යුගදනවි විශාල දූෂණයක්; ජාතික සංවිධාන එකමුතුවෙන් අල්ලස් කොමිසමට පෙත්සමක්!

134

ජාතික සංවිධාන එකමුතුව වශයෙන් අපි මේ පෙත්සම අල්ලස් කොමිසමට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි දකින්නේ මේක විශාල දූෂණයක් හැටියට. මේ එල්එන්ජී ගිවිසුම ටෙන්ඩර් කැඳවන්නේ නැතුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව, කැබිනට් අනුමැතියකින් තොරව සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන්ම වගේ ඉදිරිපත් කරපු ගිවිසුමක්. ඒ වගේම මේක ඇත්ත වශයෙන්ම දූෂණයක්.

මේකෙන් දූෂණයට අමතරව අපගේ ස්වෛරීභාවයට විශාල හානියක් සිදුවෙනවා. මොකද මේ ගිවිසුම මගින් ඇමරිකාව අපේ විදුලිබල ශක්තිය අතට අරගෙන එයාලට ඕන වෙලාවක ඒවා නිෂ්කී‍්‍රය කරල අපිව දණගස්සන්න පුළුවන්. ඒ වගේ භයානක දෙයක් මේ ගිවිසුම මගින් සිදු වෙනවා. එම නිසා මෙම ගිවිසුම අවලංගු කළ යුතුයි. එමෙන්ම මේ වගේ දේවල් කරන්න ඉඩ දුන්නොත් අපේ සම්පූර්ණ ස්වාධිපත්‍ය නැති වෙනවා. අනිත් එක මේක කරන්න හදන්නේ භයානක අවස්ථාවක. මොකද අපි දැන් ඉන්නේ ගිනි කන්දක් උඩ. අපේ රට දැන් තියෙන්නෙ තුන්කොන්

බලවේගයකට මැදිවෙලා. එහෙම තියන වෙලාවක මේ වගේ දෙයක් ඇමරිකාවට දීම මහා භයානක දෙයක්. මේක තුන්වැනි ලෝක යුද්ධයක් කරා යන්න මුල් වෙන්න පුළුවන්. එම නිසා අපි කියනවා ආණ්ඩුවට මේක වහාම අකුල ගන්න කියලා යැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය. යුගදනවි බලාගාරයට අදාළ කොටස් විකිණීමේදී මේ රටේ බලශක්ති ප‍්‍රතිපත්තියට අනුව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් තමයි එහෙම කරනවා නම් කරන්න පුළුවන්. ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් නොකර එහෙම කොටස් විකිණීම නිසා රජයට පාඩු සිදුවෙනවා.

දෙවැනි කාරණය ගෑස් සැපයීමේ කොන්ත‍්‍රාත්්තුව සහ ගෑස් යටිතල පහසුකම් කොන්ත‍්‍රාත්තුව එකට ගැටගසා එක සමාගමකට දීම නිසා රජයට අනාගතයේදී තරගකාරී මිලට වෙනත් ප‍්‍රභවයන්ගෙන් ගෑස් ලබා ගන්න බැරි වෙනවා. තුන්වැනි කාරණය මේ ගෑස් ගබඩාව පොළවේ පාවෙන ගබඩාවට අතිරික්ත ධාරිතා

ගාස්තුවක් ගෙවන්න අවුරුදු පහකට එකඟ වෙනවා ඩොලර් මිලියන 250 කට වැඩි ප‍්‍රමාණයක්. හැබැයි එහෙම ගබඩාවක් මිලදී ගන්න පුළුවන් ඩොලර් මිලියන දෙසීයකට. විශේෂඥ මතය අනුව එතකොට මේ විදිහට අතිරික්ත ධාරිතාවකට ගෙවන්න එකඟ වීමෙන් රජයට පාඩු සිදු කරලා තියනවා. හතරවැනි කාරණාව තමයි අපට අවශ්‍ය ගෑස් ප‍්‍රමාණයට වඩා ගෑස් ප‍්‍රමාණයක් මිලදී ගැනීමට එකඟ වීම නිසා අපි භාවිතයට නොගන්නා ගෑස්වලටත් අපට මුදල් ගෙවන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා රජයට පාඩු වෙනවා. ඒ නිසා මේ ආකාරයට මේ ගිවිසුම් අත්සන් කිරීම මගින් භාණ්ඩාගාර ලේකම්වරයා රජයට පාඩු සිදු කරලා තියෙනවා. ඒ නිසා ඔහු අල්ලස් හෝ දූෂණ පනතේ 70 වගන්තිය උල්ලංඝනය කර තියෙනවා.

නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා – මේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළේ අපි දන්නවා මේ රටේ ආර්ථික මර්මස්ථාන බවට පත්වෙලා තියෙන බලශක්ති සම්බන්ධයෙන් වැදගත් ප‍්‍රභවයක් වන මේ යුගදනවි බලාගාරය. මේ කි‍්‍රයාවලිය අමාත්‍ය මණ්ඩලයට හංගලා කැබිනට් මණ්ඩලයට හංගලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා භාණ්ඩාගාර ලේකම්වරයා වශයෙන් ගෙන ගිය කි‍්‍රයාවලිය ඉතාම සැක සහිතයි. කැබිනට් මණ්ඩල කිසිවක් මේ සම්බන්ධයෙන් දන්නෑ.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු පිරිස මෙම අදහස් පළකළේ ඊයේ (07* එල්එන්ජී ගිවිසුම අත්සන් කිරීම මගින් දූෂණයක් සිදුව ඇති බවත් එබැවින් භාණ්ඩාගාර ලේකම්වරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment