යුද්ධය, මානව හිමිකම්, ජිනීවා සහ දිවයින

249

ගතවූ වසර 40 මුළුල්ලේ අප සිදු කළේ එම උත්කෘෂ්ට කි‍්‍රයාදාමයි. ඊළාම් යුද්ධයෙන් ශී‍්‍ර ලංකා හමුදාව කම්පනයට පත්වී වැනසෙන බව පැවසුවේ වීරකේෂරි පුවත්පතේ සත්තිරියන්ය. මගේ සොහොයුරා (ප‍්‍රභාකරන්) පරාජය කළ හැකි ජගතෙක් ලොව නැහැ යැයි ප‍්‍රභාකරන්ගේ සොහොයුරිය විනෝදනී කැනඩාවේ සිට පවසනු ලැබීය. කොටි කිසි දිනෙක පරාජය කළ නොහැකි බව ඉන්දීය ලේඛිකා ඇනිටා ප‍්‍රතාප් පවසනු ලැබීය. නෝර්වේ හිටපු ඇමැති එරික් සෝල්හයිම් සහ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් ද ප‍්‍රභාකරන් පරාජය කළ නොහැකි බව සඳහන් කළහ.

 ඉන්දීය රෝ බුද්ධි සේවාවේ හිටපු ප‍්‍රධානී බී.රාමන්් ද පැවසුවේ ජර්මානු හමුදාව විනාශ වූ අයුරින් ශී‍්‍ර ලංකා හමුදාව සමූල ඝාතනයවන බවයි. එහෙත් ප‍්‍රභාකරන් ජීවත්ව සිටියදී කොටි පැරදවිය හැකි බවත් ප‍්‍රභාකරන්ව විනාශ කළ යුතු බව ප‍්‍රසිද්ධියේ පැවසුවේ ඉරිදා දිවයින ආරක්ෂක විශේෂාංගයෙනි. අපේ ප‍්‍රකාශය තහවුරු කරමින් 2019 මැයි 18 වැනිදා ප‍්‍රභාකරන් පරාජවී ජීවිතයෙන් වන්දි ගෙවීමට ද සිදුවිය.

 ඉරිදා දිවයින ආරක්ෂක විශේෂාංගයෙන් එදා සිටම සිදු කළේ අපේ රණවිරුවන් දිරිගැන්වීමයි. මල්ටි බැරල් යන්ත‍්‍ර සහ ග‍්‍රාඞ් රොකට්, එම්අයි 24 ක්‍රොකර්ඩයිල් ප‍්‍රහාරක හෙලිකොප්ටර්, ඩෝරා ප‍්‍රහාරක යාත‍්‍රා, කෆිර් ප‍්‍රහාරක යානා ශී‍්‍ර ලංකා හමුදාවට ලබාගත යුතු යැයි එදා විශේෂයෙන්ම පෙන්නුම් කළෙමු. ඊට හොඳම නිදසුන 40,000 ක් හමුදාභට පිරිස් යාපනයේ කොටු වී සිටියදී ප‍්‍රභාකරන් ඔවුන්ට සුදු කොඩි ඔසවා යටත්වන ලෙස නියෝග කරද්දී වහාම මල්ටි බැරල් රොකට් යන්ත‍්‍ර ගෙන්වන ලෙස එවකට ආරක්ෂක බලධාරියා වූ අනුරුද්ධ රත්වත්තේ වෙත යෝජනා කිරීමයි.

 ජෙනරාල් රත්වත්තේ එවකට පකිස්තාන් ජනපති ෆර්වේෂ් මුශාරෆ්ගේ සහාය පැතීය. ඒ අනුව වසර 20 ක් පැරණි බීඑම් 21 මල්ටි බැරල් යන්ත‍්‍රයක් මෙරටට ලැබිණි. එහෙත් එය සාර්ථක නොවුණි. ඉන්පසු චෙක් රාජ්‍යය ආර්එම් 70 අධිබල මල්ටි බැරල් යන්ත‍්‍ර සහ ග‍්‍රාඞ් රොකට් සපයනු ලැබීය. පොළොව දෙදරන ග‍්‍රාඞ් රොකට් ප‍්‍රහාර එල්ල වීමෙන් බියට පත් කොටි වන්නියට පැන ගියහ. 2008 වසරේදී තවත් මල්ටි බැරල් යන්ත‍්‍ර කීපයක් කොළඹ වරායට ගෙන ආවේ ඉන්දීය රෝ සංවිධානයට හොරෙනි. මේ බලගතු යන්ත‍්‍ර වන්නි මෙහෙයුමේ සංකේතය වූ අතර ප‍්‍රභාකරන්ගේ බරපතළ පරාජයට එම ප‍්‍රහාරක යන්ත‍්‍රය හේතු විය.

 මේ අතර කොටි බංග්ලාදේශය හරහා චෙක් රාජ්‍යයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන ස්ලින් වර්ගයේ කුඩා යානා දෙකක් මිලට ගැනීමේ සිද්ධිය ද ආරක්ෂක විශේෂාංගයෙන් හෙළි කළෙමු. 2019 මැයි 18 වැනි දා කොටි පරාජය වීමෙන් පසු ජර්මනිය අපට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් ජිනීිවා යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළත් ජර්මනිය පරාජය විය. එම වසරේ සිට නොකඩවා ජිනීවා මානව හිමිකම් සමුළුවලට සහභාගි වූ මම කොටිඩයස්පෝරාවේ තක්කඩි කි‍්‍රයා මෙන්ම ඔවුන්ට සහායවන ද්‍රෝහි සිංහලයන් ගැන ද හෙළි කිරීමට හැකි විය. ඊට පෙර මහින්ද රාජපක්ෂ රජය කොටි සමග ජිනීවා සාම සාකච්ඡුා ආරම්භ කළ අවස්ථාවේ කොටි දේශපාලන නායක තමිල් සෙල්වම් අබුඩාබි ගුවන්තොටුපළේදී අපට හමුවිය.

 එහිදී තමිල් සෙල්වම් මා සමග පැවසුවේ ඒ 9 මාර්ගය විවෘත කරන ලෙස ශී‍්‍ර ලංකාවේ රජයෙන් ඉල්ලා සිටීමට ජිනීවා යන බවය. ඒ වනවිට කොටින්ගේ ඉල්ලීම කුමක්දැයි රජය දැන සිටියේ නැත. තමිල් සෙල්වම් කළ හෙළිදරව්ව පසුවදා ඉරිදා දිවයින පුවත්පතේ ප‍්‍රධාන පුවත ලෙස පළ වී තිබිණි. එසේම ජිනීවා හෝටලයකදී සාම සාකච්ඡුා සඳහා පැමිණමින් සිටි තමිල් සෙල්වම් ඇතුළු කොටි කණ්ඩායම දුටු අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුලේ ඇතුළු ශී‍්‍ර ලංකා ¥ත පිරිස ආසනවලින් නැඟී සිටීම ගැන ද මා අනාවරණය කළෙමි. මේ සිද්ධිය රජයේ බලධාරීන්ගේ උදහසට හේතුවිය.

 එසේම 2000 වසරේ අපේ‍්‍රල් මස චෙක් රාජ්‍යයෙන් මල්ටි බැරල් යන්ත‍්‍රයක් ගුවන් මගින් ප‍්‍රවාහනය කිරීමේදී සිදුවූ අනපේක්ෂිත සිදුවීම් ද හෙළි කිරීමට හැකි විය. මේ මල්ටි බැරල් යන්ත‍්‍රය කටුනායක ගුවන්තොටුපළේදී පරීක්ෂා කළ විට එහි වයර් කපා තිබූ බව අනාවරණය විය.

 එසේම 2 වැනි මල්ටි බැරල් යන්ත‍්‍රය ගුවනින් ගෙන එන අවස්ථාවේ එක්සත් එමීර් රාජ්‍යයේ ප‍්‍රහාරක යානා එම මල්ටි බැරල් යන්ත‍්‍රය සහිත යානාව පුජාරා නැමැති හමුදා ගුවන්තොටුපළට ගොඩබස්සනු ලැබීය.

 පසුව ශී‍්‍ර ලංකා රජයේ ඉල්ලීම් මත යානාව නිදහස් කෙරුණි. මේ අතර ගතවූ වසර 40 තුළ ආරක්ෂක විශේෂාංගයෙන් බි‍්‍රතාන්‍යයෙන් නේස්බි සාමිගේ හෙළිදරව්ව සාක්ෂි සහිතව අනාවරණය කිරීමට හැකි විය.

 ඒ වන්නි මෙහෙයුම සමයේ මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකව සිටි ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස් ලියවිලි නේස්බි සාමිවරයා එම රහස් ලියවිලි දැඩි දුෂ්කරතා මැද ලබාගෙන මාහට ලබාදීමට කි‍්‍රයා කළේය.

 ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය අතරින් නේස්බි සාමිගේ ලියවිලි ප‍්‍රකාශයට පත් කළේ ඉරිදා දිවයින ආරක්ෂක විශේෂාංගයෙනි.මේ වනවිට වන්නි මෙහෙයුමින් මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව 40,000 සිට දෙලක්ෂය දක්වා වැඩි කිරීමට හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා, බී. බී. සී. වාර්තාකාරි ප‍්‍රාන්සස් හැරිසන් කි‍්‍රයාකර තිබිණි. එහෙත් ඇන්ටන් ගෑෂ්ගේ රහස් වාර්තාවෙන් මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව 6700 – 7000 ක් අතර යැයි හෙළිකර තිබිණි.

 මේ රහස් වාර්තාව නේස්බි සාමිට ලබා නොදීමට බි‍්‍රතාන්‍ය රජය ගත් දැඩි උත්සාහය අසාර්ථක විය. මෙම රහස් වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට පසුගිය යහපාලන රජය කි‍්‍රයා නොකළ අයුරු විශේෂයෙන් හෙළි කිරීමට ඉරිදා දිවයින ආරක්ෂක විශේෂාංගයට හැකි වුණි. එසේම නෝර්වේහි ඔස්ලෝ නුවර පැවැති ත‍්‍රස්ත මර්දන සමුළුව සඳහා ඔස්ටේ‍්‍රලියාවේ ස්ෆර් සංවිධානයේ නියෝජිත රන්ජිත් සොයිසා ඇතුළු ¥ත පිරිස සමග සහභාගි වූ අවස්ථාවේ ඔස්ලෝහි ශී‍්‍ර ලාංකිකයකු සැපයූ රහස් තොරතුරුවලින් කොටි කණ්ඩායමක් රේන විශේෂ කාර්ය බළකා කඳවුරට ඇතුළු වී ඇතැයි හෙළි විය. මේ විශේෂ පුවත විශේෂයෙන් ආරක්ෂක විශේෂාංගයෙන් හෙළිදරව් කළවිට නෝර්වේ තානාපති කාර්යාලය කලබල වී එම කොටි කණ්ඩායම සංහිඳියා සංචාරයක නිරත වී ඇතැයි කියා සිටියේය.

 එහෙත් විශේෂ කාර්ය බළකා කඳවුරක සිදුකරන සංහිඳියාව කුමක්ද? එසේම නෝර්වේහි නොරාඞ් රාජ්‍ය නොවන සංවිධානය කොටින්ට එරෙහිව යුද්ධ කිරීම වැළැක්වීම සඳහා මෙරට දේශපාලකයන්ට, මාධ්‍යවේදීන්ට, ආචාර්යවරුන්ට සහ සංවිධානවලට ක්‍රෝන් මිලියන ගණනක් ලබාදීමට කි‍්‍රයා කළ බව සාක්ෂි සහිතව හෙළි කළෙමු.

 මෙවන් විශේෂිත වූ ගවේෂණාත්මක සන්නිවේදන තොරතුරු ඉරිදා දිවයින ආරක්ෂක විශේෂාංගයෙන් හෙළි කළ අතර වෙනත් සිංහල, ඉංගී‍්‍රසි කිසිදු මාධ්‍යයකින් හෙළි වූයේ නැත. ඉරිදා දිවයිනේ වසර 40ක ඉතිහාසය තුළ අප හෙළි කළ තොරතුරු නිසා ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් සහ මඩ වෙබ් අඩවි මෙහෙයවන නරුමයන් විවිධ නින්දා සහගත ප‍්‍රචාර දියත් කළත් අප ඉන් සැළුනේ නැත. ඉරිදා දිවයින බිම දැමීමට ද එම මඩ වෙබ් අඩවිකාරයන්ට නොහැකි විය. මේ අවමන් සහගත ප‍්‍රචාර දියත් කළ උන් දෙදෙනෙක් ශී‍්‍ර ලංකාව පාවාදී විදේශ රටවලදී දේශපාලන රැුකවරණ ලබා සිටිති.

 මේ අතර 1996 ජනවාරි 31 දා කොටි ත‍්‍රස්තයෝ කොටුවේ මහ බැංකුව වෙත බෝම්බ ලොරියක් හප්පා ජීවිත 100කට අධික සංඛ්‍යාවක් විනාශ කිරීම ගැන ප‍්‍රභාකරන් වගකිවයුතු බටව තහවුරු වූයේ ත‍්‍රස්ත මර්දන පොලිස් පරීක්ෂක නිලබ්දීන් දිවි නොතකා කළ මෙහෙයුමකිනි.

 මෙම බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ තම්බි නොහොත් රගු නමැති ත‍්‍රස්තයාට ප‍්‍රභාකරන් තෑගි කළ තෑගි පෙට්ටියේ ප‍්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සටහන් වී තිබිණි. මේ තෑගි පෙට්ටිය රහසේ රගුගේ මුතූර් නිවසේ තිබී සොයාගනු ලැබුවේ නිලබ්දීන්ය. කොටි සැරිසරන අඩවියට ගොස් ප‍්‍රභාකරන්ගේ තෑගි පෙට්ටිය සොයා ගැනීම නිසා ප‍්‍රභාකරන් මහ බැංකු ප‍්‍රහාරයට වගකිවයුත්තා බව තහවුරු විය. මේ නිසා විනිසුරු සරත් අඹේපිටිය ප‍්‍රභාකරන්ට වසර 200කට සිරගෙට නියම කළේය.

 නිලබ්දීන් සොයාගත් ප‍්‍රභාකරන්ගේ තෑගි පෙට්ටිය විශේෂයෙන් හෙළි කළේ ඉරිදා දිවයිනේ ආරක්ෂක විශේෂාංගයෙනි.

 මේ අතර 1995 අපේ‍්‍රල් 28 සහ 29 දිනවල කොටි උතුරේදී ගුවන් හමුදා ඇව්රෝ යානා දෙකකට මිසයිල ප‍්‍රහාර එල්ලකර විනාශ කරනු ලැබීය.

 ඇව්රෝ යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල වීමට පෙර කොටි ඇෆ්ගන් මුහෙයිදීන් ත‍්‍රස්තයන්ගෙන් ස්ටෙ‍්‍රලා සහ සෑම් මිසයිල ලබාගෙන ඇති බව හෙළි කළෙමු. එහෙත් එවකට සිටි ගුවන් හමුදාපති අප කළ හෙළිදරව්ව පිළිගත්තේ නැත. මෙම තොරතුරු මැද මෙරට ඉතිහාසයේ විශාලතම පාවාදීම හෙවත් ද්‍රෝහිකම වූ පොලිස් භටයන් 600ක් කොටින් හමුවේ යටත්වන ලෙස කළ නියෝගය නිසා එම පොලිස් භටයන් අමානුෂික ලෙස ඝාතනය වීමේ සිද්ධියේ යටගියාව හෙළි කිරීමට ද අපට හැකිවුණි.

 එසේම කොටි න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම් නතර වී සිටි ගලධාරි හෝටලයේ කාමරයක ශී‍්‍ර ලංකා රජය තෑගි කළ සල්ලි පෙට්ටි ද දුටු වෙමු. මේ හැර කොටි දේශපාලන නායක තමිල් සෙල්වම් කොළඹ ආමර් වීදියේ බාබර් සාප්පුවක සේවය කළ අයුරු ද විශේෂයෙන් අනාවරණය කිරීමට හැකි විය.

 2009 වන්නි මෙහෙයුම ජය ගැනීමෙන් පසු 2020 වනවිට ශී‍්‍ර ලංකාව මානව හිමිකම් වාර්තාවක වගන්ති 64 කින් යුද අපරාධ චෝදනා එල්ල වී ඇතැයි 2020 නොවැම්බර් 15 දා ඉරිදා දිවයින ආරක්ෂක විශේෂාංගයෙන් හෙළි කළෙමු. මෙවැනි ගවේෂණාත්මක තොරතුරු ශී‍්‍ර ලංකාවේ වෙනත් මාධ්‍යවලින් කිසිවිටක අනාවරණයකර නැත.

 ඉරිදා දිවයින ගතවූ වසර 40 තුළ හෙළිදරව් කළ තොරතුරුවලින් කීපයක් මෙසේය.

 1. 2019 පෙබරවාරි වන්නි මෙහෙයුමේදී හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අධිකරණයට

 2. කළු කොටි 346කගේ ලැයිස්තුව ඔස්ටේ‍්‍රලියාවෙන්

 3. කළු කොටි නායිකා සන්තියා ඉන්දුනිසියාවේදී මරුට

 4. දරුස්මාන් වාර්තාවේ බොරු සාක්ෂි 4000 ක්

 5. අරන්තලාව-දිගම්පතන ප‍්‍රහාර එල්ල කළ කොටි නිදහස් වීම.

 6. ජිනීවා යෝජනාවට ඔස්ටින් ප‍්‍රනාන්දු පාර කැපූ හැටි

 7. පොට්ටු අම්මාන් ජීවතුන් අතර

 8. මංගල සමරවීර සහ එමානුවෙල් සිය ගමනේ සතරකන් මන්ත‍්‍රණය

 9. ශ‍්‍රී ලංකා රජය කොටි ත‍්‍රස්තයකු බේරාගත් අයුරු.

 10. ස්විස් රජය කොටි 13කට ඩොලර් මිලියන 05 ක් වන්දි ගෙවයි.

 මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇමෙරිකාවට පාවාදුන් ජුදාස්ලා කවුදැයි අනාවරණය කිරීමට ක‍්‍රියා කරයි.

 මේ ජුදාස්ලා කවුරුන්ද?

 1. හිටපු මේජර් ජෙනරාල්වරයෙක්

 2. හිටපු ආරක්ෂක වාර්තාකරුවෙක්

 එහෙත් මේ පාවාදීම හෙළිකිරීමට කිසිවෙක් ක‍්‍රියාකළේ නැත. එහි ප‍්‍රතිඵලය වූයේ ශවේන්ද්‍ර සිල්වාට පමණක් නොව, ඔහුගේ පවුලේ අයට ද ඇමෙරිකාවට පැමිණීම තහනම් වීමයි.

 මෙම මේජර් ජෙනරාල්වරයා මෙරට සිටින අතර වාර්තාකරු ස්විට්සර්ලන්තයේ දේශපාලන රැුකවරණ ලබා ඇත. මේ අතර වන්නි මෙහෙයුම ජය ලැබීමට පෙර හිටපු ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක්් නෝර්වේ තානාපති ටෝරේ හැට්රන් ඇමෙරිකානු මැරයින් බළකායක් මෙරටට කැඳවා ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි 260 ක් බේරාගැනීමට ද උත්සාහ කිරීමේ සිද්ධියක්ද අනාවරණය කළමි.

 මෙලෙස කොටි පැරදවීම සඳහා නොකඩවා ‘ඉරිදා දිවයින’ ආරක්ෂක විශේෂාංගයෙන් ක‍්‍රිියාකරන අවස්ථාවේ අප පුවත්පතට ජාතිවාදී ලේබලය ඇලවීමට ද රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රයාකාරීහු කටයුතු කළහ. හිටපු දේශපාලනඥයකු පාර්ලිමේන්තුවේදී අපට පරිබව කළ අතර රටේ ජනතාව පසුගිය මැතිවරණයේදී ඔහුව පරාජය කරනු ලැබීය. මේ අතර ප‍්‍රංශයේ සිටින කොටි ඩයස්පෝරා නායකයා මරියදාස් බොස්කෝ යැයි ද හෙළි කළෙමු. ඊට අමතරව හමුදාව විසින් මරාදැමූ බවට පැවසූ කොටිබිරියන් ජිනීවා මානව හිමිකම් සමුළුවලදී අපට දැකගැනීමට ලැබුණු අයුරු ද අනවරණය කිරීමට අපට හැකිවිය.

 නෝර්වේ සහය මත කොටි පොලිසියේ කණ්ඩායමක් අයර්ලන්තයේ පොලිස් පුහුණුව ලැබීමට මෙරටින් පිටව ගිය අයුරුද 40 වසර තුළ අප හෙළිදරව්කළ තොරතුරු අතර වේ. කොටි පරාජයවන බව මෙරට මාධ්‍ය අතරින් විශේෂයෙන් සඳහන් කළේ ‘ඉරිදා දිවයින’ ආරක්ෂක විශේෂාංගයෙනි. කොටි ජයගන්නා බවත් මට විදේශ රටකට පැනයෑමට සිදුවන බවත් එක් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් පවසා තිබුණි. එහෙත් එම ආචාර්යවරයා තවදුරටත් මෙරට රැුඳී සිටියි. 2004 දෙසැම්බර් 26 දා ‘ඉරිදා දිවයින’ පත‍්‍රයේ ආරක්ෂක විශේෂාංගයෙන් කොටි ත‍්‍රස්තයන්ට අන්තර්පාලන අධිකාරිය ලබාදීමට එවක පැවැති රජය දැරූ උත්සාහය ද ජනතාවගේ අවධානය උදෙසා හෙළිකරනු ලැබීය. එසේම ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් ජිනීවා නුවර ක‍්‍රියාත්මක වන බව ද මුල්වරට අනාවරණය කළෙමු. අතුරුදන්වූ කොටි කොකොස් සහ ටර්ක්ස් ¥පතෙන් මතුවීමත් දේශපාලන සිරකරුවන් මුවාවෙන් ද්‍රෝහි සිංහලයන් ස්විට්සර්ලන්තයේ සිටින අයුරුත් හෙළි කිරීමට අපට හැකිවූයේ සාක්ෂි සමගය.

 2021 පෙබරවාරි 21 දා වත්මන් රජය ජිනීවා යෝජනාවට සංශෝධන ඉදිරිපත් කළ අයුරුද හෙළිකිරීමට හැකිි විය.

 මේ අතර කටුනායක සහ කොළඹ බෝම්බ දැමූ ස්ලින් යානා මෙහෙයුම දියත් කළ වාන් පුලිගල් කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක වූ ගුශාන්තන් හෙවත් දර්ශන් මාස්්ටර් අල්ලා ගැනීමට හැකිවූයේ මැලේසියාවේ නියෝජ්‍ය මහකොමසාරිස්ව සිටි මේජර් ජෙනරාල් සුමිත් මානවඩු නිසාය. මානවඩු සහ මැලේසියා පොලිස්පති එක්ව දියත්කළ මෙහෙයුමකදී ගුශාන්තන් අසුවී මෙරටට ගෙනඑනු ලැබීය. එහෙත් යහපාලන රජය වසරකට පසු ගුශාන්තන් මුදාහැරියේය. ගුශාන්තන් ඇල්ලීමේ මෙහෙයුම පවා අනාවරණය කිරීමට හැකිවූයේ මට පමණකි. මෙයට අමතරව යහපාලන රජය ඉන්ටර්පෝල් පොලිසියේ දුටුතැන අල්ලනු ලැයිස්තුවෙන් කොටි 132කගේ නම් ඉවත්කිරීමට ක‍්‍රියාකිරීමේ ද්‍රෝහි ක‍්‍රියාදාමය හෙළිදරව් කිරීමට ආරක්ෂක විශේෂාංගයෙන් ක‍්‍රියාකිරීම ද සුවිශේෂ සිද්ධියකි.

 * කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment