යුගදනවි ඇමරිකාවට දීම හෙජින් ගිවිසුම වැනි මහා අපරාධයක් – ටිල්වින් සිල්වා

202

කෙරවලපිටිය යුගදනවි බලාගාරය ඇමරිකානු  සමාගමකට ලබාදීම හෙජින් ගිවිසුම වැනි දැවැන්ත අපරාධයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (27 වැනිදා) චෝදනා කළේය.

මෙහිදී අප රටේ විදුලිය නිපදවූවත් නැතත් ඇමරිකානු සමාගමෙන් ගෑස් මිලදී ගත යුතු බවත් එසේ නොගත්තද එම සමාගමට ගෙවීම් කළ යුතු බවත් හෙතෙම පැවසීය.

ආණ්ඩුව එම අපරාධය සඟවා සියයට හතළිහක් කොටස් ඇමරිකානු සමාගමක් වෙත ලබාදී සියයට හැටක් මෙරට අයිතියේ තබා ගන්නා බව කියමින් ජනතාව මුළා කරන බව පැවසූ ටිල්වින් සිල්වා මහතා එම බලාගාරය විකුණන්නේ ජාවාරම්කරුවන් සතුටු කිරීමට බව ද කියා සිටියේය.

ඩොලර් මිලියන 250 ක් වැනි සුළු මුදලකට රට පාවාදීමට වත්මන් ආණ්ඩුව ක‍්‍රියා කර ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ එම අදහස් පළකළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment