යුද අපරාධ සිදු වුණාද සොයන්න රජයෙන් කොමිසමක්

114

යුද අපරාධ සිදු වූයේ ද යන්න සෙවීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වන 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙර මෙය ස්ථාපිත කෙරේ.

සත්‍ය සෙවීම සහ සංහිඳියා කොමිසම නමින් මෙය හැඳින්වේ. මෙම කොමිසමට පරිපාලන බලතල සහ යුද අපරාධ චෝදනා එල්ලවන හමුදා නිලධාරීන්ට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකිවන නමුත් ඔවුන්ට නඩු ගොනු කිරීමේ බලතල හිමි නොවේ.

මේ අතර විදේශ කටයුතු ඇමැති අලි සබි්‍ර සහ අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ යන මහත්වරු ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා මෙම සත්‍ය සෙවීමේ කොමිසම ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේට කරුණු දක්වනු ඇත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment