යුද්ධය නතර කිරීමට සෙලෙන්ස්කි සහ පුටින් අතර සාකච්ඡා?

314

* රුසියානු ජනපති චීනයෙන්  යුද ආධාර ඉල්ලයි
 
 * මාධ්‍යවේදියෙක් ජිවිතක්ෂයට යුක්රේන යුද්ධය සමූල ඝාතනයක් – පාප්වහන්සේ

යුද්ධය නතර කිරීමට සෙලෙන්ස්කි සහ පුටින් අතර සාකච්ඡා?

යුක්රේන ආක‍්‍රමණය නතර කිරීම සඳහා යුක්රේන ජනපති වොලඩමීර් සෙලෙන්ස්කි සහ රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින් අතර සෘජු සාකච්ඡුාවක් පැවැත්වීමට තීරණය වී ඇත.

 මේ සඳහා යුක්රේන, රුසියානු සාම¥ත කණ්ඩායම මැදිහත් වී තිබේ. එහෙත් නේටෝ දේශසීමාවට සැතපුම් 12ක් සමීපයේ පිහිටි යුක්රේන හමුදා සංකීර්ණයකට රුසියානු කෲස් මිසයිල 30ක් එල්ල වී ඇත. එම ප‍්‍රහාරයෙන් 35ක් මරුමුවට පත් වී 134ක් තුවාල ලබා තිබේ. නේටෝ දේශසීමාව අසලට එල්ල වූ එම ප‍්‍රහාරයත් සමගම නේටෝ සංවිධානය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. මේ අතර ඇමෙරිකානු බුද්ධි අංශ පැවසූවේ රුසියාව දැඩි අවි ආයුධ හිඟයකින් පෙළෙන නිසා චීනයෙන් ආයුධ ඉල්ලා ඇති බවයි. පසුගිය දින කීපය පුරා ම රුසියාව එල්ල කර ප‍්‍රහාරවලින් යුක්රේන හමුදා කඳවුරු 3667 ක් විනාශ වි ඇත. යුක්රේන ජනපති සෙලෙන්ස්කි පැවසූවේ යුක්රේන භටයන්් 1300 ක් දිවි පුදා ඇති බවයි. ඔහු තවදුරටත් සඳහන් කළේ නේටෝ සංවිධානය නිර්භීත නැති බවත් සාම සාකච්ඡුා සඳහා ඉදිරිපත් වී නැති බවයි. රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීම නිසා මිලියන 2.5ක ජනතාවත් අවට රටවල්වලට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළිකර තිබේ.

යුද්ධය නතර කිරීමට සෙලෙන්ස්කි සහ පුටින් අතර සාකච්ඡා?


මේ පසුබිම මැඳ බලසම්පන්න රුසියානු හමුදාවට යුක්රේනයේ අගනුවර වූ කිව් නුවර අල්ලා ගැනීමට මෙතෙක් හැකි වී නැත.

 මෙයට හේතු වී ඇත්තේ යුක්රේන හමුදාවේ ප‍්‍රහාරයන්ය. ජනපති සෙලෙන්ස්කි තුවාල ලත් යුක්රේන හමුදා භටයන්ගේ සුවදුක් බැලීමට රෝහල්වලට ගොස් ඔවුන් සමග සෙල්ෆි ඡුායාරූපවලට ද පෙනී සිටියේය. මේ අතර ඇමෙරිකානු ජනපති ජෝබයිඩන් පැවසූවේ ඇමෙරිකාව යුක්රේන අර්බුදයට මැදිහත් වුවොත් එය තෙවැනි ලෝක යුද්ධයක්වන බවයි. පාප්වහන්සේ ද යුක්රේන යුද්ධය ගැන චෝදනා කරමින් එය මුළුමනින්ම සමූලඝාතනයක් බව පැවසූහ. මේ ගැටුම නතර කිරීමට නොහැකිවීම ගැන තමා කම්පාවට පත්වන බව ද  උන්වහන්සේ කියා සිටියහ. මෙම විනාශකාරී යුද්ධය නිසා අනාථයන් විශාල ලෙස පලායන අයුරු වීඩියෝගත කිරීමට යුක්රේනයේ අර්පින් නුවර වෙත මෝටර් රියකින් යමින් සිටි සම්මාන ලාභී නිව්යෝර්ක් ටයිම්ස් පත‍්‍රයේ මාධ්‍යවේදී බ්‍රෙන්ට් රිනියුඞ් ද රුසියානු භටයන්ගේ වෙඩි තැබීමකින් මරුමුවට පත් විය. මියයන විට ඔහු 50 හැවිරිදි වියේ පසුවිය. ඇෆ්ගනිස්තානය ඉරාකය සහ හයිටි යන රටවල ගැටුම් ආවරණය කිරීමේ යෙදී සිටි බ්‍රෙන්ට් ගමන් කළ රියට මාර්ග බාධකයක් අසලදී ද වෙඩි ප‍්‍රහාර එල්ල වී ඇත. ඔහු සමග සිටි ඇරෙන්ඩ්‍රෝ නැමැති මාධ්‍යවේදියා ද තුවාල ලබා තිබේ. මේ සිද්ධිය ගැන රුසියානු රජය මේ දක්වා ම කිසිදු ප‍්‍රකාශයක් කර නැත. මේ අතර රටවල් 39ක් නියෝජනය කරන ජාත්‍යන්තර අධිකරණයට රුසියාවට එරෙහිව ක‍්‍රියා කළ හැකි ද යන්න ප‍්‍රශ්නයක් වී ඇත. ජාත්‍යන්තර අධිකරණයේ නිලධාරීන් පැවසූවේ රුසියාව යුද අපරාධ කළ බවට සාක්කි ලැබී ඇති බවයි. යුක්රේන විසින් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාදෙන ලෙස කළ ඉල්ලීමට යුරෝපා රටවල අනුමැතිය ද ලැබී ඇතත් යුද්ධයට මැදිහත්වීමට ඉදිරිපත් වී නැත. එසේ වූවත් ඇමෙරිකානු රජය ඩොලර් මිලියන 300ක් වටිනා අවි ආයුධ යුක්රේනයට ලබාදී තිබේ. මේ තත්ත්වය මැද රුසියාවට ආසන්න රටවල් වූ ලිතුවේනියාව, මෝල්ඩෝවා සහ ලැට්වියාව වැනි රටවල් ද භීතියට පත්ව ඇත. පෝලන්තය තුළ ඇමෙරිකානු බළකායක් රැුඳී සිටින අතර ඊට අමතරව ජර්මනියේ ඇමෙරිකානු බළකායක් රැුඳී සිටී. මේ අතර රුසියානු යුද යාන්ත‍්‍රණයට අයත් පැරණි ග‍්‍රාට් රොකට් ප‍්‍රහාරක යන්ත‍්‍ර සහ ස්මාර්ච් රොකට් යන්ත‍්‍රවලින් එල්ල කළ ප‍්‍රහාරවලින් යුක්රේනයේ පරිපාලන ගොඩනැ`ගිලි විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇත.

යුද්ධය නතර කිරීමට සෙලෙන්ස්කි සහ පුටින් අතර සාකච්ඡා?
 ඝතනය වූ ඇමරිකානු මාධ්‍යවේදියා

මෙම යුක්රේන රුසියානු ගැටුම ගැන බටහිර මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් පැවසූවේ නේටෝ සංවිධානය තම දේශසීමා පුළුල් කරගත්තා මිස රුසියාව සිය දේශසීමා පුළුල් කර නොගත් බවයි. එසේම යුක්රේනය සහ රුසියාව අතර ගැටුමක් ඇතිකිරීම සඳහා උසිගැන්වීම් කළේ ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ සංවිධානය බව ද ඕව්හු පැවසූහ. ඇමෙරිකාවේ අවි ආයුධ සමාගම්

 2000කට වඩා ඇති අතර එම සමාගම් නිපදවන ආයුධ රැුසක්් යුක්රේනයට යවා තිබේ. මෑතක දී ඇමෙරිකාව නිපද වූ ප‍්‍රබල යුද ටැංකි නාශක අවිධ යුක්රේනයට ලැබී ඇත. මෙම ගැටුම නිසා රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය ද දැඩි අසීරුතාවයකට මුහුණ පා තිබේ. ගගනගාමීන් තිදෙනකු මෙම මධ්‍යස්ථානයේ සිටිති. මෙය ගොඩබිමට හෝ මුහුදට කඩා වැටීමට ඉඩ ඇතැයි වාර්තා වේ එහි බර ටොන් 500 කි. මේ අතර රුසියාවේ පුද්ගලික ගුවන් යානා 17ක් ඊශ‍්‍රායලයට පැමිණ ඇත.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment