යුද හමුදාපතිට අමතක නොවූ ‘පරාජිතයින් අතර වීරයා’

1024

වර්ෂ 1964 දී ටෝකියෝ නුවර පැවැති ගිම්හාන ඔලිම්පික් තරගාවලියේදී මීටර් 5000 සහ මීටර 10,000 ඉසව් නියෝජනය කරමින් ලෝකයේම අවධානයක් දිනාගත් දිගුදුර ධාවන ශූර කෝප‍්‍රල් රණතුංග කරුණානන්දගේ
 
 පවුලේ සාමාජිකයන්ගේ සුවදුක් වීමසීමට ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කටයුතු කළේය.
 
 එ් අනුව පනාගොඩ යුද්ධ හමුදා ක‍්‍රීඩා සංවර්ධන ගම්මානයේ සේනාවිධායක බි‍්‍රගේඩියර් ප‍්‍රියන්ත නවරත්න සහ යුද්ධ හමුදා ක‍්‍රීඩා අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් නලින් බණ්ඩාරනායක ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු යුද්ධ හමුදාපතිතුමන් නියෝජනය කරමින් කෝප‍්‍රල් කරුණාරත්නගේ නිවස වෙත ගොස් ඔවුන්ගේ
 
 සුවදුක් විමසා සිටියේය. එහිදී යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාද කෝප‍්‍රල් කරුණානන්දගේ
 
 පුතා සහ දියණිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ සුවදුක් වීමසුවේය. එමෙන්ම කෝප‍්‍රල් කරුණානන්දගේ බිරි`දගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා සිටි යුද්ධ හමුදාපතිතුමා ඔවුන්ගේ
 
 අනාගත අපේක්ෂාවන් උදෙසා සහයෝගය දැක්වීමට හැකි ආකාරය පිළිබඳව ද ඔවුන් සමඟ සාකච්ඡුා කළේය. එම අවස්ථාවේදී යුද්ධ හමුදාපතිතුමන් නියෝජනය කරමින්, කෝප‍්‍රල් කරුණානන්දගේ නිවසට ගොස් සිටි යුද්ධ හමුදා නිලධාරීන් ඔවුන්ට ත්‍යාග ද ප‍්‍රදානය කිරීමක්ද සිදු කළහ.
 
 1964 වර්ෂයේ ජපානයේ ටෝකියෝ නුවර පැවැති ඔලිම්පික් තරගාවලියේ දී කෝප‍්‍රල් කරුණානන්ද සහභාගි වූ මීටර් 10,000 ධාවන ඉසව්වේ අවසන් ස්ථානය සනිටුහන් කරමින් ‘හොඳම පරාජිතයා’ ලෙස පිදුම් ලැබූ කෝප‍්‍රල් රණතුංග කරුණානන්ද ජපන් ජනතාව අතර වීරයෙක් ලෙස ජනප‍්‍රිය විය. 1964 වර්ෂයේ ඔක්තෝබර් මස 14 වන දින රටවල් 17 ක් නියෝජනය කරමින් මලල ක‍්‍රීඩකයන් 29 ක් සහභාගිවූ මීටර් 10,000 ධාවන ඉසව්ව අනෙක් සියලූම ක‍්‍රීඩකයන් අවසන් කර සිටියදීත් තම සම්පූර්ණ දුර ප‍්‍රමාණය අවසන් වනතුරු තරගය අත් නොහැර තරග කළ කරුණානන්ද ජපන් ජනතාව අතර වීරයෙක් වෙමින් ඉතිහාසයට එක්විය.

kandos18
advertistmentadvertistment
advertistmentadvertistment