යුද හමුදාව නන්දිකඩාල් කාබනික අස්වනු නෙළයි

592

යුද හමුදාව විසින් මුලතිව් නන්දිකඩාල් වෙරළට නුදුරින් මුලතිව් මාන්කුලම් පාරේ කාබනික පොහොර පමණක් භාවිතයෙන් වගා කරන ලද අක්කර 15 කින් පමණ සමන්විත කුඹුරු යායේ අස්වැන්න නෙළීම හා සකස් කිරීම යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතයෙන් තොරව ඉපැරණි ක‍්‍රම වලට අනුව 26 දා සිදු කරනු ලැබීය.

යුද හමුදාව නන්දිකඩාල් කාබනික අස්වනු නෙළයි

දෑකැතිවලින් ගොයම් කපා ගවයින් ලවා කොළ පාගා සුළං බලය උපයෝගී කරගෙන බැත පෑහීමෙන් පැරණි කෘෂිකාර්මික ක‍්‍රම වලට අනුව යුද හමුදා සාමාජිකයෝ වී ලබා ගත්හ.

යුද හමුදාව නන්දිකඩාල් කාබනික අස්වනු නෙළයි

කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ලද මෙම කුඹුරෙන් විශාල ආදායමක් ලැබී තිබූ අතර මේ අවස්ථාවට මුලතිව් ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් වනසිංහ මහතා ඇතුළු යුද හමුදා ප‍්‍රධානීන් රැසක්ද මුලතිව් දිසාපතිවරයා ඇතුළු විශේෂ ආරාධිතයන් රැසක්ද සහාභාගි වී සිටියහ.

දිනසේන රතුගමගේ

සංස්කරණය – ජගත් කණහැරආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment