යුගදනවි ගන්නේ බංකොලොත් සමාගමක්‌

841

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් මිලදී ගත් ඇමෙරිකානු සමාගම බංකොලොත් වෙමින් පවතින සුදුසුකම් නොමැති සමාගමක් යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා දිවයිනට ඊයේ (04 දා* පැවසීය.

 මෙම බලාගාරය සඳහා ටෙන්ඩර් කැඳවීමේදී සමාගම් 21 ක් ටෙන්ඩර් ඉදිරිපත් කළත් ටෙන්ඩරයට ඉදිරිපත්වීම සඳහා මෙම ඇමෙරිකානු සමාගමට සුදුසුකම් නොමැති වීම නිසා ටෙන්ඩරයට ඉදිරිපත් නොවී වෙනත් කූට ආකාරයෙන් බලාගාරයේ බලය අත්පත්කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු කීය.

 රටේ දෛනික විදුලි අවශ්‍යතාවය ගිගාවොට් 2200 ක් පමණවන බවත්, වියළි කාලයට අවශ්‍ය ගිගාවොට් 1500ක පමණ විදුලි අවශ්‍යතාව එල්.එන්්. ජී. හරහා ලබා ගැනීමට රටට අවශ්‍ය වනවිට එහි ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගම යටතේ පැවැතීම රටට අහිතකර තත්ත්වයක් බවත් ඔහු කීය.

 මෙම ගිවිසුමට සහාය ලබා ගැනීම සඳහා ඒ වෙනුවෙන් නිලධාරීන් පත්කර ගත්තත් රටට සිදුවන ආර්ථික හානිය, ආරක්‍ෂාව ඇතුළු කරුණු රැුසක් පවතින නිසා මෙම ගිවිසුම අහෝසිකර ගැනීමට ගතහැකි උපරිම වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති පසුබට නොවන බව ද ඔහු කීය.

 මෙම බංකොලොත් වෙමින් පවතින සමාගම ඌන සංවර්ධිත රටවල කේන්ද්‍ර කරගෙන මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට උත්සාහ කරන බවත් මෙම සමාගම කැරබියන් ¥පත්වලට අයත් පෝඞ්රිකෝ නමැති රාජ්‍යයේ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ගොස් එරට අධිකරණය විසින් එම ව්‍යාපෘතිය අත්හිටුවීමට කටයුතුකර ඇති බවත් ඔහු කීය.

 විදුලි ඉංජිනේරු සංගමය 1996 පැය 72ක වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කළ බවත් ඉන්පසු සැලකියයුතු මට්ටමේ උද්ඝෝෂණවලට යොමු වී ගිවිසුම අහෝසිකර ගන්නා තෙක් වෘත්තීය අරගල කිරීමට විදුලි ඉංජිනේරු සංගමය ගතහැකි උපරිම ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් කුමාරවඩු මහතා වැඩිදුරටත් පැවසීය.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment