‘යුග මන්ත්‍ර’ රත්නපුරයේදී

112

ලාංකේය සුභාවිත ගීත කලාවේ යුග දෙකක සලකුණු තැබූ සුනිල් එදිරිසිංහ සහ ශෂිකා නිසංසලා ගී ගයන ‘යුග මන්ත්‍ර’ ප්‍රසංගය අප්‍රේල් 01 වැනි සෙනසුරාදා සවස 6.45ට රත්නපුර, නව නගර පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මහින්ද බණ්ඩාරගේ සුමියුරු සංගීතයෙන් වර්ණවත් වන මෙම ප්‍රසංගයේ ආමන්ත්‍රණය වජිර ජයවර්ධනගෙනි.

සුනිල් සහ ශෂිකාගේ හදරැඳි ගී රැසකින් සමන්විත ‘යුග මන්ත්‍ර’ ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර රත්නපුර කෙලින් වීදියේ ෆේවරිට් ජෙම් ඇන්ඩ් ජුවෙලරීස්, බස් නැවතුම්පළ උඩුමහලේ ආසිරි කොමියුනිකේෂන්, පැල්මඩුල්ල මනැස බුක්ෂොප් සහ කුරුවිට ඉන්දුකා හාඩ්වෙයාර් යන ආයතනවලින් ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment