යුක්රේන යුද්ධය නිසා ලෝකයේ දුගී බව ඉහළ යෑමේ අවදානමක්

379

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ගෝලීය වශයෙන් මතුව ඇති ආහාර අර්බුදය හමුවේ ලෝකය දුගී බව හා මන්දපෝෂණය මුල් කරගත් දැවැන්ත මානුෂීය ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතින බව ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් පවසයි.

යුක්රේනයේ හටගෙන ඇති යුද්ධය තවදුරටත් පැවතියහොත් ලොව පුරා රටවල ආහාරවල මිල ගණන් තවත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් මිලියන සිය ගණනක ජනතාව දුගී බවට හා මන්දපෝෂණයට ගොදුරු වනු ඇති බව ගෝලීය දුගීබව පිටුදැකීමේ ආයතනයේද ප්‍රධානියා වන මල්පාස් අවධාරණය කර තිබේ. “යුක්රේන යුද්ධය හේතුවෙන් ලෝක ආහාර මිල ගණන් ඉහළ යෑමෙන් ජනතාව වැඩි වන මිලට ආහාර මිලදී ගැනීමට නොහැකි තරම් දුගී බවට පත් වීමටත් මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වීමත් නිසා එය ගෝලීය වශයෙන් මානුෂීය ව්‍යසනයකට මගපාදනු ඇත. එවැනි තත්ත්වයක් තුළ වැඩිවන ආහාර මිලගණන් පාලනය කිරීමට නොහැකි රජයන්ට එය දේශපාලනික අභියෝගයක් වනු ඇත. එවැනි රජයන්ට ආහාර මිල ගණන් ඉහළ යන ආකාරය බලමින් සිටීමට සිදුවන වාතාවරණයක් උද්ගත වනු ඇතැයි” ඔහු සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment