යුද්ධය නිසා රුසියාවට ක‍්‍රීඩා පිටියේ සම්බාධක

217

රුසියාව විසින් යුකේ‍්‍රනය තුළ සිදු කරනු ලබන යුද ක‍්‍රියාකාරකම් සහ මනුෂ්‍ය ඝාතනයන්ට එරෙහිව විරෝධය පළ කරමින් රුසියාවේ සහ බෙලරූස් හි පැවැත්වීමට නියමිතව තිබූ සියලූ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලි අවලංගු කිරීමට ජාත්‍යන්තර ටෙනිස් සංගමය තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ටෙනිස් සංගමය ඒ බව දන්වා ඇති අතර රුසියාව විසින් සිදු කරනු ලබන ආක‍්‍රමණ වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවත් මේ පිළිබඳව තමන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බවත් ජාත්‍යන්තර ටෙනිස් සංගමය එම නිවේදනයේ සඳහන් කර ඇත.

තමන්ගේ මීළඟ ක‍්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර ටෙනිස් සංගමය ආරක්ෂක විශේෂඥයන් සමඟ ක‍්‍රියාකාරී සාකච්ඡාවක රැඳී සිටින බවත් යුකේ‍්‍රන ජනතාව සමග තමන් එක්සත්ව සිටින බවත් ජාත්‍යන්තර ටෙනිස් සංගමය තව දුරටත් ප‍්‍රකාශ කර සිටී.

මේ අතර යුක්රේන ටෙනිස් තරුවක් වන එලීනා ස්විටෝලිනා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහ ජාත්‍යන්තර ටෙනිස් සංවිධානවල මතයට ගරු කරමින් ඇය ඉදිරියේදී රුසියාවේ සහ බෙලරූස් ක‍්‍රීඩිකාවන් සමග තරග කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.

දෙරට අතර යුද්ධය සම්බන්ධයෙන් එලීනා දරන මතයට ගරු කරන රුසියාවේ ප‍්‍රකට ටෙනිස් ක‍්‍රීඩිකා ඇන්ඩි‍්‍ර රුබ්ලෙව් මේ යුද්ධය වහා නතර කරන ලෙස සිය රට වන රුසියාවෙන් ඉල්ලා සිටී.

මේ අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රුසියාවේ ක‍්‍රියා කලාපයන්ට විරෝධය දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ සියලූ ජාත්‍යන්තර ක‍්‍රීඩා සම්මේලන රුසියාවේ තරග පැවැත්වීම සහ එම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරගවලට සම්බන්ධ කර ගැනීමෙන් වැළකී සිටිය යුතු බවයි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ යුරෝපා පාපන්දු සම්මේලනයද එම ප‍්‍රතිපත්තිය මත නැගී සිටිමින් රුසියාවේ පාපන්දු තරගාවලි නොපැවැත්වීමටත් පාපන්දු තරගාවලිවලදී රුසියානු ජාතික කොඩිය සහ හා ජාතික ගීය භාවිතා නොකිරීමටත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නියෝග නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment