යුදෙව් සංස්කෘතියට දරුවන් හදන මාර්ක්

346

ප්‍රිසිලා චෑන් සහ මාර්ක් සකර්බර්ග්ගේ සම්බන්ධය ආරම්භ වූයේ ඔවුන් හාවඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේය. ඇයගේ පළමු වාරයේ දී මාර්ක් හමුවිය. ඒ වන විට ඔහු දෙවැනි වසරේ සිසුවෙක් විය. මේ 2003 කාලයට දිව යන කතාවකි. චෑන් ශිෂ්‍යත්වයක් දිනා ගෙන හාවඩ් වෙත තේරුණු ශිෂ්‍යාවක් වූ අතර අනෙක් සිසුන් සමග ගැළපීම ඇයට දුෂ්කර විය. වියට්නාම් යුද්ධයෙන් පසු ඇමෙරිකාවට පැමිණි චීන සරණාගතයන්ගේ දියණියක් වූ ඇය හැදී වැඩුණේ බොස්ටන්හි උපනගරයක් වන ක්වින්සි හි ය. ඇගේ දෙමාපියන් යන්තම් හෝ ඉංග්‍රීසි කතා කළේ නැත, ඔවුහු විවිධ රැකියා කරමින් ජීවිතය ගැට ගසා ගැනීමට අරගල කළහ. ඇගේ පියා ඩෙනිස් අවසානයේ බොස්ටන්හි චීන අවන්හලක් විවෘත කිරීමට ප්‍රමාණවත් මුදලක් උපයා ගත් අතර එහිදී ඔහු සහ චෑන්ගේ මව ඉවෝන් එහි පැය 18ක් වැඩ කළහ. කුඩා චෑන් වැඩි වශයෙන් හැදී වැඩුණේ ඇගේ මිත්තනියගේ සෙවනේය.

අනාගතය වෙනුවෙන් ජලනළ කාර්මිකයන් සහ විදුලි කාර්මිකයන් පුහුණු කරන වෘත්තීය විද්‍යාලයක් වන කුවින්සි උසස් විද්‍යාලය වෙත ගිය චෑන්ට දැනුනේ තමා පිටස්තරයකු ලෙසය. එහිදී තම සහෝදර සිසුන්ගේ දරුණු ලෙස හිරිහැරවලට ඇයට මුහුණපාන්නට සිදුවිය. ඇය දිවා ආහාරය අනුභව කළේ ගැහැනු ළමයින්ගේ වැසිකිළි තුළ සැඟවීය. කෙසේ වෙතත්, රොබෝ තාක්ෂණය ඇතුළු විද්‍යාවන් හොඳින් හැදෑරු චෑන් සිසුන් අතර දිලෙන්නට විය. ඇගේ එක් විද්‍යා ගුරුවරයකු වන ස්වන්සන් මහතා මේ තරුණ ශිෂ්‍යාවට හාවඩ් හි ජීව විද්‍යාව හැදෑරීමට අයදුම් කිරීමට උදව් කළේය. ඒ හරහා ඇගේ ඉරණම වෙනස් විය. මෙටා ප්‍රධානි සකර්බර්ග් හැදී වැඩුණේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ හොඳින් උගත් මධ්‍යම පාන්තික යුදෙව් පවුලක ය. නමුත් චෑන් පවසන්නේ “මම උරුමයෙන් චීන ජාතිකයෙක්, නමුත් මගේ ආච්චිලා සීයලාගේ සයිගොන් ජීවත් වුණා. අපේ අම්මා වියට්නාමයෙන් පිටවෙන්න බෝට්ටුවට නංවද්දී ඇගේ වයස අවුරුදු 12යි.

දශකයකට අසන්න කාලයක් පෙමින් වේලී සිටි මේ යුවල 2012 විවාහ විය. ඒ උත්සවයට සහභාගි වූයේ අමුත්තන් 100 කට වඩා අඩු සංඛ්‍යාවකි. ෆේස්බුක් නිර්මාතෘට දිගුකාලීන පෙම්වතියක් පවා සිටින බව දැනගත් විට ඔහුගේ මිතුරෝ පුදුමයට පත් වූහ. සකර්බර්ග් 2017දී සිය දෙවන දරුවා වන ‘ඔගස්ට්’ දියණිය උපත ලැබූ විට මාස දෙකක පීතෘ නිවාඩු ලබා ගත්තේය. චෑන්ට අනුව, ඔහු ඉතා ප්‍රායෝගික පියෙකි. ඔවුන් ළමා රැකවරණය දෙදෙනා අතර බෙදා ගනී: ඇය උදෑසන කරන වැඩ ඔහු රාත්‍රියේ වැඩ කරයි. මාර්ක් තම ගැහැනු දරුවන් යුදෙව්වන් සංස්කෘතියට අනුව ඇති දැඩි කරයි, එනිසාම සකර්බර්ග් නින්දට යන විට කුඩා යාච්ඤාවක් කරයි. නමුත් මැන්ඩරින් භාෂාවෙන් කතා කළ චෑන්ට තම චීන සංස්කෘතිය දරුවන්ට හඳුන්වාදීමට හැකියාව අඩුය. “ඔබ දන්නවා, අපි උත්සාහ කළා, එය සාර්ථක වුණේ නැහැ, නමුත් අපි අපේ දරුවන් බහු සංස්කෘතික ලෙස හදාගන්න උත්සාහ කරනවා.” ඇය සුසුමක් හෙළයි. සෑම සිකුරාදා දිනකම මාර්ක් පවුල ෂබාත් රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කරයි. මෙහිදී මාර්ක් බිරිඳ රාත්‍රී භෝජන සංග්‍රහයට චීන කෑමද එක්කරයි.

දැන් මෙටා ප්‍රධානියා තිදරු පියෙකි. ඔහුගේ තුන්වැනි දියණිය උපත ලැබුවේ පසුගිය සතියේය. ඒ ගැන ඔහු සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මෙලෙස සටහන් කර තිබිණි. “ලෝකයට සාදරයෙන් පිළිගනිමු, ඕරේලියා චැන් සකර්බර්ග්! ඔබ ඉතා කුඩා ආශිර්වාදයක්,” සටහනේ එක් පින්තූරයක, සකර්බර්ග් මහතා තම අලුත උපන් බිලිඳා දෙස බලා සිනාසෙනු දැකිය හැකිය. දෙවන පින්තූරයේ දැක්වෙන්නේ චෑන් මහත්මිය සිය බිලිඳිය සමග සිටින අයුරුය. මේ ධනවත් යුවලගේ පළමු දියණිය මැක්සිමා හත් හැවිරිදි වියේ පසුවන අතර දෙවැනි දියණිය ඔගස්ට් පස් හැවිරිදි වියේ පසුවෙයි. මාර්ක් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී තම බිරිඳ ගැබ්ගත් පුවත ප්‍රකාශ කර තිබුණි. ඔහු ලිව්වේ, “බොහොම ආදරයයි. ලබන වසරේ මැක්ස් සහ ඔගස්ට් නව සහෝදරියක් ලැබෙන බව දැනගැනීම සතුටුයි” යනුවෙනි. 2017 දී සිය දෙවැනි දියණිය ඉපදුනු විට ඔහු මෙලෙස ලියා තිබිණි. “ඔගස්ට්, අපි ඔබට බොහෝ සේ ආදරය කරන අතර ඔබ සමඟ මෙම වික්‍රමාන්විතයට ගමන් කරන්නේ ඉතා සතුටෙනි අපි ඔබට ප්‍රීතියෙන්, ආදරයෙන් බලාපොරොත්තුවෙන් පිරුණු ජීවිතයක් ප්‍රාර්ථනා කරමු.” ඔගස්ට් නමෙන් අදහස් කරන්නේ ගෞරවය හෝ යමෙකු උසස් ලෙස සැලකීමයි. සාමානයෙන් ඔගස්ට් නම තබන්නේ ගැහැනු දරුවන්ට නොව පිරිමි දරුවන්ටය. නමුත් මේවා තාත්තගේ කැමැත්ත පරිදි තබන නම් වේ. ඒ ගැන අපට තර්කයක් නැත. පළමු දියණියගේ මාක්ස් යන නාමයද වැඩියෙන් ගැහැනු ළමුන්ට ලබා දෙන නමක් නොවේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment