යුක්රේන සිවිල් වැසියන්  එක්දාස් දෙසීයක් මරා වළදැමු සමූහ මිනීවළක් හමුවෙයි

463

යුක්රේනයේ සිවිල් වැසියන් 1200ක් වෙඩිතබා මරා වළදමා තිබියදී සොයාගෙන ඇත. මෙම සමූහ මිනීවළ සොයාගෙන ඇත්තේ කිවු නගරයේ අසල ප්‍රදේශයේදීය. මේ ගැන යුක්රේන ජනපති සෙලෙන්ස්කි පැවසුවේ මෙය විශාලතම යුද අපරාධයක් බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ යුක්රේන යුද්ධයෙන් සිවිල් වැසියන් 4322ක් මරුමුවට පත්වී ඇති බවයි. තවත් සිවිල් වැසියන් 2493ක් තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේය.

 මාර්කිව් නගරයේද සිවිල් වැසියන් 132ක් ඝාතනයට ලක්වී තිබේ. මේ අතර යුක්රේනයේ දින්පෝර් ගුවන්තොටුපළ රුසියානු ෂෙල්වෙඩි ප්‍රහාරවලින් විනාශ වී ඇත. යුක්රේන යුද්ධයට අදට දින 48ක් ගතවී ඇතත් රුසියානු හමුදාවට මුළු යුක්රේනය අල්ලා ගැනීමට නොහැකිවී ඇත.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment