යුකේ‍්‍රන සංචාරකයන්ගේ ගාලූ විරෝධතාවට  පැමිණි රුසියානු යුවළක් සමාව අයදිති – ආක‍්‍රමණය වහා නවතව්!

945

රුසියාව යුකේ‍්‍රනය ආක‍්‍රමණය කිරීම නතර කරන ලෙස ඉල්ලා, ගාලූ කොටුවේ පැරැුණි රෙපරමාදු දේවස්ථානය ඉදිරිපිටදී යුක්රේන ජාතිකයෝ පිරිසක් පෙරේදා (26 දා) සවස විරෝධතාවක් පවත්වා මිය ගොස් ඇති යුක්රේන ජාතික තම ඥාතීන් සිහිපත් කොට පහන් දැල්වූහ.

යුකේ‍්‍රන සංචාරකයන්ගේ ගාලූ විරෝධතාවට  පැමිණි රුසියානු යුවළක් සමාව අයදිති - ආක‍්‍රමණය වහා නවතව්!

මෙම අවස්ථාවට ගාල්ල, උණවටුන, බෙන්තොට, හික්කඩුව, වැලිගම, මිරිස්ස ප‍්‍රදේශවල නතරව සිටින යුක්රේන ජාතිකයන් පිරිසක් සහභාගි වූහ.

ඔවුන් කියා සිටියේ රුසියාවේ පහරදීම් නිසා තම ඥාතීන් හිතමිතුරන් රැුසක් මියගොස් ඇති අතර තමන්ගේ පවුල්වල අයද බංකරවල සැඟවී සිටින බවයි. මේ නිසා තමන්ට ආපසු තම රටට යෑමට පවා නොහැකි වී ඇති බවත්, මෙය අමානුෂික ක‍්‍රියාවක් බවත්, මෙය නතර කිරීමට ලෝක නායකයන් මැදිහත් විය යුතු බවත් ඔවුහු කියා සිටියහ.

මෙහිදී රුසියානු ජාතික යුවළක් පැමිණ ඔවුන් සිප වැළඳ ගෙන හඬමින් රුසියාවේ ක‍්‍රියා කලාපයට සමාව ඉල්ලා සිටි අතර එය සංවේදි දසුනක් විය. පහන් දැල්වීමට ශ‍්‍රි ලාංකිකයෝ කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment