යුගදනවි පැවරීමට එරෙහි පක්‍ෂ 11 ක මහජන සභාව ස්ථීරයි

151

කෙලවරපිටිය යුගදනවි බලාගාර ගිවිසුම ඇතුළු තවත් කරුණු කීපයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් ලබන 29 වැනිදා පස්වරුවේ පැවැත්වීමට ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ 10 ක සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙම සම්මන්ත‍්‍රණය මහජන සභාව නමින් පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත.

යුගදනවි බලාගාරයේ කොටස් 40% ක් ඇමෙරිකානු සමාගමට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව මෙම සම්මන්ත‍්‍රණය පැවැත්වෙන බව පක්‍ෂ නායකයකු ‘දිවයින’ ට පැවැසීය.

මෙය ආරාධිතයන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment