යුකේ‍්‍රනයේ මරියුපොල් නගරය රුසියාවේ බලයට නතුවීමට ආසන්නයි

913

නැගෙනහිර යුකේ‍්‍රනයේ බෙදුම්වාදීන්, රුසියාවේ සන්නද්ධ හමුදාවල ද සහාය ඇතිව යුකේ‍්‍රන  නගරයක් වන මරියුපෝල් වටා දැමූ ‘‘තොන්ඩුව හිරකරන බව” රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ යැයි රුසියාවේ ඍෂ් නොවෝස්ති පුවත් ඒජන්සිය වාර්තා කරයි.

 මරියුපෝල් මධ්‍යයේ සටන් සිදුවෙමින් පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි. සති තුනකට ආසන්න කාලයක් තිස්සේ, මරියුපෝල්  නගරය එය මුළුමනින්ම වටලා සිටින රුසියානු හමුදාවන්ගේ නිරන්තර ෂෙල් වෙඩි ප‍්‍රහාරයන්ට ලක්විය. පුද්ගලයන් 300,000ක් පමණ නගරය තුළ සිරවී සිටින නමුත් 30,000ක් පමණ දෙනා පළායෑමට සමත්වී ඇතැයි වාර්තා වේ. ඇමෙරිකානු බුද්ධිමණ්ඩලයක් වන යුද අධ්‍යයනය සඳහා වූ ආයතනයේ නවතම දෛනික වාර්තාවෙහි වැදගත් කරුණු කිහිපයක්ම අඩංගු විය. එයින් පැවසෙන්නේ, ඉදිරි සති කිහිපය තුළ දීර්ඝ රුසියානු ප‍්‍රහාරයක් මධ්‍යයේ දකුණු වරාය නගරයක් වන මරියුපොල් ඇදවැටීමට ඉඩ ඇති බවයි. යුකේ‍්‍රන ගුවන් හමුදාව පවසන්නේ කළු මුහුදේ සිට කෲස් මිසයිල හයක් එල්ල කෙරුණු බව යි. ඉන් දෙකක් ගුවන් යානා නාශක මිසයිල මඟින් විනාශකර දමා ඇත. ගුවන් හමුදාව පැවසුවේ එම මිසයිල ණය-555 වර්ගයට අයත්, විශාල උපායමාර්ගික බෝම්බ හෙළන යානාවකින් දියත් කරන ලද ගුවන් මිසයිලයක් බව යි.

advertistmentadvertistment
advertistmentadvertistment