යුද හමුදාපති ලීග් විස්සයි විස්ස තරගාවලිය… අශාන්ගේ සුපිරි ප‍්‍රහාරයෙන් නොදර්න් පිලට ජය

301

අශාන් රන්දිකගේ ප‍්‍රවේගකාරි පිති ප‍්‍රහාරය සහ සීකුගේ ප‍්‍රසන්නගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලූ 5ක ජයක් වාර්තා කිරීමට නොදර්න් වොරියර්ස් කණ්ඩායම ඊයේ (03 වැනිදා* සමත්විය. එ් අනුව 2021 යුද හමුදාපති ලීග‘ පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් සිය අපරාජිත භාවය තව දුරටත් රැුක ගැනීමට නොදර්න් වොරියර්ස් කණ්ඩායම සමත්විය.

 තරගාවලියේ හත් වැනි තරගය ලෙසින් ෙදාඹගොඩ යුද හුමුදා කී‍්‍රඩා පිටියේදී පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් වෙස්ටර්න් කණ්ඩායම පන්දුවාර 19.5කදී සියලූ දෙනා දැවී ලකුණු 131ක් ලබා ගැනීමට සමත්විය. තරගාවලිය පුරා සාර්ථකම පිතිකරුවෙක් බවට පත්ව සිටි උපුල් තරංග ඊයේ දිනයේදී ලකුණු 11කට දැවී ගියේය. කවීෂ් කුමාර පන්දු 40කදී එක් හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 32ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය. යෂෝද් මෙන්ඩිස් පන්දු 18කදී ලකුණු 31ක් වාර්තා කිරීමට සමත්විය.

 වෙස්ටර්න් ඉනිම අසරණ කළ නොදර්න් වොරියර්ස් නායක සීකුගේ ප‍්‍රසන්න ලකුණු 23කට ප‍්‍රතිවාදී කඩුලූ 3ක් බිඳ දැමීය. හේෂාන් හෙට්ටිආරච්චි ලකුණු 26කට කඩුලූ 2ක් බිඳ දැමීය.

 ලකුණු 132ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා ගිය නොදර්න් වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 15.4කදී කඩුලූ 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය. ප‍්‍රවේගකාරි ඉනිමක් දියත් කළ අශාන් රන්දික පන්දු 31කදී ලකුණු 76ක් රැුස් කළේය. හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් එම ඉනිමට ඇතුළත් විය. සීකුගේ ප‍්‍රසන්න ලකුණු 28ක් වාර්තා කිරීමට සමත්විය. වෙස්ටර්න් වෙනුවෙන් ගිහාන් කෝරලගේ ප‍්‍රතිවාදි ඉනිමේ ලකුණු 26කට කඩුලූ 2ක් බිඳ දැමීය.

 කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment