යුද අපරාධ සොයන්න දේශීය යාන්ත්‍රණයක්

99

ශ්‍රී ලංකා හමුදාවට එල්ලවූ යුද අපරාධ චෝදනා ගැන වසර 14 කට පසු දකුණු අප්‍රිකානු රජයේ සහය මත දේශීය යාන්ත්‍රණයක් මගින් විමර්ශනය කිරීමට රජය තීරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2023 සහ 2024 වසරවලදී යුද අපරාධ චෝදනා එල්ලවූ හමුදා නිලධාරීන්ට ඩොලර් බිලියන 1.2 ක් වැයකර නඩු ගොනු කිරීමට සූදානම් වීම නිසා ඊට පෙර මෙම දේශීය යාන්ත්‍රණය ආරම්භ කෙරේ.

එක්ලක්‍ෂ හතළිස් දහසක ද්‍රවිඩ ජනතාවක් ඝාතනය වූ බවට චෝදනා එල්ල වූවත් මියගිය සංඛ්‍යාව හයදහසත් හත්දහසත් අතර බව බ්‍රිතාන්‍ය රහස් වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබුණි. දකුණු අප්‍රිකානු රජයේ සහය මත ආරම්භ වන එම දේශීය යාන්ත්‍රණයේදී යුද අපරාධ සිදුකළ බවට තහවුරු වුවහොත් හමුදා නිලධාරීන්ට දේශීය ලෙස දඬුවම් කෙරේ. මේ වන විට මේජර් ජනරාල්වරු 12 දෙනකු ඇතුළු හමුදා නිලධාරීන් 400 දෙනකුට යුද අපරාධ චෝදනා එල්ලවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment