යුකේ‍්‍රනයේ කලාප දෙකකට රුසියානු හමුදා

356


යුකේ‍්‍රනයෙන් බිඳී ගිය කලාප දෙකක් වන නැගෙනහිර ප‍්‍රදේශයේ පිහිටි ඩොනෙට්ස්ක් සහ ලුහෙන්ස්ක් ස්වාධින කලාප ලෙස පිලිගන්නා බව රුසියානු ජනාධිපති වැලැදිමියර් පුටින් මහතා ප‍්‍රකාශ කර ඇත.එම කලාප දෙක 2014 වසරේ සිට පැවැතියේ රුසියානු හිතවාදී බෙදුම්වාදීන් යටතේය.ඒ අනුව ඔවුන් විසින් ජනරජයන් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබුණි.මෙම කලාප දෙකෙහි සාමය ආරක්ෂාව සඳහා රුසියානු සෙබලුන් යැවීමටද ජනාධිපති පුටින් නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment