යුද්ධයෙන් මියගිය අය සිහි කරන්න මුල්ලිවයික්කාල් සැමරුම් සතියක්…

156

දේශපාලන මුහුණුවරක් ගන්න ඉඩ දෙන්නේ නෑ – දෙමළ සංස්කෘතික සභාව කියයි

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් ආරම්හ වූ සැමරුම් සතිය 12 දා සිට ක්‍රියාත්මක බව දෙමළ ජාතික සංස්කෘතික සභාව නිවේදනය කර තිබේ.

මෙසේ ආරම්භ වන ‘සැමරුම් සතිය’ 18 වැනිදා උත්සවයකින් නිමාවට පත් වන බවත් යුද්ධයෙන් මියගිය සියලු දෙනා සිහිපත් කිරීම මේ වැඩසටහනේ අරමුණ බවත් ප්‍රකාශ කරන දෙමළ සංස්කෘතික සභාව මුල්ලිවයික්කල් උත්සවයට අමතරව උතුරු නැගෙනහිර පළාත්වලදී සුළු උත්සව රැසක් ජනතාවගේ පහසුව සඳහා සූදානම් කර ඇති බව ද ප්‍රකාශ කරයි.

මෙවර යුද්ධයෙන් මියගිය පිරිස සැමරෙන උත්සවවලට දෙමළ දේශපාලනඥයින්ට සහභාගි විය හැකි නමුත් ඊට කවර ආකාරයකින් හෝ දේශපාලන මුහුණුවරක් ලබා දීමට අවස්ථාව නොදෙන බවත් යුද්ධයෙන් තම සාමාජිකයින් මියගිය දකුණේ පවුල්වල සාමාජිකයින්ට ද මේ අවස්ථාවට සහභාගි විය හැකි බවත් දෙමළ සංස්කෘතික සභාව දැනුම් දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment