යුක්රේන හමුදා හා බෙදුම්වාදීන් අතර ගැටුම්

510

යුක්රේනයේ රජයේ හමුදාවන් හා එරට බෙදුම්වාදී පිරිස් අතර පෙරේදා (17 දා) දිනයේ හටගෙන ඇති වෙඩි හුවමාරුව යුක්රේනය රුසියාව විසින් කුමන මොහොතක හෝ ආක‍්‍රමණය කරන බවට සිදු කර ඇති අනතුරු ඇඟවීමක් බව බටහිර රටවල් විසින් පෙන්වා දී තිබේ.

පෙරේදා උදෑසන සිට යුක්රේන හමුදාවන් හා බෙදුම්වාදීන් අතර ෂෙල් ප‍්‍රහාරයන් හුවමාරු වී ඇති අතර එය යුක්රේනය රුසියාව විසින් ආක‍්‍රමණය කරනු ඇති බවට පළවන ඉඟියක් බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. මේ අතර රුසියාවේ සිටින නියෝජ්‍ය ඇමෙරිකානු තානාපති බාර්ට් ගෝර්මන් රුසියානු රජය විසින් රටින් නෙරපූ බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ එම නිලධාරියා රුසියාවෙන් ඉකුත් සතියේ නික්ම ගොස් ඇති බවයි. වොෂින්ටනයේ සිටින රුසියානු ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකුට රටින් පිටව යන ලෙස ඇමෙරිකානු රජය බල කර ඇති බවටද රුසියාව විසින් චෝදනා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment