යුග පෙරළියට මුල් වූ ෆ‍්‍රැන්සිස්කුකරණය

251

දෙවැනි විධායක ජනාධිපතිවරයා සේ” 1988 පැවති ජනාධිපතිවරණයේ දී තරග කොට තව දුරටත් ජය තහවුරු කරගනිමින් රාජ්‍ය නායකත්වයට පත්වූ” රණසිංහ පේ‍්‍රමදාස 1993 මැයි මස 01 වැනිදා මරාගෙන මැරෙන බෝම්බකරුවකුට ගොදුරුව” ආමර්වීදිය හන්දියේ දී ඝාතනයට පත්වීමෙන් පසු අගමැතිවරයා වූ” ඞී’ බී’ විජේතුංග අතට රටේ පාලනය නතු විය’ මේ වන විටත් දෙවන පළාත් සභා මැතිවරණ පැවැත්වීමට දින වකවානු යෙදී තිබිණි’ ඒ අනුව 1993 මැයි මස 17 වැනිදා බස්නාහිර පළාතේ හැර” සෙසු පළාත් සභා සියල්ලේ  (උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය නොපැවැත් විණි) බලය තනි පක්ෂයක් හැටියට” අත්පත් කර ගන්නා ලද්දේ රට කරවමින් හුන් එක්සත් ජාතික පක්ෂය විසිනි’

ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන් වූ” ලලිත් ඇතුලත්මුදලි” ගාමිණී දිසානායක” ජී’ එම්’ පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු පිරිසක් ජනාධිපති පේ‍්‍රමදාස සමඟ ඇති කරගත්” ආරවුලකින් පසු පක්ෂය හැරගොස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින්” පක්ෂයක් නිර්මාණය කොට පොදුජන එක්සත් පෙරමුණ නමින් යුත් විපක්ෂය හා අත්වැල් අල්ලා ගෙන” තරග වැදීම නිසා දකුණු පළාතේ හා වයඹ තත්ත්වය කිසියම් ව්‍යාකූල ස්වභාවයකට ලක්ව පැවතිණි’ පාලක එක්සත් ජාතික පක්ෂයට දකුණේ දී හිමිවූයේ මන්ත‍්‍රී ධූර විසි හතකි’ මන්ත‍්‍රී ආසන විසි දෙකක් පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂයන්ටත්” ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට මන්ත‍්‍රී තනතුරු හයකුත් හිමි විය’ දකුණු පළාත් සභාවේ මුළු මන්ත‍්‍රී සංඛ්‍යාව පනස් පහකි’ වයඹ දී එක්සත් ජාතික පක්ෂයට මන්ත‍්‍රීවරුන් විසිතුනක් ද” පොදුජන එක්සත් පෙරමුණට ආසන දහඅටක් ද” ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නම දෙනකුට ද” එහි වයඹ පළාත් සභාවේ දොරගුළු විවර විය’

දකුණේ මහ ඇමැතිවරයා සේ අමරසිරි දොඩන්ගොඩත් පත් කරනා සේ ඔහු පළාත් ආණ්ඩුකාරවර” අල්හාජ් බාකීර් මාකාර් හමුවට  ගියේ බහුතර මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්ත තමන් සතු බව කියා පෑමට” ඒ” ඒ මන්ත‍්‍රීවරුන් විසින් දෙන ලද දිවුරුම් ප‍්‍රකාශ ද අතැතිව යි’ එහෙත් ඒ ගැන නොතැකූ බාකීර් මාකාර් ප‍්‍රථම දකුණු පළාත් මහ ඇමැතිවරයා වූ” ඇම්’ ඇස්’ අමරසිරි දෙවැනි පළාත් සභාවට යළි පත් කරන ලදී’ ඒ හා සමාන සංසිද්ධියක් ම වයඹ පළාත් ආණ්ඩුකාර” මේජර් මොන්ටේ‍්‍රගු ජයවික‍්‍රම විසින් ද ක‍්‍රියාත්මක කරමින්” ගාමිණී ජයවික‍්‍රම පෙරේරා ඒ පළාතේ ප‍්‍රධාන ඇමැතිවරයා සේ පත්කරන ලදී’

‘‘විපක්ෂය එක් වුණොත් බලය අනිවාර්ය යි’ ලිඛිත ඉල්ලීමක් කළ හොත් එයට ඉඩදීම ආණ්ඩුකාරවරුන්ගේ යුතුකම යි’’ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශාරදවරයකු වන ආචාර්ය නීතිඥ නීලන් තිරුචෙල්වම්’’ 21 වැනි දා ‘දිවයින පුවත්පත’ හා සඳහන් කළේ ය’

ජනමතයට පිටුපා මහ ඇමැති පත් කිරීම නිරර්ථක වෑයමක්’’ ආචාර්ය තිරුචෙල්වම් යළි ‘දිවයින’ට පැවසීය’

බහුතර මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවක් තමන් හා සිටින වග ලිඛිතව ඉදිරිපත් කළ ද” දකුණේ මෙන්ම වයඹ ආණ්ඩුකාරවරයා ද මුළුමණින්ම ව්‍යවස්ථා විරෝධී” ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව කටයුතු කරන ලද බව කියමින් එකී අමාත්‍ය ධූර අවලංගු කරනා සේ” ‘ක්වෝවර්න්’ ආඥාවක් නිකුත් කරනා ලෙසත්” තමන් දෙදෙනා සර්ටොරියාර් ආඥාවක් මඟින් උක්ත තනතුරු ද්විත්වය සඳහා” පත් කරනා ලෙසත් අමරසිරි දොඩන්ගොඩ හා ජී’ එම්’ පේ‍්‍රමචන්ද්‍ර ද අධිකරණයේ පිහිට පතා” අභියාචනාධිකරණය වෙත පෙත්සම් දෙකක් ඉදිරිපත් කළහ’

සරත් නන්ද සිල්වා හා අමීර් ඉස්මයිල් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ” ඉදිරිපත් කරන ලද මේ පෙත්සම ජුනි මස 03 වැනිදාට කැඳවීම් කරන ලදි’ පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එච්’ එල්’ ද සිල්වා පෙනී සිටියේ ය’ නීතිඥ නිමල්

සිරිපාල ද සිල්වා හා නීතිඥ නයිජිල් හැචි ද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින වග දැන්වූහ’ ජනාධිපති නීතිඥ එල්’ සී’ සෙනෙවිරත්න” සිරිසේන අමරසිරි වෙනුවෙනුත්” ජනාධිපති නීතිඥ එස්’ සුන්දරලිංගම්” ගාමිණී ජයවික‍්‍රම පෙරේරා වෙනුවෙනුත් පෙනී සිටිමින් පෙරකලාසි ඉදිරිපත් කරන්නේ යැ යි අධිකරණයට දැන්වූහ’ මේ පිළිබඳ” විභාගය සරත් නන්ද සිල්වා හා ඞී’ පී’ එස්’ ගුණසේකර විනිසුරුවරුන් හමුවේ ඇරඹුණේ 21 හා 22 දිනයන් හි දී ය’

දොඩන්ගොඩ ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති සරත් නන්ද ද සිල්වා” විමලරත්න හා නිමල් සේනානායක යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අවස්ථා කීපයක් රැුස් වී සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළහ’ එයින් කියැවුණේ ගාර්දිහේවාවසම් දොඩන්ගොඩගේ අමරසිරි දොඩන්ගොඩට දකුණු පළාත් සභාවේ පාලනය හිමිවිය යුතු බවයි’

ඒ අනුව දොඩන්ගොඩ 1993 ඔක්තෝම්බර් මස 12 වැනිදා දකුණේ ප‍්‍රධාන ඇමැතිවරයා සේ දිවුරුම් දුන්නේ ය’ එය වළකාලන්නට එදින ආණ්ඩුකාර බාකීර් මාකාර් ගත් උත්සාහය ව්‍යවර්ථ කෙරුණේ” දස දහස් ගණනක ජනතාවක් එදවස පාන්දර පටන්ම ගාල්ල නගරයට ඒකරාශී වීමත් සමඟ ය’ ආණ්ඩුකාරවරයා සිය කාර්යාලයේ දොර ජනෙල් වසා ගෙන සිිටිය දී” තඩි ඉබ්බන් යොදා වසා දමා තිබූ ශක්තිමත් දැවැන්ත දොර” මහින්ද රාජපක්ෂ” රිචඞ් පතිරණ” මංගල සමරවීර ප‍්‍රමුඛ දකුණේ විපක්ෂයේ මහජන නියෝජිතයන් විසින් පෙරමුණ ගෙන කරන ලද” අරගලයකින් පසු බාකීර් මාකාර් හමුවේ දොඩන්ගොඩ මහ ඇමැතිවරයා සේ දිවුරුම් ප‍්‍රතිඥා දී” දහස් සංඛ්‍යාත ජනගඟක් සමඟ

ගාලූ නගරය කරා ගමන් කර” ජනතාව අමතද්දී කුප්පිදු පොලිස් නිලධාරියකු විසින් කරන ලද” වෙඩි තැබීමකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ’

අමරසිරි දොඩන්ගොඩ අධිකරණයේ පිහිටෙන්” දකුණේ ප‍්‍රධාන ඇමැති ධූරයට පත් වීමෙන් මාස හතරකට පසු” දකුණ සංවර්ධනයේ සැලසුම් සහිතව සිය මංගල මුදල් ප‍්‍රකාශය හෙවත් අයවැය ඉදිරිපත් කළේ ය’ ඒ 1993 දෙසැම්බර් මස 08 වැනි දා යි’ අනතුරුව සභාව පසුදාට කල් තැබුවේ” සභාපති මහින්ද යාපා අබේවර්ධන යි’ පසුවදා යළි මුදල් ප‍්‍රකාශය පිළිබඳ විවාදය ආරම්භ වී දිවා විවේකයට සභාව පැයකට කල් තබනා යෝජනව” දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කළේ ය’ මැති ඇමැතිවරුන් සතුටින් අසුන්වලින් බැහැර වූහ’ විවාදයේ දෙවැනි දින ආණ්ඩු පක්ෂයේ එක් මන්ත‍්‍රී අසුනක හිස් බවක් දක්නට ලැබිණි’ හැබැයි ඒ පුටුවේ හිස් බව කිසිවකුටත් එතෙක් විචාරයක් නොවී ය’ හිස්ව ඇති අසුන හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මහජන නියෝජිතයකු වන දොන් විමල් ෆ‍්‍රැන්සිස්කු ගේ ය’

‘‘විමල් නෑ’’’ විමල් නෑ’’’’’’’ ඒ අඩුව ඔහුගේ මිතුරන් දෙතුන් දෙනාට ප‍්‍රශ්නයකි’

එදා ගාල්ලේ හිල්ටොප් මන්දිරයේ පිහිටි දකුණු පළාත් සභා ශාලාවේ පැවත්වෙන මුදල් ප‍්‍රකාශය පිළිබඳ විවාදය පෙරවරු 10’00 ට ඇරඹිණි’ හැබැයි ඊට පැය තුනකට තරම් පෙර උදේ 7’ 00 ට පමණ හම්බන්තොට

මුල්ගිරිගල වීරකැටියේ” රළුවේ පිහිටි විමල් ෆ‍්‍රැන්සිස්කු මන්ත‍්‍රීවරයාගේ නිවසේ දුරකථනය ඔස්සේ නිර්ණාමික ඇමතුමක් ගලා ආවේ ය’ දුරකථනයට පිළිතුරු දීමට රීසිවරය එසවූයේ විමල් ගේ බිරිය නන්දා විමලගුණරත්න යි’ නිර්ණාමික දුරකථන පණිවිඩයෙන් ඈ හොඳටෝම කලබලයටත් බියටත් පත් වූවා ය’ සැමියා බරපතළ කරදරේක වැටී ඇති වග ක්ෂණයකින් වටහා ගත් ඈ අප‍්‍රමාදව මාතර බලා ආවේ විමල්ගේ නැගණිය සොයාගෙන යි’ ඈ නොදන්නා පුද්ගලයකු ගෙන ලද දුරකථන ඇමතුම පිළිබඳව විමල්ගේ නැගණියට පැවසුවා ය’

මේ අතරේ විමල් ෆ‍්‍රැන්සිස්කු කිසියම් පිරිසක් විසින්” පැහැර ගෙන ගොස් ඇතැයි යන ආරංචියක් අමරසිරි දොඩන්ගොඩ මහ ඇමැතිවරයාට” යමකු විසින් දෙන ලද දුරකථන පණිවිඩයක කන වැකුණු සැණින් ඔහුට තුන් මූණින් දාඩිය දැම්මේ ය’ හේ බරපතළ අසීරුතාවයකට මුහුණ පා සිටියි’ තෙදිනක් පුරා පැවති මුදල් ප‍්‍රකාශය පිළිබඳ විවාදය හමාරවීමෙන් පසු” ඊට පක්ෂ විපක්ෂ ඡුන්දය පැවැත්වෙන හෙයිනි’ ඒ සඳහා ඇත්තේ තවත් හෝරා කීපයකි’ විමල් ගේ සහභාගිත්වය නැතිව ඡුන්ද විමසීම පරාජයට මිස ජයග‍්‍රහණයට කිසිදු ඉඩක් කඩක් නැත්තේ ය’

සිය පෞද්ගලික ලේකම්වරයා

ගෙන්වා ගත් දොඩන්ගොඩ” ඔහුට පැවසුවේ වහාම මහින්ද අමරවීර කැඳවාගෙන ආවේ රැුස්වීම් ශාලාවේ සේවකයකු අත පයිණ්ඩයක් යැවීමෙනි’ මහින්ද අමරවීර තමන් අභිමුව පෙනී සිටීමත් එක්ක” දොඩන් ‘‘අමරවීර මන්ත‍්‍රීතුමා අපේ ෆ‍්‍රැන්සිස්කු මන්ත‍්‍රීතුමා කෝ? අද සභාවට ආවෙ නෑ නේ ද?’’ යි ඇසුවේ ය’

‘‘ඔව් සර් ඒක තමා’ ඊයෙ දවල් කෑමට ගියාට පස්සෙ මං නම් විමල් දැක්කෙ නෑ’’

‘‘මට දැන් ටිකකට කලින් කෝල් එකක් ආවා’ නමක් කීවෙ නෑ’ කට්ටියක් ෆ‍්‍රැන්සිස්කු පැහැර ගෙනය කියල’’’’ මේක බරපතළ කාරණාවක් කාටවත් කියන්නෙපා’’’’’ යි අමරවීරට දැන් වූ දොඩන්ගොඩ සභාපති මහින්ද යාපාට දැන්වූයේ විවාදය ඉදිරියට ගෙන යන ලෙස යි’ විමල් ගේ නැගණිය හා අගේ සැමියා ද සමඟ මාතර සිට ගාලූ ආ විමල් බිරිය” දොඩන්ගොඩත් මහින්ද යාපාත් මුණගැසී කෙරුණු සාකච්ඡුාවකින් අනතුරුව ඇය කෙළින්ම ගියේ ගාල්ල පොලිසියට යි’

‘‘මගේ සැමියා විමලසේන ෆ‍්‍රැන්සිස්කු” ඔහු 8 වැනි දා දකුණු පළාත් සභා රැුස්වීමට ගාලූ ආවා’ අද උදේ මට නිර්ණාමික දුරකථන පණිවිඩයක් දීලා” කවුදෝ කෙනෙක් කීවා මගේ මහත්තයා ගැන බය වෙන්න එපා’ ඔහු අපි ළඟ ඉන්නවා කියා’’’ ඈ ගාල්ල පොලිසියේ පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් කරමින් තව දුරටත් සඳහන් කළේ” තම සැමියා කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් කිසියම් ස්ථානයක රඳවා ගෙන සිටින බව යි’

පසුවදා ලද තොරතුරකින් අමරසිරි දොඩන්ගොඩ ප‍්‍රමුඛ කණ්ඩායම මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ හෙවත් රාජලියා කණ්ඩායමත් බොහෝ සේ සසල වූහ’

ජනාධිපති විජේතුංග” රනිල්” අනුර” සිරිසේන කුරේ එම් එස් අමරසිරි ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ලොකු ලොක්කන්ට ඇවැසිව ඇත්තේ තමන් අතින් ගිලිහුණු දකුණු පළාතේ බලය යළි කෙසේ හෝ අත්පත් කර ගන්නට ය’ ඒ සඳහා කළ හැකි කවර ක හෝ් කරන්නට ඔවුන් සැලසුම් කළේ බලය ගිලිහුණු දා පටන් ම ය’

ඒ උදෙසා වරක් ඔවුන් කුරුමානම් ඇල්ලූවේ දකුණු පළාත් සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන කෙරෙහි ය’ තවත් ඉත්තකු යොදා ගත්තේ ක‍්‍රීඩා අමාත්‍යාංශයෙනි’ ඒ මාතරින් රාජාලියා පිට පියාසර කර දකුණු පළාත් සභාවේ අසුන්ගත සුගත් අන්ද්‍රමානට ඇමක් දමමිනි’ ඊළඟට දැල එලූවේ පලිහපිටියට යි’ ඒ ඔහුගේ කරුණාසේන කොඩිතුවක්කු උන්නැහේ පෙරට දැමීමෙනි’ ඒ සියල්ල ව්‍යවර්ථ වූ තැන පොදුජන එක්සත් පෙරමුණේ මන්ත‍්‍රීවරයකු බා ගැනීමට ඔවුහු සැලසුම් කළහ’

ධර්මිෂ්ඨ පාලකයන්ගේ අභිප‍්‍රාය අත් නොහැරි ඔවුන් දොඩන් හාන්සි කිරීමට කොහොම හරි වගබලා ගන්නැ යි දකුණේ විපක්ෂ නායකයා වූ සිරිසේන අමරසිරිට දැඩි සේ බලපෑම් කරන ලද්දෙන් ඔහු විස්සෝපයෙන් යුතුව තම අමාත්‍ය මණ්ඩලයේ හුන් ඒ’ එච්’ එම්’ අන්වර්ට බැගෑපත් වූයේ ය’ අනේ මල්ලියේ මාව කොහොම හරි ගොඩ දාන්න’’ අමරසිරි අන්වර්ට ආයාචනා කළේ ය’

‘‘මුල්ගිරිගල හිටපු ටී’ ඞී’ ෆ‍්‍රැන්සිස්කු අපේ මන්ත‍්‍රීතුමාගේ පුතාත් හම්බන්තොටින් ආපු පළාත් සභා මන්ත‍්‍රී කෙනෙක්’ පුළුවන් නං අන්වර් මල්ලියේ කොහොම හරි මිනිහ අපේ පැත්තට ගන්න මොකක් හරි ප්ලෑන් එකක් ගහන්න’’’

අන්වර් එය කීවේ ෆ‍්‍රැන්සිස්කුත් එක්ක දැඩි සබඳතාවයක් ඇති සිය මිතුරකු වන චන්දන සේනානායක ය’ චන්දන ද රටේ නේකාකාර ලොකු ලොක්කන් ද සොක්කන් ද හොඳින් ඇසුරු කරන්නෙකි’

චන්දන අන්වර් අතර සාකච්ඡුාව හමාර වූයේ හරි ලොක්කා’’’ මං විමල්ව අරන් එන්නං’ කොතැනට ද? කීයට ද?

‘‘කොළඹින් වාහනයක් ඒවි’ චන්දනට තියෙන්නෙ විමල් එක්කන් ඇවිත් ඒ වාහනේ ඉන්න අයට භාර දෙන එක විතරයි’ මෑන්ට කියන්න රුපියල් ලක්ෂ දහයකුත්” කොළඹින් ගේකුත් දීලා ළමයිනුත් කොළඹ ඉස්කෝලවලට දානවා කියා’’

දොඩන්ගොඩගේ මංගල මුදල් ප‍්‍රකාශය විවාදය වෙමින් පැවති පළමු දින දහවල් චන්දන හිල්ටොප් මන්දිරය වෙත ගියේ තවත් මිතුරකු සමඟ යි’ මිතුරා මුලිච්චි වූයේ ගාල්ල කොටුවේ රාජ්‍යසේවා ක‍්‍රීඩා සංගම් සමාජ ශාලාවේ දී ය’ චන්දන නිබඳවම එහි යන එන්නෙකි’

ෆ‍්‍රැන්සිස්කු ගේට්ටුවෙන් එළියට පිවිසි සැණින් සිය ළෙන්ගතුකම ප‍්‍රකාශ කළ චන්දන ඔහුගේ කමීස සාක්කුවට අත යැව්වේ ය’ ඔහු අත පත් වූයේ විමල්ගේ හැඳුනුම් පතයි’ හේ එය සිය කලිසම් සාක්කුවට දමා ගත්තේ ය’

‘‘මං මේ තකහනියක් උඹ හම්බ වෙන්න ආවේ ජනාධිපතිතුමාගේ පණිවිඩයක් අරන්’ අන්වර් අතේ ඒ පණිවිඬේ එවල තියෙන්නෙ’ උඹ වරෙන් අපේ පැත්තට’ උඹට ලක්ෂ දහයකුයි කොළඹින් ගේකුයි ළමයින්ට ඉස්කෝලයි කොළඹින් ලැබේවි’’’’’’

මෙහෙම කතා කර කර ඔවුන් නගර ශාලාව ඉස්සරහ පිහිටි හින්දු කෝවිල අසලට එද්දී ඒ ඉදිරියේ සුඛෝපභෝගී වාහනයකි’ එහි දොර ඇරෙද්දී ඇතුළේ හුන් කෙනෙක් විමල්ට නම කියා ආමන්ත‍්‍රණය කෙළේ ය’

‘‘ආහ්’’’’ එරාජ්’’’’’’

‘‘න`ගින්න කෝ වාහනේට’’

විමලසේන ෆ‍්‍රැන්සිස්කු අර සුඛෝපභෝගී රියට ගොඩ වූ සැණින් රිය ඉදිරිය බැලූවේ පාරේ අනෙක් කිසිම වාහනයක් ගැන නොතකමිනි’ විමල් කැටිව ආ චන්දනට කර කියා ගත හැකි දෙයක් නොවී ය’ ඔහු බලද්දී වාහනය ගාලූ කොළඹ මාර්ගයේ ය’ වාහනය නතර කෙරුණේ නිමල් පීරිස් ලා සිටි තැනකයි’ අනතුරුව එය ගල්කිස්සේ හෝටලයක ගෙඋයනේ හති අරින්නට විය’

විමල් ෆ‍්‍රැන්සිස්කු පැහැර ගෙන යෑම පිළිබඳව පසුදා ‘දිවයින’ ඒ පුවත පළ කරන ලද්දේ ‘‘දකුණු පළාත් සභා මන්ත‍්‍රී අතුරුදන්’’ යන හිසිනි’ එය 1993 දෙසැම්බර් මස 11 වැනි සෙනසුරාදා පුවත් පතෙහි ය’

දකුණු පළාත් සභා මන්ත‍්‍රී විමල් ෆ‍්‍රැන්සිස්කු මහතා (පො’ එ’ පෙ’) ඉකුත් 09 වැනි දා දහවල් 1’00 සිට අතුරුදන් වී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි’

තම සැමියා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් ඇතැයි ෆ‍්‍රැන්සිස්කු මහතාගේ බිරිඳ වන නන්දා විමලගුණරත්න මහත්මිය විසින් ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇත’

ඉකුත් 10 වැනි දා උදේ තම නිවසට දුරකථන පණිවිඩයක් දුන් පුද්ගලයකු සැමියා පිළිබඳ ආශාව අත් හරින ලෙසට තමාට තර්ජනය කළේ යැ යි ද ඇය පැමිණිලි කර ඇත’

දෙවන දකුණු පළාත් සභාවේ මංගල අයවැය විවාදයට සභාගිවීම සඳහා මෙම මන්ත‍්‍රීවරයා ඉකුත් 07 වැනිදා මහින්ද අමරවීර මන්ත‍්‍රීවරයා සමඟ වීරකැටියේ නිවසේ සිට පිටත්ව ආ බව ෆ‍්‍රැන්සිස්කු මන්ත‍්‍රීවරයාගේ බිරිඳ වැඩිදුරටත් පැමිණිලි කර ඇත’ තර්ජනාත්මක දුරකථන ඇමතුම ලැබීමෙන් පසු ෆ‍්‍රැන්සිස්කු මහත්මිය මාතර පිහිටි මන්ත‍්‍රීවරයාගේ සහෝදරියකගේ නිවසට පැමිණ අනතුරුව ඉකුත් 10 වැනිදා උදේ දකුණු පළාත් සභාවේ මහින්ද යාපා අබේවර්ධන මහතාට පවසා ඇත’

මෙම මන්ත‍්‍රීවරයා පැජරෝ රථ දෙකකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගිය බව නිර්ණාමික දුරකථන කිහිපයකින් පවසන ලද බව දකුණු පළාත් මහ ඇමැති අමරසිරි දොඩන්ගොඩ මහතා මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසී ය’

මෙම සිද්ධිය දකුණු පළාත් සභාවේ බලය ඩැහැගැනීම සඳහා ආණ්ඩුව යොදන ලද සැලැස්මේ තවත් අවස්ථාවක් යැයි මහ ඇමැතිවරයා සියලූම තානාපති කාර්යාලවලට දන්වා ඇත’

දෙපැත්ත ම කරට කර වැඩ ඇරඹුවේ දකුණේ බලය අත්පත් කර ගැනීමේ සිහින දකිමිනි’ ජනතා කෝපය මැනවින් දැක ගන්නට අවස්ථාව උදා වූයේ ඡුන්දය දා ඡුන්ද මධ්‍යස්ථානයන් හි පැවති දිගු පෝලිම්වලිනි’

දොන් විමලසේන ෆ‍්‍රැන්සිස්කු පැහැර ගෙන යෑමෙන් දාහත් වසරක එක්සත් ජාතික පක්ෂයේ ධර්මිෂ්ඨ පාලනය සමාප්ත කර ගන්නට ඔවුන් විසින් ම ඔවුන්ගේ වළවල් කපා ගන්නා ලදී’ එය ලාංකේය ජනයා ලද ඉතා විශිෂ්ට ජයග‍්‍රහණයකි’ දකුණ වමට හැරවූ දොඩන් යනුවෙන් ‘දිවයින’ විසින් සිය ලිපියකින් මේ කරන ලද අනාවරණය කෙතරම් ජනප‍්‍රසාදයට හේතුභූත වූයේ ද ඊට පසු එළැඹි මහ මැතිවරණයෙන් ද ජය ලබා ජනතා සිතුම් පැතුම් ඉටු කරන්නට හැකි පාලන තන්ත‍්‍රයක් නිමහම් කර ගන්නට ඔවුනට හැකි විය’

සුගතපාල මැන්දිස්

advertistmentadvertistment
advertistmentadvertistment