ඇත. රූබල් මිලියන ගණනක් වටිනා යුද අවි ද විනාශ වී තිබේ. ඇමරිකානු නිලධාරිනියක් පැවසුවේ තව වසර 10 ක්වත් යුද්ධය ක්‍රියාත්මක වන බවයි. මේ පසුබිම මැද රුසියානු ජනපති වැලඩමිර් පුටින් බටහිර උගුලකට ගොදුරු වූ බව දැන් සනාථ වී ඇත.

යුක්රේනය පරාජය කිරීමට නොහැකි වූයේ ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රටවල් ඩොලර් මිලියන ගණනක් වටිනා අවි ආයුධ යුක්රේනයට ලබාදීමයි. බටහිර මාධ්‍ය පැවසුවේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ඇමරිකානු සී අයි ඒ සංවිධානයට අවශ්‍ය වූ බවයි.

මෙයට වසර ගණනකට පෙර ඊශ්‍රායල් රාජ්‍යයේ මොෂේ දයාන් සෙනෙවියා මැද පෙරදිග සියලු රටවල් සමග සටන්වැද ජයගත් අයුරින් රුසියානු ජනපති පුටින් තනිවම සටන් කර ජය ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇත.

යුක්රේන යුද්ධයේ ඇත්ත මෙන්න: ඩොලර් මිලියන 3000 ක බිහිසුණු අවි රටවල් 20 කින් සැපයෙයි

දෙවැනි ලෝක යුද්ධය සමයේ ජර්මානු ආඥාදායක හිට්ලර් රුසියාව පරාජය කිරීමට එවූ බලසම්පන්න ජර්මානු හමුදාව ස්ටාලින්ගේ සෝවියට් හමුදාවෙන් පරාජය විය. එහිදී මියගියේ සෝවියට් ජනරාල්වරු කීපදෙනෙකු පමණි. එහෙත් යුක්රේන ආක්‍රමණයෙන් ජනපති පුටින්ට ජනරාල්වරු 12 කට අමතරව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද රැසක් ද අහිමි විය. එම තත්ත්වය මත ජයග්‍රාහකයා වූයේ කවුද? කිසිදු නේටෝ රටක් රුසියාව සමග සටන් කිරීමට තම හමුදා නායකයන් යුක්රේනයට එව්වේ නැත. ඒ වෙනුවට අලුත්ම යුද ටැංකි නාශක ලැවෙන්ඩර් – මිස්ට්‍රාල් වැනි බිහිසුණු අවි ආයුධ එවීමට ක්‍රියා කළේය. ඇමරිකාව ගුවන් යානා නාශක ස්ටේ්‍රලා ප්‍රහාරක අවි 2000 ක් සපයනු ලැබීය. මේ හැර යුක්රේන පාලනය පවත්වා ගෙන යෑමට ඩොලර් බිලියන 300 ක අරමුදල් ද ලබාදුන්නේය.

මේ තත්ත්වය මැද රුසියාවට සහාය වූයේ සර්බියාව ඇතුළු රටවල් කීපයකි. රුසියානු සෙබළුන් 28000 කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇතැයි අලුත්ම වාර්තාවක සඳහන් විය. එහෙත් යුක්රේන යුද්ධය නතර වී නැත. සිදු වී ඇත්තේ යුක්රේනයේ සියලු යටිතල පහසුකම් විනාශ වීමයි. එසේම රුසියානු හමුදා ක්ෂේත්‍රයට යළි නැඟිටිය හැකිද?

යුක්රේන ආක්‍රමණය සිදුවූයේ පෙබරවාරි 24 දායි. එදා සිට මැයි 5 දා දක්වා වූ කාලය තුළ රුසියාවට සිදු වූ විපත මෙසේය. මියගිය සෙබළුන් සංඛ්‍යාව 28800+300 හමුදා නිලධාරීන් 1048×23, යුද ටැංකි 2519+49, සන්නද්ධ වාහන 159+9, කාලතුවක්කු 153, මල්ටිබැරල් රොකට් යන්ත්‍ර 80, ගුවන් ආරක්ෂක පද්ධති 196, ප්‍රහාරක යානා 156, හෙලිකොප්ටර් 1824+29, ඉන්ධන බවුසර් 8, නැව් සහ බෝට්ටු 271+21, ඩ්‍රෝන් යානා 38+6, බර අවි 84, කෘස් මිසයිල 16.

මේ පසුබිම මැද මැයි 8 දාට යෙදෙන ජයග්‍රාහි දිනය සැමරීමේ උත්සවය වනවිටත් මුළු යුක්රේනය නතු කර ගැනීමට රුසියාවට හැකි වූයේ නැත.

මෙයට පෙර රුසියාව විසින් ක්‍රිමියාව තම පාලනයට ගැනීමේදී බටහිර රටවල් බලා සිටියේය. එහිදී රුසියාව ජයග්‍රාහකයා විය. මේ පසුබිම මැද පැරණි සෝවියට් ප්‍රාන්තයක් වූ යුක්රේනයට බලසම්පන්න රුසියාව සමග සටන් කිරීමට හැකි වූයේ තවත් පැරණි සෝවියට් ප්‍රාන්ත වූ ලැට්වියාවත්, ස්ටෝනියාවත්, ලිතුවේනියාව වැනි රටවල් ද යුක්රේනයට සහාය දැක්වීම නිසාය.

මේ රටවල්වල ද තිබුණේ පැරණි සෝවියට් අවි ආයුධයි. එම අවි ආයුධ රුසියානු හමුදාවට එල්ල විය. ආරංචි මාර්ග දක්වන්නේ යුරෝපා රටවල් 27 ක් යුක්රේනයට අවි සැපයූ බවයි. එසේම රුසියානු තෙල් අලෙවිය නතර විය. ජාත්‍යන්තර බැංකු පද්ධතියට තහනම් පැනවුණි. රූබල් මුදල ව්‍යවහාරය ජාත්‍යන්තරව පිළි නොගන්නා තත්ත්වයට පත්විය. බටහිර රටවල් රුසියාවට බරපතළ ලෙස සම්බාධක පනවනු ලැබුවත් ජනපති පුටින් ඉන් සැලුනේ නැත. යුක්රේන යුද්ධය නිසා මුළු ලොවටම ආර්ථික දුෂ්කරතා මතු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආරක්ෂක මණ්ඩලය බලා සිටින්නෙකුගේ කණ්ඩායමක් බවට පත් විය. යුක්රේනය යනු බටහිර අවි අත්හදා බැලීමේ ස්ථානයක් බවට පත් වුණි. එහෙත් යුද්ධය නතර කිරීමට පාප්වහන්සේට හෝ ලොව කිසිම බලවතකුට නොහැකි විය. මෙම යුද්ධය මානව සංහතියේ ඛේදවාචකයකි.

ගිනිඅවි සැපවූයේ නේටෝ සංවිධානයයි. වසර ගණනකට පෙර බටහිර රටවල් ඉරාකය ආක්‍රමණය කළේය. සදාම් හුසේන් එල්ලා මරා දැමූහ. ලිබියාව ආක්‍රමණය කර නායක ගඩාපි ඝාතනය කළේ ඉතා අමානුෂික ලෙසිනි. අද ලිබියාව අරාජික වී ඇත. ඉරාකයේ ද ස්ථිර බවක් නැත. බටහිර රටවල අරමුණ වූයේ රුසියාව අරාජික කිරීමයි. එහි පෙරහුරුව යුක්රේනයයි. යුක්රේන යුද්ධය ගෙන යෑමට සඳහා රටවල් 32ක් යුක්රේනයට සැපයූ අවි ආයුධ මෙසේය. ඇමරිකාව – ස්ටින්ජර් මිසයිල 1400, ජැවලින් යුද ටැංකි 2600, බර අවි 30, කාලතුවක්කු 600, රයිපල් 500, පිස්තෝල 1000, ග්‍රෙනේට් මිලියන 6, ඩ්‍රෝන් 400, මි.මි’ 155, කාලතුවක්කු 96, කාලතුවක්කු උණ්ඩ 14400, සී 4 පුපුරණ ද්‍රව්‍ය, බි්‍රතාන්‍යය – යුද ටැංකි නාශක අවි 10000, ඩොලර් මිලියන 456 ක්වූ වෙනත් ආයුධ, ස්වීඩනය – යුද ටැංකි නාශක අවි 10000, ස්පාඤ්ඤය ග්‍රෙනේට් විදින 1370, පතරොම් 700000, ස්ලෝවේනියා – විවිධ ආයුධ 47, ස්ලෝවකියා – ගුවන් ආරක්ෂක පද්ධති, රුමේනියා – ඩොලර් මිලියන 3’3 ක අවි, පෘතුගාලය – ජී 3 ස්වයංක්‍රීය අවි, පෝලන්තය – ග්‍රෙනේට් පතුරොම්, උතුරු මැසිඩෝනියාව – හමුදා උපකරණ, නෝර්වේ – යුද ටැංකි නාශක අවි 4006, මිස්ට්‍රල් ගුවන් පද්ධති 100, නෙදර්ලන්තය – ස්ටින්ජර් මිසයිල 200, පතරොම් 30,000, ලක්සම්බර්ග් – යුද ටැංකි නාශක ආයුධ 106, ලිතුවේනියාව – ස්ටින්පර් මිසයිල පද්ධති, ලැට්වියා – ස්ටින්ජර් මිසයිල පද්ධති, ඉතාලිය – මෝටාර් සහ ස්ටින්ජර් මිසයිල, ග්‍රීසිය – ජංගම රොකට් අවි ආයුධ, ජර්මනිය – යුද ටැංකි නාශක අවි 1000, ස්ටින්ජර් මිසයිල 500, ඔස්ටේ්‍රලියාව ඩොලර් මිලියන 51’6 ක යුද්ධ උපකරණ, ඔස්ටි්‍රයාව ඉන්ධන ලීටර් 10000 යුද හිස්වැසුම්, බෙල්ජියම – යුද ටැංකි නාශක අවි 200, ස්වයංක්‍රීය රයිපල් 3000, මැෂින් තුවක්කු 200, රොකට් අවි 4500, කැනඩාව – කාල්ගුස්ටාව් පතරොම් සහ ඩොලර් මිලියන 5000 යුද අවි’ එසේම පසුගිය පෙබරවාරි මස සිට ඩොලර් මිලියන 3 යුද අවි ඇමරිකානු රජය යුක්රේනයට සපයා ඇත’ මෙයට අමතරව ඇමරිකාව විසින් යුක්රේනයට සී – 4 පුපුරණ ද්‍රව්‍ය තොගයක් සපයා තිබේ’ මෙය ඉතාම බිහිසුණු තත්ත්වයකි’ ඇමරිකාව සැපයූ එම පුපුරණ ද්‍රව්‍ය ලොව ත්‍රස්ත කණ්ඩායම් අතට පත්වුවොත් එය ඇමරිකාවට පාරා වළල්ලක් වනු නියතය’ එසේම ඇමරිකානු රජය ස්ටින්ජර් මිසයිල සැපයීම තවත් බියකරු තත්ත්වයකි’ මේ මිසයිල අයිසිස් කණ්ඩායම් වෙත ලැබුණොත් යුරෝපා අහස් කලාපය ආරක්ෂා නොවනු ඇත’ එක් රටකින් පතරොම් 144000 ක් ද ස්ටින්ජර් ගුවන් නාශක අවි 800 යුක්රේනයට සපයන්නේ නම් යුක්රේන යුද්ධය නතර කළ හැකිද? මින් තහවුරු වන්නේ නේටෝ සංවිධානයට යුක්රේන යුද්ධය අවශ්‍ය වූ බවයි’ ඉන් සනාථ වූයේ යුක්රේන යුද්ධයට පෙර ඇමරිකානු බුද්ධි සේවා රුසියානු හමුදා නායකයන් ගැන තොරතුරු රැස් කළ බවයි.

මේ පසුබිම මැද 2 වැනි ලෝක මහා යුද්ධයේදී භාවිතා වූ අවිවලට වටා දසගුණයකින් අවි පසුගිය දින 70 තුළ භාවිතා වී ඇත.

කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment