යුගදනවි ගිවිසුම – රටේ ආරක්‍ෂාව සමඟ ආණ්ඩුව සෙල්ලම් කරනවා – සජිත් පේ‍්‍රමදාස

234

යුගදනවි බලාගාරයේ කොටස් විකුණා දැමීමට රජය ගිවිසුම් ගසමින් කර ඇති පියවර තුළින් රටේ ආරක්‍ෂාව සමඟ ද ආණ්ඩුව සෙල්ලම් කර ඇතැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

අපේ බලශක්තිය තුළ අනාරක්‍ෂිතභාවයක් නිර්මාණය කර ඇති බවත්, ආණ්ඩුව කරන මෙම විකිණීමට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව සමගි ජන බලවේගය පියවර ගන්නා බවත් අප රට සතු ජාතික සම්පත් මිලදී නොගන්නැයි අදාළ පාර්ශ්වවලින් ඉල්ලා සිටින බවත් අවිස්සාවේල්ලේ පැවති ජනතා ගැටලූ විමසන අවස්ථාවට එක්වෙමින් පැවසුවේය.

තුනෙන් දෙකක බහුතර බලයක් අය වැය සම්මත කර ගැනීමට ලබා ගත්තත් පුළුවන් නම් පාර්ලිමේන්තුවෙන් පිට ජනතා බලය උරගා බලන්නට ආණ්ඩුවට අභියෝග කරන බවද ඒ මහතා කීවේය.

අකිත පෙරේරා, අවිස්සාවේල්ල – එල්. වී. සමරසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment