යුගදනවි දීම අපරාධයක්- ජවිපෙ

164

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ඇමරිකානු සමාගමක් වෙත ලබාදීම හෙජින් ගිවිසුම වැනි දැවැන්ත අපරාධයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ 27 වැනිදා චෝදනා කර සඳහන් කළේය.

මෙහිදී අප රට රටේ විදුලිය නිපදවූවත් නැතත් ඇමරිකානු සමාගමෙන් ගෑස් මිල දී ගත යුතු බවත් එසේ නොගත්තද එම සමාගමට ගෙවීම් කළ යුතු බවත් හෙතෙම පැවසීයග

ආණ්ඩුව එම අපරාධය සඟවා සියයට හතළිහක් ඇමරිකානු සමාගමක් වෙත ලබා දී සියයට හැටක් මෙරට අයිතියේ තබා ගන්නා බව කියමින් ජනතාව මුලා කරන බවත් සඳහන් කළ සිල්වා මහතා එම බලාගාරය විකුණනු ලබන්නේ ජාවාරම්කරුවන් සතුටු කිරීමට බවත් කියා සිටියේය ග

ඩොලර් මිලියන 250 ක් වැනි සුළු මුදලකට රට පාවාදීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කර ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (27) එම අදහස් පළකලේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

advertistmentadvertistment
advertistmentadvertistment