යුගාත්‍රා වැලන්ටයින් සමරයි

397

EAP මණ්ඩලය හරහා තිරගතවීමට නියමිත යුගාත්‍රා සිනමා පටයේ පූර්ව ප්‍රචාරක පටය හා ගීත සමාජ මාධ්‍යට හා මාධ්‍ය වෙත නිකුත් කිරීම පසුගිය දා එනම් පෙබරවාරි දාහතරට යෙදුණ පෙම්වතුන්ගේ දිනයේදී කොළඹ city center scope cinemas ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පෙම්වතුන් හා කලා ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහිදී චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පී චන්න පෙරේරා, මාෂි සිරිවර්ධන අසංකි ද සිල්වා යන කලා ශිල්පීන් සජීවී නර්තනයක් ඉදිරිපත් කළ අතර ප්‍රවීණ ගායන ශිල්පිනී උරේෂා රවිහාරි විසින් සිනමා පටයේ ගීතයක් ගායනා කළහ.

යුගාත්‍රා වැලන්ටයින් සමරයි

සී ඉවෙන්ට් ආයතනය විසින් ඉතා අලංකාර අයුරින් රෝස මල් අතුරා සිනමා සංකීර්ණය අලංකාර කර තිබූ අතර taste of heaven ආයතනයේ හිමිකරු ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පී විජිත පෙරේරා විසින් යුගාත්‍රා නමින් ඉතා අලංකාර කේක් නිර්මාණයක් ද සිනමා පටය වෙනුවෙන් නිර්මාණය කර තිබිණි.

උපුල් නිශාන්ත
ඡායාරූප – ප්‍රවීන් ලෝචන

advertistmentadvertistment
advertistmentadvertistment