යුගදනවි එල්.එන්.ජී. ගිවිසුම අහෝසි කරන්න… විදුලි තෙල් වරාය වෘත්තීය සමිති විරෝධතාව අද

140

යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් සහ එල්. එන්. ජී. ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට ලබාදීමට අත්සන් කර තිබෙන ගිවිසුම අහෝසි කරන ලෙසට බලකරමින් විදුලිය, වරාය, තෙල් විරෝධතා ව්‍යාපාරය අද (03දා* යොදාගත් පරිදිම පවත්වන බව ලංකා විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ‘දිවයින’ට ඊයේ (02දා* පැවසීය.

 දිවයින පුරා පිහිටි විදුලිබල මණ්ඩලයට අයත් කාර්යාලවල සේවකයන් අද කොළඹ විදුලිබල මණ්ඩල ප‍්‍රධාන කාර්යාලයට පැමිණ දහවල් 12ට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද ඒ මහතා පැවසීය.

 මීට සමගාමීව ජාතික සම්පත් විකිණීමට එරෙහිව වරාය වෘත්තීය සමිති විමලධර්ම ඔරලෝසු කණුව අසලද තෙල් සංස්ථා සේවකයන් ඔරුගොඩවත්ත සහ සපුගස්කන්ද කාර්යාල ඉදිරිපිට ද අද දහවල් 12ට විරෝධතාවේ නිරත වන බව ඒ මහතා පැවසීය.

 අද විදුලි වර්ජනයක් ක‍්‍රියාත්මක නොවුණත් ගස් කඩා වැටීම් වැනි හදිසි ආපදා තත්ත්වයන්හිදී විදුලි බිඳ වැටීම් සිදුවිය හැකි බවත් එය යථා තත්ත්වයට පත්කිරීමට කාලවේලාවක් ගතවන බවත් ඒ මහතා පැවසීය.

 අද පවත්වන විරෝධතාවෙන් පසු අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑම සඳහා වෘත්තීය සමිති නායකයන් දින නියම කිරීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment