යුගදනවි ගේම

2187

මන්තී‍්‍රත්වයේ ත්‍යාගශීලීත්වය කොපමණද යත්, බාර් ඇරීමේ වගකීම
භාර ගැනීමට අන් කිසිවකු ඉදිරිපත් නොවන්නේ නම් තමා එම වගකීම
භාරගන්නා බව පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා
පවසා තිබේ. ටිකක් අප්පිරියා හිතෙන කතාවක් මෙහිදී කියමු. දිනක්
රාජ සභාවක පුරෝහිතයන් සමග රැස්ව සිටින රජතුමාට අධෝවාතයක්
පහවිය. මුළු රාජ සභාවම ඇමෝනියා සහ මීතේන් වායුවලින් පිරී ගිය
අතර රජු හැර සෙසු පුරෝහිත මණ්ඩලයම ක්ලාන්ත ගතියට පත්වූහ.
තප්පර කිහිපයක නිහැඬියාවෙන් පසු නැඟී සිටි අග‍්‍ර පුරෝහිතතුමා
මීතේන් ප‍්‍රහාරයේ වගකීම තමා විසින් භාර ගන්නේමැයි කීවේය.
එකල නැගී සිටි දෙවනි අග‍්‍ර පුරෝහිත තෙමේ රජු විසින් නිකුත් කරනු ලබන
ඊළඟ අධෝ වාතයේ වගකීම තමාට හිමිවන බව මහත් සතුටින් සඳහන්
කළේය. ඉහත සඳහන් කතාව දහස් වර මතක් කරදී ඇති නමුදු අප
නැවතත් ලියන්නේ මේ රටේ සිටින ඇතැම් මන්ත‍්‍රීවරුන්ගේ වගකීම්
රහිත විසිළු ස්වභාවය පෙන්වාදීම සඳහාය. ලොහාන් රත්වත්තේට ඕනෑම
වෙලාවක එල්ලූම් ගස බැලීමට යෑමට අයිතිය තිබූ බවට මහා මාර්ග
ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු කී කතාව ද මෙවැනිම සැහැල්ලූ විහිළුවකි.
බන්ධනාගාර ඇමැතිව සිටි ලොහාන් ට එල්ලූම් ගහ බැලීමට යෑමට
අයිතිය තිබෙන බව ඇත්ත. එහෙත් ලොහාන් එල්ලූම් ගස බලා නිකම්
නොසිටි අතර සිරකරුවන්ට මරණ දණ්ඩනය දීමටද උත්සහ කළ බවට
සාක්ෂි තිබේ. ඉහත සඳහන් කාරණා දෙක අපගේ ප‍්‍රධාන මාතෘකාව
නොවේ. මෙතැන් සිට අපේ ප‍්‍රධාන කතාව කියවන ලෙසට පාඨකයාට
ආරාධනා කරමු.

කෙරවලපිටියේ යුගදනවි විදුලි බලාගාරයේ කොටස් වලින් 40% ක් ඇමරිකාවේ
New Fortress Energy සමාගමට විකිණීම නිසා මේ දිනවල දේශපාලන අර්බුදයක් හටගෙන තිබේ.
ආණ්ඩුව මේ ගනුදෙනුව කළේ කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නැතුව එක එල්ලේය. මේ
පිළිබඳ ගිවිසුම මීට දින කිහිපයකට පෙර රාත‍්‍රී කාලයේදී අත්සන් කරන
ලදී. ටෙන්ඩරයක් නොදා කැබිනට් අවසරය මත යුගදනවියෙන් කෑල්ලක්
විකිණුවේ ඩොලර් මිලියන 250 ක් ලබාගනු පිණිසය. විදුලිබල ඇමැති
ගාමිණි ලොකුගේ කියන පරිදි නිව් ෆෝට‍්‍රස් සමාගම ඉතා ශක්තිමත්ය.
ගිවිසුම රාත‍්‍රී කාලයේදී අත්සන් කළේ දෙපාර්ශ්වයටම පහසු නිසා බව
ඇමැති ලොකුගේ තවදුරටත් කියයි. මේ නිසා ඉදිරියේදී සියලූම ගිවිසුම්
රාත‍්‍රී කාලයේදී විශේෂයෙන් මැදියම් රැයේදී අත්සන් කළ යුතු බව අපි
කියමු. වැදගත් වැඩක් කිරීමට තිබෙන හොඳම වේලාව ජනතාව නිදා
සිටින වෙලාවයි. ජනතාව නිදි වුවද දේශපාලඥයන් අවදි වෙලාය. 2018
රාජපක්ෂවරුන්ගේ දවස් 58 ආණ්ඩුව සාදන ලද්දේ ද රාත‍්‍රී කාලයේදී ය.
හැබැයි ඒ ආණ්ඩුව තිබුණේ තුන් මාසයකටත් අඩු කාලයකි. යුගදනවි –
නිව් ෆෝට‍්‍රස් ගිවිසුම කොපමණ කලක් රඳත් දැයි අපි නොදනිමු. කෙසේ
වුවද ආණ්ඩුවේ කොටස්කාර පක්ෂ දහයක් මෙයට විරෝධය පළකර
තිබේ. ජනාධිපති ඇමරිකාවේ සිට ආ සැණින් යුගදනවි ගින්න පත්තුවීමට
නියමිතය.

යුගදනවි යන වචනයට පුළුල් තේරුමක් ඇත. යුගය යනු කාල
පරාසයකි. දනවි යනු ජනනය යන්නයි. මේ රටේ ප‍්‍රමුඛ කර්මාන්ත සහ
රජයේ යෝජනා ක‍්‍රමවලට සිංහල නම් තැබීමේ ව්‍යාපෘතියක කොටසක්
වශයෙන් අරිසෙන් අහුබුදු සූරීහු යුගදනවි යන නම යෝජනා කළහ. ඊට
පෙර ඉදිකරන ලද බලාගාරයේ නම ලක්දනවි ය. වසර 2007 දී යුගදනවි
ඉදිකිරීම අරඹන ලද අතර 2010 පමණ වනවිට නිමාවට පත්කරන ලදී.
මෙයට වැය වූ මුදල ඩොලර් මිලියන 300 කි. ඇමරිකාව, ජර්මනිය,
නෙදර්ලන්තය, පෝලන්තය, ප‍්‍රංශය, ඔස්ටි‍්‍රයාව යන රටවල් එච්. එස්. බී.
ස.ී බැංකුව හරහා යුරෝ මිලියන තවත් 152 ක් මේ ව්‍යාපෘතියට පොම්ප
කළහ. කෙරවලපිටියේ අක්කර 25 ක පිහිටි මේ බලාගාරය ලෝකයේ විදුලි
බලාගාර වලින් තුනෙන් එකක් සාදා ඇති ජෙනරල් ඉලෙක්ටි‍්‍රකල්ස් සමාග
මේ ගෑස් ටර්බයින සහ වාෂ්ප ටර්බයින වලින් සමන්විත මරු භාණ්ඩයකි.
මේ බලාගාරය සිසිලනය වන්නේ ළඟම පිහිටි මුහුදින් පොම්ප කරන
ජලයෙනි. මෙතෙක් කලක් මේ බලාගාරයට සිටි එකම සතුරා සිප්පි
බෙල්ලා ය. බලාගාරය සිසිලනය කරන බට දිගේ මුහුදු ජලය සමග ඇදී
එන මේ බෙල්ලෝ බලාගාරය තුළ සිරවී එය අක‍්‍රීය කළහ.

මේ බලාගාරයේ කොටසක් ඇමරිකාවට විකිණීමෙන්, බලාගාරයේ දෙවන සතුරා
බවට රටේ ආණ්ඩුවම පත්ව ඇති බව කිසියම් පාර්ශ්වයක් කීවොත්
අප එයට එරෙහි වෙමු. මේ වූකලී ආණ්ඩුව වැලේ වැල් නැතුව සිටින
මොහොතකි. කොරෝනා වෛරසය නිසා ආණ්ඩුවට සතේ අතේ නැත.
එහි ඊළඟ පියවර වශයෙන් ජනතාවටද සතේ අතේ නැත. අපේ ආර්ථිකය
ගොඩඑන්නේ ලෝක ආර්ථිකයේ ගොඩ ඒමට සමාන්තරවය. ලෝක
ආර්ථිකයද ගොඩ එන ලකුණක් හරියාකාරව නැත. එබැවින් ආණ්ඩුවට
දැනට සිදුවන්නේ විදුලි බලාගාරයකින් කෑල්ලක්, අතන මෙතෙන
තිබෙන ආණ්ඩුවේ ඉඩම් වලින් කොටසක්, තිරිකුණාමලේ තෙල් ටැංකි
දෙක තුනක්, මුහුදෙන් කෑල්ලක් යනාදිය විකුණා හෝ බදු දී ගානක්
හොයාගෙන නිතර කුසගින්නේ පසුවන ජනතාවගේ බඩ පිරවීමය.
මෙය දුගීභාවයේ මැද හරියේ සිටින පහළ මධ්‍යම පංතිය තුළ ද සිදුවන්නකි. ඒ
ගෙවල්වල සිටින මිනිස්සු නිතර උගස් කඩවල් බලා දුවති. පරණ යකඩ
ටිකක් හොයාගෙන බෝතල් පත්තර කාරයාට විකුණති.

වටිනා කියන කොස් ගහක් ගෙවත්තේ තිබුණොත් එය වහලට වැටෙන්නට යන බවට
ග‍්‍රාම සේවකට බොරු කියා ලයිසමක් ලබාගෙන ගහ කප්පවා විකුණති.
මෙහෙම දිගින් දිගටම විකුණන විට ගෙදර වහලය සහ බිත්ති හතර
ඇරුණුකොට වෙනත් කිසිවක් විකිධෑමට ඉතිරි වන්නේ නැත. 1977 න්
පසු මේ රටේ ජාතික සම්පත් විශාල වශයෙන් මේ ආකාරයට විකුණා
දමා තිබේ. මේ ආණ්ඩුව පසුගිය කාලයේදී එම ක‍්‍රියාවලිය වේගවත් කර
ඇති බව අපගේ වැටහීමය. යුගදනවි විකුණන ගිවිසුම රාත‍්‍රී කාලයේදී
අත්සන් කළේ දෙපාර්ශ්වයටම පහසු නිසා බව ජනතාව පිළිගන්නේ නැත.
මෙවැනි ප‍්‍රශ්න මතුවන අවස්ථාවලදී ගාමිධෑ ලොකුගේට වඩා හොඳ
කතා කාරයන් ඉස්සරහට දැමීමට ආණ්ඩුව වග බලා ගත යුතුය. අප
නොදන්නවාට යුගදනවියෙන් 40% ක් විකිධෑම ඉතා හොඳ කාරණයක්
වන්නට ඇති. එහෙත් ආණ්ඩුව කිසිවිටකත් එය ජනතාවට තේරුම් කරදී
ඇත. තමන් විසින් ඡුන්දය දී පත්කරන ලද ආණ්ඩුව සෑම දෙයක් ගැනම
තමන්ට ඇත්ත කිව යුතු බවට සිතුවිල්ලක් ඡන්දදායකයන් තුළ තිබේ.
එය ඡුන්දදායකත්වයේ අහිංසක භාවයයි. මේ ගැන ප‍්‍රශ්න කරන විට
හැම ආණ්ඩුවක්ම හිතන්නේ ජනතාව ගේම ඉල්ලන බවය. මේ විදිහට
හිතුවොත් කිසිදු ආණ්ඩුවකට ගේම තබා කාමරයකවත් ඉතිරි වන්නේ
නැත.

advertistmentadvertistment
advertistmentadvertistment