යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදාවේ 58 කට ජාත්‍යන්තර වරෙන්තු

306

යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් 58කට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමට ජාත්‍යන්තර අධිකරණයට සූදානම් වනබව ජිනීවා ආරංචි මාර්ග පවසයි.

ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ එම නිලධාරීන්ට එල්ල වූ චෝදනා ඇතුළත් වාර්තාවක් ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂ කරීම් ඛාන් වෙත යවා තිබුණි.

ලබන 7දා පැවැත්වෙන ජිනීවා ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වීමට නියමිත අතර ඉන් පසු මෙම ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වන්නේ ජාත්‍යන්තර නීතිය යටතේයි.

මෙතෙක් එවන් නීතියක් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී නොතිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment