යුද්ධයට යැවූ ශ්‍රී ලාංකිකයන්ට වැටුප් හා වන්දි ලබාගැනීමට රුසියාව සමග සාකච්ඡා කරනවා – ඇමැති අලි සබ්‍රි

33

යුක්‍රේන – රුසියා යුද්ධයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවය කරන හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළුන්ට මෙන්ම තුවාල ලබා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසට වැටුප් සහ වන්දි මුදල් ලබාදීම සම්බන්ධයෙන් රුසියාව සමග සාකච්ඡා කෙරෙන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා ‘දිවයින’ට පැවසීය.

යුද්ධයෙන් තුවාල ලබා සිටින ශ්‍රී ලාංකිකයන් රෝහල්ගත කිරීමට පියවර ගත් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

යුද්ධයේදී අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා පිළිබඳවත් රුසියාවේ සිටින මෙරට හමුදා භටයන් සංඛ්‍යාව පිළිබඳවත් සම්පූර්ණ නම් ලැයිස්තුවක් ලබන සතියේ එහි යන විදේශ අමාත්‍යාංශ නිලධාරීන් විසින් ලබාගැනීමට නියමිතය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment