යුද හමුදාවට ගුවනින් ප‍්‍රහාරයක්

280

නිපෝන් පේන්ට් අභියෝග ‘පළඟ’ ශූරතා රග්බි තරගාවලිය

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක නිපෝන් පේන්ට් අභියෝග කුසලාන ‘පළඟ’ ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ තවත් තරගයක් ඉකුත් සිකුරාදා (01) පැවැති අතර එහිදී යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 27 – 20 ක් ලෙස ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට ගුවන් හමුදාව නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ප‍්‍රථම භාගය නිමා වන විට ලකුණු 15 – 08 ක් ලෙස පෙරමුණේ පසු වන්නට ගුවන් හමුදා පිලට හැකි විය. මෙම තරගයේ දෙවන භාගය තියුණු මුහුණුවරක් ඉසිලීම කැපී පෙනුණි.

තරගයේ තීරණය විසඳුණු දඬුවම් ගෝලය ගුවන් හමුදාව වෙත පිරිනැමෙන විට දෙපිලම ලකුණු 20 – 20 ක් ලෙස සම තත්ත්වයක පසු විය.

ගුවන් හමුදාව ගෝල් දිනුම් 01, දඬුවම් ගෝල් 01, උත්සාහක දිනුම් 02 සහ දඬුවම් පහර 01 මගින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත යුද හමුදා ලකුණු එකතුව ගෝල් දිනුම් 01, උත්සාහක දිනුම් 02 සහ දඬුවම් පහර 01ක් ආශ‍්‍රිතව සටහන් විය.

ගුවන් හමුදා ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වූ හුකර් ක‍්‍රීඩක පරාක‍්‍රම රත්නායක උත්සාහක දිනුම් 03 ක් වාර්තා කරමින් කැපී පෙනුණි. එහි එක් ප‍්‍රවර්තනයක් සමගින් දඬුවම් පහරක් නිවැරදි එල්ලයට යොමු කිරීමට නුවන් පෙරේරාට හැකි විය.

ඩිල්ෂාර කෝදාගොඩ 01 ලසන්ත කුමාර 01 සහ මොහොමඞ් අක‍්‍රම් 01 උත්සාහක දිනුම බැගින් වාර්තා කළ අතර එහි එක් ප‍්‍රවර්තනය සහ දඬුවම් පහරක් ප‍්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදි ව යොමු කිරීමට චතුරංග ඩිල්ශාන් පෙරේරා සමත් විය.

මෙම තරගය ගයාන් යටවර මහතා විසින් විනිශ්චය කරන ලදි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment