යුගදිවියට බලපාන සතුට හා මනස

340

නිවසේ ගෘහ මූලිකයා ලෙස සැමියා සලකන්නේ ඔහු  රැකියාවක් කර බිරි`දට සහ දූ දරුවන්ට ආහාර පාන ලබාදී පෝෂණය කරන නිසාම පමණක් නොවන බව මහා සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත. ඔහු තුළ ඇති පෞරුෂය මත එය හිමිවී ඇත. ඒ අනුව විවාහ වී තවත් පවුල් පරපුරකට එක්වන පුරුෂයා තුළ පැවැතිය යුතු ලක්‍ෂණ පිළිබ`දව මහාසෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර තිබේ.

 සාමාන්‍ය ව්‍යවහාරයේදී විවාහයකින් පවුලට එක්වන පිරිමියාට බිරිඳගේ දෙමාපියන් පවසන්නේ බෑනා කියාය. එහි අරුත භාග්‍යවන්තවූ ඥාතියා හෙවත් සත්පුරුෂයා යැයි මහා සෘෂිවරුන් වහන්සේලා දක්වති.

 කාන්තාවක් හා විවාහ වී ඇයගේ ජීවිතයේ වගකීම බාරගෙන සහකරු වනවා පමණක් නොව ඔහු ඇයගේ පවුලේ සහ පරම්පරාවේ නව නියමුවෙකුද විය යුතුය.

 ඒ ස`දහා ඔහුට තිබිය යුතු මූලික ලක්‍ෂණ වනුයේ ඉවසීම, කරුණාව, දුරදක්නා නුවණ යන මානසික ශක්තීන්ද නීරෝගී දරුවන් සෑදීමේ හැකියාව සහ පෝෂණය කිරීමේ කායික ශක්තියයි.

 දරුවන් සෑදීමේ ඇති හැකියාව යනු තමා බලාපොරොත්තුවන මොහොතක දරුවන් සෑදීම ස`දහා සරුබීජ නිපදවීමය.

 ඒ ස`දහා ඔහු නීරෝගී විය යුතුය. එම නිරෝගී බව කායිකව පමණක් නොව මානසිකවද පැවැතිය යුතුය.

 මහා සෘෂි වෛද්‍යවරුන් පවසන පරිදි ඇතැම් පිරිමින් තුළ විවාහයට පෙර හොඳ කායික සහ මානසික සුවය පැවතියත් විවාහ වූ විට එම නිරෝගීබව දුර්වල වේ. ඊට බලපාන හේතු අතර විවාහ වූ බිරිඳගේ පවුලේ ඥාතීන් වෙතින් මතුවන බලපෑම් හමුවේ එය ඉවසා දරාගැනීමට තරම් මානසික ශක්තියක් නොමැති බවය. එවිට ඔහු එම නව සාමාජිකයන් අතර කැපීපෙනෙන චරිතයක් නොවී ඔවුනට යටහත් පහත්වූ චරිතයක් බවට පත්වේ.

 මෙම දුර්වලතාවය මගහරවා ගත හැක්කේ ඉවසීම ප‍්‍රගුණ කිරීම, සතුටින් කාලය ගතකිරීම සහ තම වගකීම් නොපිරිහෙලා ඉටුකිරීම මගිනි.

 එවිට ක‍්‍රමක‍්‍රමයෙන් තමා වෙත එල්ලවන පීඩාවන් ගිලිහී යනු ඇතැයි මහා සෘෂි නාඩි වෛද්‍යවරු දක්වා ඇත.

 නිතරම පවුලේ සමගිය සහ සතුට ගැන වෙහෙසවීමෙන් තමා වෙත පැමිණෙන සියලූ බාධාවන් මැඬපැවැත්විය හැකි බව දක්වා ඇත. එවිට ඔහු නිතැනින්ම සත්පුරුෂ ගුණ ඇත්තකු බවට පත්වේ.

යුගදිවියට බලපාන  සතුට හා මනස

advertistmentadvertistment
advertistmentadvertistment