යුද හමුදාවේ 300 ක් තුර්කියට

258

ප්‍රබල භූ කම්පනයකින් ආපදාවට පත්ව සිටින තුර්කි ජනතාවට සහන සැලසීම සඳහා තුන්සියයක යුද හමුදා සෙබළුන් පිරිසක් තුර්කිය බලා පිටත්ව යෑමට සූදානම්ව සිටින බව යුද හමුදාව සඳහන් කරයි.

එම සහන කණ්ඩායමට අයත් සියලු දෙනා යුද හමුදා වෛද්‍ය බළකායට සහ ඉංජිනේරු බළකායට අයත් සෙබළු වෙති. මේජර් ජෙනරාල්වරයකුගේ නායකත්වය යටතේ මෙරටින් තුර්කය බලා පිටත්ව යෑමට සූදානම්ව සිටින මෙම යුද හමුදා කණ්ඩායමට බ්‍රි‍ගේඩියර්වරයකු ද අයත් වේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ උපදෙස් මත යුද හමුදාව මෙම පියවර ගෙන ඇති අතර මෙරට පිහිටි තුර්කි තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක් සිදු කරන ඕනෑම මොහොතක ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට සූදානම්ව සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් පැවසීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment