යුගදනවි බලාගාරයේ සියයට හතළිහක් විකිණීමෙන් බලශක්තියට වෙනදේ ජනතාවට කියන්න – තිස්ස අත්තනායක

229

යුගදනවි බලාගාරයේ සියයට හතළිහක් ඇමරිකානු සමාගමක් වෙත විකිණීම හරහා ජනතාවටත් රටටත් බලශක්තියටත් සිදුවන බලපෑම පිළිබඳව ජනතාවට ඇත්ත තොරතුරු හෙළි කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මේ ආණ්ඩුව ඉතාම දරද`ඩු තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ කෙලවරපිටිය යුගදනවි බලාගාරය 40% ඇමරිකානු සමාගමක් වෙත විකිණීමට. මේ පිළිබඳව කැබිනට් මණ්ඩල තීරණයකුත් අරගෙන තිබෙනවා. එහිදී 40% ක කොටස් විකිණීමට ආණ්ඩුව දැනටමත් ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ආණ්ඩු පාර්ශ්වය කියන්නේ රටේ ආර්ථික දියුණුව උදෙසා විදේශ ආයෝජන වැනි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම හරහා ලංකාවේ විදුලිබල ධාරිතාව වර්ධනය කිරීමටත් බල ශක්තිය දියුණු කිරීමටත් අවශ්‍ය පියවරක් ලෙස එම තීරණය ගත් බවයි. ඒ වගේම තව කාරණාවක් කියනවා මෙම ගිවිසුම හරහා විදුලිබල නිෂ්පාදන ඒකක එකේ මිල තවත් අඩු කරන්න එම තීන්දුව අරගත් බව ආණ්ඩුව කියනවා.

විශේෂයෙන්ම මෙහිදී මතුවන කාරණා ගණනාවක් තිබෙනවා. ආණ්ඩුව මෙම පෙන්වා දෙන කාරණය ඇත්තක්ද? නැත්නම් මේ හරහා රජයට සිදුවන පාඩුව හෝ ලංකා රජය මේ සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන වගකීම කුමක්ද සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලිය යුතුයි. මේ කෙලවරපිටිය බලාගාරය 40% ඇමරිකානු සමාගමට විකුණා දැමීම හරහා තවත් කාරණා කිහිපයක් සිදුවෙමින් තිබෙනවා. මෙම විදුලි බලාගාරය එල් එන් ජී ගෑස්වලින් ක‍්‍රියාත්මක වීමට යොදා ගැනීම ලංකාවේ එල් එන් ජී තාක්ෂණය යොදා විදුලිබලය පාවිච්චි කිරීම කියන කාරණාව ක‍්‍රියාත්මක කිරීමයි. එහිදී මෙම කොටස් විකුණා දැමීම හරහා බලශක්තිය පිළිබඳ එල්ලවන තර්ජන ලෝකයේ ඕනෑම රටක් බලශක්තිය පිළිබඳ අයිතිය රාජ්‍ය අයිතියක් බවට තහවුරු කරගෙන තිබෙනවා. එයට හේතුවක් තිබෙනවා. ඒ හරහා යම් ආකාරයට තිබෙන පාර්ශ්වය රටක පාලනය නතු කර ගැනීමට ක‍්‍රියාත්මක වෙනවා නම් එය නවතා ගැනීම සඳහා තමයි බලශක්තිය ක‍්‍රියාත්මක කරන්නේ. අපිට පේනවා ඇමරිකන් බැඅ දෙරඑරුිි සමාගමට මෙම බලාගාරයක කොටස් විකුණා දැමීමට ගත් තීරණය හරහා තවත් සුවිශේෂ කාරණාවක් එය එල් එන් ජී බෙදාහැරීමේ තනි අයිතිය එම සමාගමට පවරා දීමට ඇති කරගත් එක එක`ගතාව.

මේ හරහා සිදුවෙන්නේ කුමක්ද ලංකාවේ තනි අයිතිකරු බවට පත් වීමත්, එල්එන්ජී නිෂ්පාදනය කරන එකම සමාගම මෙම ඇමරිකන් සමාගම බවට පත්වීම. එය භයානක තත්ත්වයක්. අපි කියනවා මේ අත්සන් කරපු ගිවිසුම රටට එළි කරන්න කියලා. කැබිනට් පත‍්‍රිකාවෙන් ඇති වැඩක් නැහැ. එහි තිබෙන්නේ ආයෝජනය වැදගත්කම සහ සමාගම සමග ගිවිසුම්ගත වීමෙන් අනුමැතිය ලබාගැනීම පමණයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ඖෂධ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විශාල බොරුවක් කිවුවා එය යහපාලන කාලයේදී ඖෂධ වැඩි මිලට ගෙනැවිත් වංචා කළ බවට. ඒ වගේම ජයන්ත සමරවීර කියන පුද්ගලයෙකු ලවා ඊටත් වඩා බොරුවක් ගොඩනැගිල්ලක් සම්බන්ධව ප‍්‍රකාශ කළා. ඔහු ඉදිරිපත් කරපු ඖෂධ ලයිස්තුව මිල ගණන් මා සතුව තිබෙනවා. එය ඉදිරිපත් කරන්න මා බලාපොරොත්තු වෙනවා. මෙහි බොරු මිල ගණන් මෙම ලැයිස්තුවේ තිබෙනවා. මෙම ආණ්ඩුවේ ඖෂධ මාෆියාව වෙනුවෙන් ජනාධිපතිවරයා සොයා බැලිය යුතුයි. සෞඛ්‍ය අංශ වෙත අවශ්‍ය උපකරණ ඖෂධ ගැන සොයන්නේ නැතුව ඇමැතිවරයා බොරු ඉදිරිපත් කරනවා. මේ අය හිතනවා ඇති ගිය ආණ්ඩුවට බැන්නම මිනිසුන්ගේ බඩ පිරෙනවා කියලා මේ වගේ මෝඩ මිනිස්සු ටිකක් ඉන්න ආණ්ඩුවක් අද තිබෙන්නේ.

ඖෂධ රාජ්‍ය අමාත්‍යවරයා කියනවා බුලත්සිංහල ගොඩනැගිල්ලක් ලබා ගත්ත කියලා එහි පිළිබඳ සම්පූර්ණ විස්තර මා සතුව තිබෙනවා එය අපි අරගෙන තිබෙන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ තීන්දුවක් මත එය පුහුණු කිරීම් හා රසායනාගාර බෙහෙත් පිළිබඳවත් පරීක්ෂණ කරන්න හා ඖෂධ පිළිබඳ කෞතුකාගාරයක් ඉදිකරන්න. මතක තියාගන්න අපේ ඉතිහාසයේ ප‍්‍රථම වරට තමයි දේශීයව ඖෂධ නිෂ්පාදනය ආරම්භ කළේ නිෂ්පාදන සඳහා අවශ්‍ය පුහුණු සේවකයන් හිටියේ නැහැ.

එම නිසා අපිට වැඩිම කර්මාන්තශාලා තිබුණේ හොරණ කර්මාන්ත ශාලාව පමණයි. ඒ වගේම ඖෂධ කලාපයක් ආරම්භ කරන්නත් අපි සැලසුම් කර තිබුණා. එය වැලිපැන්න ප‍්‍රදේශයේ මේ සියල්ලම මේ ආසන්නයේ තමයි තිබුණේ එම නිසා ගොඩනැගිල්ලක් ඉල්ලූම් කරා හොරණ බුලත්සිංහල අවට ප‍්‍රදේශවලින් ගොඩනැගිල්ලක් ටෙන්ඩර් කැඳවීම කරා. ඒ සඳහා දෙන්නෙක් ඉදිරිපත් කළා. එක් අයෙක් ගොඩනැගිල්ල දැම්මා රුපියල් මිලියන 140 අනිත් කෙනා රුපියල් මිලියනයක් අනූ ගානක් දැම්මා. එය අඩුවට දෙන කෙනා තමයි ඔය ඇමැතිවරයා කියන මගේ යාළුවයි කියන කෙනා නමුත් මෙය ලබා ගැනීමේදී ඖෂධ සංස්ථාව එම පුහුණු වෙමින් ආරම්භ කළා.

එය ඇඟලූම් නිෂ්පාදනය කරන පර්යේෂණ ගොඩනැගිල්ලක කොටසක් අරගෙන පුහුණුවීම් කටයුතු ආරම්භ කළා. එය රත්මලාන ප‍්‍රදේශයේ එහි කණ්ඩායම් තුනක් පුහුණු කිරීම් කළා 40 බැගින් එකසිය විස්සක් පුහුණුවීම් කරලා එම අයට සහතික පතක් ලබා දුන්නා. එම අය අද කර්මාන්තවල වැඩ කරනවා. කිහිප දෙනෙක් ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සිටිනවා ඖෂධ ඇමැති අහනව එක් අයෙක් පෙන්නන්න කියලා. මෙයා කරන්නේ ඖෂධ පිළිබඳ විතරයි මම ඔය හතර දෙනාම කරපු වැඩ තනියම කළා. මට අවබෝධයක් තිබුණා ඕනෑම ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන්න. ඖෂධ කරේත් මම. සෞඛ්‍යය කරේත් මම. මහජන සෞඛ්‍යය කරේත් මම. දේශීය වෛද්‍ය ක‍්‍රමය කරේත් මම. අද ඒ වෙනුවෙන් හතර දෙනෙක් ඉන්නවා ඖෂධ ගැනවත් දන්නේ නැහැ.

මෙම ගොඩනැගිල්ල ලබාගැනීමෙන් පසුව අයැදුම්පත් කැඳවා ඇය එම ගොඩනැගිල්ලේ පුහුණුවීම් ආරම්භ කරන්න සැලසුම් කර තිබුණා. එවැනි අවස්ථාවක තමයි යහපාලන ආණ්ඩුව පරාද වුණේ. මේ ගොඩනැගිල්ල දැන් එහි අයිතිකරු දීලා තිබෙනවා ඇමැතිවරයා කියන්නේ අමූලික බොරු. එහෙත් අපි විකුණුම්කරුට කිව්වා කියන තක්සේරුවට ගන්න බැහැ. අපි රාජ්‍ය ආයතනයක් රජය තක්සේරුවට ගන්නම් කියලා එය මිලියන 88කට එයට එකඟ වුණා. සම්පූර්ණ මෙම ටෙන්ඩර් එක සිදු කළේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. එහි ඉහළ නිලධාරීන් විසින් ටෙන්ඩර් එක කළා. එහිදී අපි විනිවිදභාවයකින් පාරදෘශ්‍ය අන්දමින් තමයි ගොඩනැගිල්ල ලබාගත්තේ එය පවත්වා ගැනීම මේ ආණ්ඩුවේ වගකීමක්. මේ ආණ්ඩුව අවසානයේ පුහුණු කිරීමකුත් නෑ පරීක්ෂණ කරත් නෑ. මොන කෙහෙල් මලක්වත් කර නෑ.

මේ අය කරන්නේ තියෙන වැඩ නොකර බොරු විවේචනය කිරීම. අපේ සභාපති මගුල් ගෙවල් වලට සල්ලි ගෙවලා නෑ. සංස්ථා සල්ලි වලින් පුද්ගලයෙක් චෝදනාව තිබුණේ මෙවැනි ¥ෂිත මිනිස්සු අපි කියනවා ඇමැතිලා සභාපති වෙලා ඔක්කොම එකයි. දී කිරට බළලූත් සාක්කි කිව්වා වගේ තමයි කෙනෙක් අහුවෙයි කියලා බයට හැමෝම එකට හොරකම් කරනවා අපි අහනවා ඔය ඇමැතිවරයාගෙන් ජයසුමන ඇමැතිතුමා චිත‍්‍රසුමන මෝටර්ස් එකට ගියේ ඇයි කියලා හෙළි කරන්න මේවා කියන්නේ කියන්නේ අපි නෙමෙයි ලංකා නිවුස් වෙබ් අඩවිය අපි දැක්කා අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා කියනවා දෙපැත්තෙම හොරු කියලා. එය පදනම් විරහිත චෝදනාවක්. එක්කෙනාට ඇඟිල්ල දික් කිරීම වැරදියි. එහිදී තමන්ටත් ඇඟිල්ලක් දිගු වෙනවා. අනගාරික ධර්මපාලතුමා කියලා තියෙනවා කිසි කලක අපේ ජනතාව වෙනුවෙන් සේවයක් කරන්නට ඉදිරිපත් වෙනවා නම් බැනුම් ඇසීමට ශක්තිය ඇතිව ඉදිරිපත් විය යුතු බව. ඔබට එසේ බැනුම් ඇසීමට හැකි නම් සිංහල මිනිසුන් පුදුම මිනිසුන් කොටසක් ඔවුනට සේවය කළත් නොකළත් බණිනවා සේවය කළොත් වැඩියෙන් බනිනවා. එහෙත් සිනාසී වැඩ කටයුතු කරන්නට හැකිනම් ලංකාවේ ජනයාට සේවය කළ හැකියි. ඇත්ත කතාවක් සේනක බිබිලේ යන දවසෙ කිව්වේ මේ කතාවම තමයි.

යුගදනවි බලාගාරය කොටසක් ඇමරිකානු සමාගමට ලබා දුන්නත් එහි පාලන බලය අපේ බව විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කරනවා. එය වැරදි කතාවක්. ලෝකයේ එවැනි ගිවිසුම් නැහැ. මෙම සමාගම කොටස් සියයට හැටක් කොටස් අරගෙන පරිපාලන අයිතිය අපට දෙන්නෙ නැහැ. එහෙමනම් එන මිනිහා ඔළුව අමාරුව තියෙන පිස්සෙක් වෙන්න ඕන සමාගම් නීතිය 50% වැඩි කරල එක් අයෙක් කොටස් ගත්ත ගමන් එම අයට පරිපාලන හිමිකාරීත්වය ලැබෙනවා ඕක රටක නීතියක් ඕක කාගෙවත් අහන්න දෙයක් නෑ විමල් වීරවංශ ඉගෙන ගත්ත විදිය තමයි ඔය පෙන්නුම් කරන්නේ සමාගම් නීතිය ගැන ඉගෙන ගන්න කියලා එතුමාට කියනවා. මෙම ගිවිසුමට කැබිනට් අනුමැතියක් නැහැ. මහ ? 12 යි 6 ට අත්සන් කළේ. සියල්ල බුදිය ගත්තමයි ගිවිසුම අත්සන් කළේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment