යුද අපරාධ විමර්ශන දේශීය යාන්ත්‍රණයකට හමුදාව එකඟ වෙයි

163

මෙරට හමුදා නිලධාරීන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ආරක්‍ෂක හමුදාව ද ප්‍රථම වරට එකඟ වී ඇත. මෙයට හේතුවී ඇත්තේ මෙම චෝදනා නිසා එක්සත්ජාතීන්ගේ සාම බළකායේ සේවය සඳහා චෝදනා එල්ල වී නැති හමුදා නිලධාරීන්ට ද යෑමට නො හැකි වීමයි.

දේශීය යාන්ත්‍රණයක් තුළින් විමර්ශන පැවැත්වීමෙන් යුද අපරාධ චෝදනා ද්වේශසහගත ලෙස එල්ල වී ඇති හමුදා නිලධාරීන් නිදහස් වන බව ඉහළ පෙළේ ආරක්‍ෂක හමුදා ආරංචි මාර්ග පැවැසීය.

මෙම දේශීය යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට රජය දකුණු අප්‍රිකානු රජයේ සහය පතා ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment