යුගදනවියේ ඩබල් ගේමක්

318

– ආණ්ඩුව නොපෙන් වූ ගිවිසුම අනුර කුමාර සභාගත කරයි
– කැබිනට් මණ්ඩලයත් නොමඟ ඇරලා
– ආණ්ඩුව ගිවිසුම සඟවාගෙන සිටින්නේ මත භේදාත්මක නිසයි

යුගදනවි බලාගාරය ඇමෙරිකානු නිව්ෆෝට‍්‍රස් සමාගමට පැවරීමට කැබිනට් අනුමැතිය ලබා දුන්නද මුදල් අමාත්‍යාංශය එම ගිවිසුම අත්සන් කර ඇත්තේ ඊට අනුබද්ධ වෙනත් ආයතනයක් සමඟ යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත් 10දා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩින් නමැති ඇමෙරිකාවේ ලියාපදිංචි සමාගමක් වන එම ආයතනය සමග අත්සන් කරන ලද, මේ වන තෙක් පාර්ලිමේන්තුවටද ඉදිරිපත් නොකරන ලද එම ගිවිසුම ඒ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලදී.

මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී හෙතෙම මේ බව කියමින් වැඩිදුරටත් මෙසේද පැවසීය.

රජය සහ නිව්ෆෝට‍්‍රස් සමාගම අතර ඇතිකර ගත් එම ගිවිසුම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා කිව්වා. නමුත් රජය මේ වනතෙක් එය ඉටුකළේ නෑ. මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද කරන අවස්ථාවේ මේ ගිවිසුම තිබීම ඉතා වැදගත්. මුදල් අමාත්‍යාංශය විසින් 2021-09-06 වැනිදා ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාව අනුව භාන්ඩාගාර ලේකම් තුමාට බලයක් ලබාදෙනවා. ඇමෙරිකානු නිව්ෆෝට‍්‍රස් සමාගම සමඟ ගිවිසුමක් ඇති කරන්න. හැබැයි මේ වනතෙක් එම ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නෑ. පාර්ලිමේන්තුවට ලබාදීලත් නෑ. නමුත් එම ගිවිසුම මා ළඟ තිබෙනවා. ඒ අනුව ශ‍්‍රී ලංකා ආණ්ඩුවත්, එන්. එෆ්. ඞී. ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩින්ස් නමැති සමාගමත් පසුගිය සැප්තැම්බර් 21 වැනිදා අත්සන් කරපු ගිවිසුම.

මෙය සඟවාගෙන තමයි තිබෙන්නේ. එය ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් අත්සන් කර තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහතා විය යුතුයි. මෙය පුද්ගලික දේපළක් පවරාදීමේ ගිවිසුමක් නොවෙයි. මෙය රටේ බලශක්ති ක්ෂේත‍්‍රයත්, කෙරවලපිටිය බලාගාරයත් ඇමෙරිකානු සමාගමකට පවරාදීමට අත්සන් කළ ගිවිසුමක්. නමුත් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ලබාදීම ආණ්ඩුව දිගින් දිගටම ප‍්‍රමාද කළා. නමුත් මම මේ ගිවිසුම අද සභාගත කරනවා. නිව්ෆෝට‍්‍රස් සමාගමට මේ ගිවිසුම අත්සන් කරන්නැයි කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදෙන්නේ. හැබැයි ගිවිසුම අත්සන් කර තිබෙන්නේ ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩින්ස්, එන්.එෆ්. ඞී. නමැති සමාගමටයි. එය ඇමෙරිකාවේ ලියාපදිංචි කර තිබෙනවා. වොෂිංටනයේ ලිපිනයකටයි එය ලියාපදිංචි කර තිබෙන්නේ. මෙය කැබිනට් මණ්ඩලයද නොමඟ යැවීමක්. ඒ වගේම අවුරු දෙකක් යනතෙක් දෙපාර්ශවයේ එකඟතාවය අනූව පමණක් ප‍්‍රසිද්ධ කිරීම කළ නොහැකියි. එය සාධාරණ නෑ. මෙහි තවත් කරුණු තිබෙනවා මතබේදාත්මක. ඒ නිසයි මේ ගිවිසුම ආණ්ඩුව සඟවාගෙන සිටියේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment