යුද්ධය ඕනෑ පුටින්ට: අපිට එපා

168

උණවටුන සංචාරක කලාපයේ යුක්රේන සහ රුසියානු ජාතිකයෝ

මා යුක්රේන් ජාතිකයකු වුවත් මගේ බිරිඳ රුසියානු කාන්තාවක් – එස්. ජෝර්ජ්

බැංකු කාඞ් නවත්තලා නිසා හෝටලයෙන් අපට කෑම බීම දෙනවා – එම්. ඇඩෝනා

අපිට යුද්ධය එපා මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධය නතර කරණ ලෙස පුටින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා, යැයි උණවටුන සංචාරක කලාපයේ රැුදි සිටින යුක්රේන සහ රුසියානු ජාතිකයෝ පවසති.

යුද ගැටුම නිසා උණවටුන සංචාරක කලාපයේ රැුදී සිටින යුක්රේන් ජාතිකයින් මෙන්ම රුසියානුවන් මානසික වශයෙන් දැඩි පීඩනයට ලක්ව සිටිති. යුක්රේනයේ ඇවිලෙන යුද ගිනි දැල් නිසා මෙරටට පැමිණි යුක්රේන් ජාතිකයින්ට සිය රටට යාමට පවා නොහැකිවී ඇත.

උණවටුන රිදීවිලා හෝටලයේ රැදි සිටින යුක්රේන් ජාතික එස්. ජෝර්ජ් (45) එරට බැංකු නිලධාරියකි.

ඔහු කතා බහට එක්වෙමින්, යුක්රේනයේ අපි පදිංචිවෙලා ඉන්න ප‍්‍රදේශයටත් රුසියානු හමුදාව ප‍්‍රහාර එල්ලකොට තියෙනවා. මගේ දු, දරුවන්, ඥාති හිතවතුන් මේ නිසා දැඩි අසරණ තත්ත්වයට පත්වෙලා. මගේ එක් දියණියක් රුසියාවේ මොසකව් නගරයේ ජීවත් වෙනවා. මා යුක්රේන් ජාතිකයකු වුවත් මගේ බිරිඳ රුසියානු කාන්තාවක්. මට රටවල් දෙකම එකයි. මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධය නතර කරන්න කියා පුටින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මගේ බැංකු ගිණුමෙන් මුදල් ගන්නත් බැහැ. සියල්ල නතර කරලා. නමුත් මා රැුදි සිටින හෝටලයේ හොටල් හිමියා විසින් අපිට නොමිලේ කෑම බීම ලබා දෙනවා. ඒ ගැන අපිට ගොඩක් සතුටුයි.

රුසියාවේ නීතීඥවරියක් වන එස්. ඩයරියා (52),

මා රැුදී සිටින හෝටලයේ යුක්රේන් ජාතිකයින් ද රැුදී සිටිනවා. නමුත් අපි අතර කිසි ප‍්‍රශ්නයක් නැහැ. අපි ඉතා සහෝදරත්වයෙන් කටයුතු කරනවා. පසුගිය නොවැම්බර් මාසයේ තමයි මම ශී‍්‍ර ලංකාවට ආවේ. රුසියානුවන්ට හා යුක්රේන් ජාතිකයින්ට යුද්ධය අවශ්‍ය නැහැ. පුටින් ජනාධිපතිවරයාට තමයි යුද්ධය අවශ්‍යවෙලා තියෙන්නේ. යුද ගැටුම නිසා ඇතැම් යුක්රේන් ජාතිකයින් රුසියානුවන් සමග අමනාපයෙන් ඉන්නේ. එක හොඳ තත්ත්වයක් නෙවෙයි. ඔවුන් මානසික වශයෙන් දැඩි කම්පනයට ලක්වෙලා. අපිට අවශ්‍ය සාමය. අපිට යුද්ධය එපා. මේ අවස්ථාවේ ශ‍්‍රී ලංකිකයින් අපිට හොඳින් සලකනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

එම්. ඇඩෝනා (48) යුක්රේන් ජාතික කාන්තාවකි.

ඇය යුක්රේනයේ ගුරුවරියක් ලෙස සේවය කරන්නීය. යුද ගිනි දැල් නිසා ඇය මානසික වශයෙන් දැඩි පීඩනයට ලක්ව සිටින්නීය. මගේ පවුලේ සාමාජිකයින් පදිංචි වෙලා ඉන්න නගරයටත් ප‍්‍රහාර එල්ලවෙනවා. ඔවුන් එම ප‍්‍රහාරවලින් බේරිම සඳහා පොළව යට බංකරවලට වෙලා ඉන්නවා.

යුද්ධය නිසා අපේ රටවැසියන් දැඩි අසරණ තත්ත්වයට ලක්වෙලා ඉන්නේ. යුද්ධය නතර කළයුතුයි. අපේ රටට ආපසු කෙදිනක යාමට පුළුවන්ද කියා මට හිතා ගන්න බැහැ. බැංකු කාඞ්පතෙන් පවා මුදල් ගන්න බැහැ. සියල්ල නතර කරලා. නමුත් මේ අවස්ථාවේ අපිට උණවටුණේ හෝටල් හිමියන් නොමිලේ කෑම බීම ලබාදෙමින් අපිව රැුකබලා ගන්නවා. වීසා කාලය දිර්ඝ කරලා දෙන්න කියලා අපි ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.

එස්. සේගා (50) යුක්රේන් ජාතිකයෙකි.

ඔහු එරට පුද්ගලික ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කරන්නේය. මගේ බිරිඳ රුසියානු කාන්තාවක්. අපිට යුද්ධය එපා. යුද්ධය නිසා යුක්රේන් ජාතිකයින් මෙන්ම රුසියානුවන්ද මිය යනවා. මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධය නතර කළ යුතුයි. මේ අවස්ථාවේ ශ‍්‍රී ලංකිකයින් අපිට ගොඩක් උදවු කරනවා. ශ‍්‍රී ලංකාව සුන්දර රටක්, අපි බඩගින්නේ තියන්නේ නැතිව අපිට උදවු කරනවා.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment