යුගදනවි කොටස් හුවමාරුවට ගිවිසුම් අත්සන් කළා මිස අවසන් එකගතාවක් නෑ – මුදල් ලේකම් කියයි

159

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ මහාභාණ්ඩගාරය සතු කොටස් හුවමාරුවට අදාළ එක`ගතා ගිවිසුමට අත්සන් කළා මිස අනෙකුත් කිසිදු කරුණක් සඳහා අවසන් එක`ගතාවක් ඇතිකර ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර්. ආටිගල මහතා ඊයේ (26 දා) ‘‘දිවයින’’ට පැවසීය.

එසේම කොටස් ප‍්‍රමාණයට අදාළ මුදල රජයට ලැබී හෝ අදාළ කොටස් ප‍්‍රමාණය ඇමෙරිකානු සමාගමට පැවරීමක් හෝ සිදුකර නොමැති බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.

ඇමෙරිකාවේ නිව්ෆෝට‍්‍රස් එන්ර්ජි සමාගම සම`ග මේ කොටස් පැවරීමේ එක`ගතාව ඇති කරගෙන තිබේ. යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40 ක කොටස් ප‍්‍රමාණයක් වෙනුවෙන් මේ එක`ගතාව ඇති කරගෙන තිබේ. මේ සඳහා තවත් අවශ්‍යතා කිහිපයක් ඉටු කළ යුතුව ඇති බවද ආටිගල මහතා කීවේය.

මේ කොටස් ප‍්‍රමාණය කාගේ අතේ තිබුණත් තවත් වසර 14 කින් එනම් වර්ෂ 2035 දී ලංකා විදුලිබල මණ්ඩලයට හිමිවන බවද ආටිගල මහතා පෙන්වා දුන්නේය.

මේ කොටස් හුවමාරුව සඳහා ඉටු කළ යුතු අනෙක් අවශ්‍යතා ඉටු කිරීමෙන් පසු ඊට අදාළ මුදල් සහ කොටස් හුවමාරුව ඉදිරි මස එකහමාර තුළ සිදුවනු ඇති බවද ආටිගල මහතා කීවේය.

මේ එක`ගතාව රටට වාසිදායක එකක් බවද 2023 ජනවාරි පමණ වන විට මේ බලාගාරය එල්. එන්. ජී. වලට හරවා ගැනීමට හැකි වුවහොත් මෙගවොට් 350 ක ධාරිතාව ඇතුළත් කළ හැකිවනු ඇති බවද එසේම අදාළ මෙගාවොට් 650 කටම එල්.එන්.ජී. දීමට හැකි වුවහොත් සැලකිය යුතු ලෙස රටේ විදුලි උත්පාදන පිරිවැය අඩු වනු ඇති බවද මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා තවදුරටත් ‘‘දිවයින’’ට පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment