යුද ගැටුම්වලට ලක්වූ පවුල්වලට යුරෝපා සංගමයෙන් නව නිවාස

89

යුරෝපා සංගමය (EU) විසින් යූරෝ මිලියන 14 ක අරමුදල් සපයන ලදුව, ශ‍්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ක‍්‍රියාත්මක කළ ව්‍යාපෘතිය, Homes not Houses යටතේ ඉදි කෙරුණු නිවෙස්, යුරෝපා සංගමයේ නියෝජිතවරුන් විසින් නිවෙස් හිමියන් වෙත ප‍්‍රදානය කළේය. බහු වාර්ෂික සහ බහු පැතිකඩ සහිත මෙම කාර්යභාරය හැබිටැට් ෆෝ හියුමැනිටි සහ වර්ල්ඞ් විෂන් ලංකා විසින් සාර්ථකව නිමා කළේ, ගැටුම් වල බලපෑමට ලක් වූ පවුල් 2,370 කට සිය ජීවිත සහ අනාගතය ගොඩනැ`ගීමට ඉවහල් වන කටයුතුවලට සහය සලසමින් හා ඔවුන් බලගන්වමිනි.

නිවෙස් හිමියන් වෙත නිවාස ප‍්‍රදානය කරන උත්සවයේදී යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා තානාපති ඩෙනි චයිබී මහතා කියා සිටියේ සැබැවින්ම මා මේ ව්‍යාපෘතිය දකින්නේ ජනතාව වෙත කළ ආයෝජනයක් ලෙසටයි. විශේෂයෙන්ම, ප‍්‍රචණ්ඩකාරී ගැටුම්වලින් දුෂ්කරතාවන්ට පත් වූ අයට නැවතත් ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්නට හැකියාව ලබාදීමක් ලෙසටයි කීය.

මෙම ව්‍යාපෘතිය අනුගමනය කරන්නේ නවෝත්පාදන ක‍්‍රමවේදයකි. නිවෙස් හිමියන්ගේ දායකත්වය සහිත ප‍්‍රවේශයක් වූ එමගින් තම තමන්ගේ නිවෙස් නිර්මාණයට සහ ඉදිකිරීමට ඔවුන් සෘජු දායකත්වයක් සැපයීය. එසේම, නිවෙස් ඉදි කිරීමට යොදා ගනු ලැබුවේ තිරසාර සහ කාබන් සංයුතියෙන් අඩු ඉදිකිරීම් තාක්‍ෂණයන්ය. නිවෙස් වලින් 45% පමණ ඉදි කරන ද්දේ සම්පීඩිත පස් ගල් (Compressed Stabilized Earth Blocks – (CSEB)  වැනි දේශීය නිෂ්පාදන යොදා ගනිමිනි. පිරිවැයත් කාබන් සංයුතියත් ඉහළ මට්ටමක පවතින ආනයනික සිමෙන්ති වෙනුවට එය කදිම විසඳුමක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment